Monday, July 16, 2012

අඳුරුම රැය

අවසානයේ ඇය විවාපත් උනා. ප්‍රථම ආදරයේ නෂ්ඨාවශේෂ මතින් ඉවතට පා තබලා ඇය ඔහු හා අතිනත ගත්තා. අන්තිම මොහොත වෙනකම්ම මගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක සලකුණක් තිබ්බෙ නෑ කියලා මට මගේ හිතට බොරු කරගන්න බෑ.  ප්‍රාතිහාර්‍ය ගැන මන් අහලා තියෙනවා. ඒත් මගේ ජිවිතේ ප්‍රාතිහාර්‍ය වලට ඉඩක් නෑ කියලා මන් අද ප්‍රත්‍යක්ශයෙන්ම දැන ගත්තා.
කෙනෙක් හිතයි අනුරාධයා එහෙමත් නැත්නම් සමහරු කියන විදියට පණුවා අද මෙන්න අඳෝනා ගහනවා කියලා. බාගවිට අඳෝනාවක් වෙන්න ඇති. ඒත් අවුරුදු දෙකකට කලින් මේ වගේම 'අඳෝනා' නිසා ටිකක් හරි මන් සැහැල්ලු උනා. හරියටම අවුරුදු දෙකකට පස්සෙ එදා දැනුනු හැඟීම ආයෙත් පාරක් මගේ ජීවිතේට ලන් උන නිසා අදත් මන් ලියනවා.
මංගල සාරියෙන් සැරසුන ඇයව වම් පැත්තෙන් තියාගෙන පෝරුවට නගින්න මන් හීන මැව්වා. ඇයගෙත් මගෙන් දෑඟිලි ගැට ගැහෙන හැටි මන් හිතින් මවාගත්තා. ඇයගෙත් මගෙත් මංගල රාත්‍රිය දා ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙන හැටි මට මැවිලා පෙනුනා. ඒ හීන, හීන වලටම එකතු උනේ අද ඊයෙ නෙවෙයි. හරියටම අවුරුදු 2ක්. ඒත් ඒ අවුරුදු 2 පුරාම මගේ හීන නෙත් ඇතුලෙ පෙඟිලා යන්න මන් ඉඩ දුන්නෙ නෑ. ඒත් අද.... අද ඒ හීන සදහටම පෙඟිලා ගියා. අද ගොඩක් කලුවර රැයක්. ඒ කලුවර ඇතුලෙ මගේ හීන ඔක්කොම සැඟවිලා ගියා.
අඩුම ගානෙ ඇගේ ඒ සුවිශේෂි දවසෙදි ඇයට සුභ පතන්නවත් මට ඉඩක් ලැබුනේ නෑ. හෙට ඇගේ උපන්දිනය. ඒ වගේම ඇගේ දෙවෙනි ගමන. ඇය ඇගේ අතිනත ගත් ආදරණීය ස්වාමිපුරුෂයාගෙ නිවසට පැමිණෙන දිනය. ඇගේ ජීවිතයේ වැදගත්ම අවස්තා දෙකක් එකම දිනයේදි. ඇගේ ජීවිතේ සුවිශේෂීම උපන්දිනය. ඇයට කරන්න තරම් සුභ පැතුමක් මට වචන වලට ගොණු කරගන්න බෑ. ඒත් හැමදාමත් මම ඇගේ ජීවිතයට සුභ ප්‍රාර්තනා කලා. ඇගේ 'කිතුනු' ස්වාමිපුරුශයාගෙන් ඒ සුභ නිමිති ඇගේ ජීවිතය එකතු වේවි කියලා මන් විශ්වාස කරනවා. ඒ වගේම මන් ඒය එසේම වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
මීට කලකට ඉහතදි මගේ අතින් ලියවුනු පැදි පෙලක අවසන් පද කිහිපය මට මේ වෙලාවෙ සිහියට එනවා.

සතුට ලැබෙයි නම් ඔහුගේ සෙවනේ
ඔබේ සතුට තාමත් සතුටයි මට
දෙන්නම් නැලවිලි ගීය ලියා මම
මතු උපදින පොඩි පුතු නලවන්නට

27 comments:

  1. අනේ අනුරාධයියෙ... මේක කියවලා ගොඩක් දුක හිතුණා...

    ReplyDelete
  2. කියන්න වචන නෑ අයියෙ......

    ReplyDelete
  3. මේක බ්ලොක් එකේ ලියල හරියනවද පනුවෝ ? ඔච්ච්ච්ර ප්‍රාතිහාර්ය බලාපොරොත්තුවෙන් හිටියනම් ප්‍රාතිහාර්ය වෙන්න ඉස්සෙල්ල හිතේ තිබ්බ දේ ඒ කතට කියන්න තිබුනනේ.

    ReplyDelete
  4. ඔය සන්තෑසිය මට උනේ ගිය මැයි මාසේ... ඕවා ඔහොම තමා මලේ... අපි හිතාන උන්නට කවුරුත් අපේ ලඟ හැමදාම ඉන්නේ නෑ.. එනවා.. යනවා...
    ඒ දෙන්නට එක හිතින් සුභ පතලා හිත හදාගන්න බලමු කොල්ලෝ...

    ReplyDelete
  5. හ්ම්. දුකයි යාළු

    ReplyDelete
  6. මරීනා...මරීනා...(උඹ ඕක කියපු ගමන් මට මතක් වෙන්නේ ඔච්චරයි)

    ගණන් ගන්න එපා බං..අල්ලලා දාහං කියලා කියන්න මට බැහැ... මමත් ඔය කෙලිය හොඳට දන්න හින්දා... උඹට දැන් මොකද වෙන්න ඕන..?

    ReplyDelete
  7. අනුරාධ.. මේ උඹද....
    මං හිතන්නෑ.....
    අනේ මන්දා බං.. මටත් උනා.. වාසල අයියටත් වෙලාලු.. තව මේ ලෝකෙ කීදෙනෙක්ට වෙලාද දන්නෑ.. ම්ම්ම්ම්..

    ReplyDelete
  8. පණුවා මම උබව දැක්කේ නිතරම සැහැල්ලුවෙන් ඉන්න එකෙක් විදිහට,, ඔච්චර බරක් ඔලුවට ගන්න එපා බන්

    ReplyDelete
  9. මටත් ඔය ටිකම උනා කියලා හිතාගනින්කෝ... :'-)

    ReplyDelete
  10. ඩෝන්ට් තින්ක් අබවුට් ඉට්
    ට්‍රයි ටු ෆීල් ලයිෆ් අගේන්

    ReplyDelete
  11. සිටිනා කොදෙව්වක සතුටින් හිදී නම්....
    මවෙතින් ලැබූ ආදරයක් ලැබේනම්...
    මතකය ඔබට හිරිහැරයක් නෙවේනම්....
    තව කුමකටද දුක් ගී ගායනාවන්.....

    ඔහොම කියලා පාඩුවේ හිටු... කාටද බන් ඔහොම ඒවා නොවෙන්නේ......?

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම්........

    ReplyDelete
  13. මොනා කරන්නද මචං. ඕවා ඔහොම තමයි, ඕක නින්ද එකා තමයි දුක දන්නෙ...

    ReplyDelete
  14. ඔවුවා ඔහොම තමා
    බන්...............
    හිතට දුකයි තමා
    ඒත්...............

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්.............

    මටත් මතක් උනේ අභී අයියා කියපු පද ටික තමා......

    ReplyDelete
  16. ඔය වගේ සිද්ධියකටත් මුහුණ දීලා හිත හදාගෙන දැන් වඩා හොඳ කෙනෙක්ගේ අත අරගෙන මාස හයකුත් ගෙවලා ඉන්න මට කියන්න තියෙන්නෙ ඒ දෙන්නට එක හිතින් සුබ පතලා අමාරුවෙන් හරි හිත හදාගනින් මචෝ. ඕක වුනේ හොඳකටයි කියලා හිතහන්. :)

    ReplyDelete
  17. "කිතුනු " කියලා විශේෂ කරලා තිබුනේ මට හිතෙන්නේ ආගම මත විරුද්ද වුනු සම්බන්දයක් කියලා අයියාගේ සම්බන්දෙ.
    මටත් එසේමයි. ඔහුත් අතිනත ගත්තා මීට මාසෙකට විතර කලින්.
    එත් ජිවිතේ ඔහේ ගලාගෙන යනවා. අපිට ඒ ජීවිතේට හැඩගැහෙන්න වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ

    ReplyDelete
  18. නොලැබුණු දේවල් ගැන හිත හදාගන්න යාලුවා ,මමත් ඔය අවස්තාවටම මුහුණ දුන්නා ජීවිතයේ ඒක දවසක ...

    ReplyDelete
  19. ජය වේවා!!!

    වෙන මොනා කියන්නද බං.....

    ReplyDelete
  20. හරිම දුකයි අනුරාධ. ඒත්,ඇය ඔයාව හැර දා ගියද එයාට වෛර ‍නොකර සුභ පැතුවා කියන්නේ ඔයා අවංක හොද පෙම්වතෙක්.මට ඒ ගැන ගොඩක් සතුටුයි. සදාකාලිකවම ආදරය කරන කෙනෙක් ඔයාට ළගදීම හමුවෙයි. මගෙන් සුභ පැතුම්...

    ReplyDelete
  21. E athtamada kyanne.mata hitaganna ba.

    ReplyDelete
  22. 'එයා ගියා නංගි'....මගෙ පපුව ඇතුලෙ ලොකු ගිනිබෝලයක් පත්තු වෙනව වගේ දැනුන අයියේ...ඔයාට මතකද ඔයා මේ කතාව මුලින්ම මට කිව්ව දවස?.එදා වගේම අදත් ඔයාගෙ හිත තේරෙනව මට..ලැබීම් නොලැබීම් මේ ජීවිතය පුරාවටම අපි එක්කම එකට ඉන්නව අයියේ..මේ දවස් ටික ඔහොම ගෙවිල යන්න දෙන්න..ඔයා වගේ එයත් දුක් වෙනව කියල මම හිතන්නෙ නැහැ..ඉතින් ඔයා තනියම දුක් වෙන එකේ පලක් නැහැ..ඔයාගෙ අනාගතය ගොඩාක් ලස්සන එකක් වෙනවා..ඒක ඔයා ඔය යන ගමනින් පේනවා...හිතට වෙර ගන්න සතුටින් ඉදිරි ජීවිතයට මුහුන දෙන්න..ඔයාට පුලුවන් මම දන්නව..සුභ අනාගතයක් අයියේ..හැමදාම වගේ හිනා වෙලා ඉන්න...!!

    ReplyDelete
  23. අනේ මන්දා මල්ලි ඔයාලා එක එක කාලෙට එක එක ඒවානේ කියන්නේ. එතකොට ටූ හාර්ට්ස් එන්ටර්ටේයින්ට්මන්ට් කියලා එකක් කෙනෙක් එක්ක පටන් ගත්තා කිව්වා නේද? එයා ගැන අපට ලඟදිම කියන්නම් කිව්වා නේද? ඒක කිව්ව හැටියටයි, ඒ නමේ හැටියටයි වැඩි දෙනෙක් හිතා තිබුනේ ගෑණු ළමයෙක් ගැන කියනවා කියලා. ඒක වෙලා අවුරුදු 2ක් වුනේ නැහැනේ ළමයෝ....... අනේ මන්දා :(

    ReplyDelete
  24. ජීවිතේ හිමි වීම් වලට වඩා හිමි වීම් බහුලයි. ආදරේටත් ඔය ධර්මතාවේ පොදුයිනේ මචන්. කණගාටු වෙන්න එපා කියල කියන්න බෑ නමුත් හිත හදාගන්න බලපන්...

    ReplyDelete
  25. kiyanna dukai eth oya duka windavalama vitharai goda enna puluvan.

    ReplyDelete
  26. හ්ම්ම්... නොලැබෙන දේට අඬා පලක් නෑ කියලා කියන්න පුළුවන් වුනා නම් කොච්චර හොඳයි කියලා හිතෙනවා.ඒත් ඉතින් මමත් ගිය දෙයක් වෙනුවෙන් හැමදාම අඬන කොට ඔයාට එහෙම කියන්නේ කොහොමද..ඒත් හැමදේම හොඳින් විසඳෙයි.. අනාගතය හොඳ වෙයි.. ඔහොම තමා මම මගේ හිතට කියන්නේ..ඒ ටිකම ඔයාටත් කියන්නම්..

    ReplyDelete