Friday, December 30, 2011

නුඹට පෙනෙන තුරු......

යන්නට යද්දි ඔබගෙන් වෙන්වී
ඔබමයි යලි යලි වලකන්නේ
ඉන්න තනද්දී ඔබටම ලන්වී
ඔබමයි තව ඈතට යන්නේ

ඔබෙ හදවත මත වැතිරී තෙරපී
සුසුමන් වල උණුසුම විඳිමින්
ඉන්න සදා කල් පුරන පිරුම් මන්
ඔබමයි විටකදි බිඳලන්නේ

ඔබෙ සිත නෙපෙනෙන මානෙක තනිවී
මතකය පමණක් දෝත දරාගෙන
ඔබට සුභ පතා යන්නට හැදුවත්
ඔබමයි යලි මා කැඳවන්නේ

යන්න නොහැක අත වනන නිසාවෙන්
ඉන්න නොහැක නෙතු රවන නිසාවෙන්
මැදි වූ සෙනෙහෙස වගුරන මගෙ හිත
නුඹට පෙනෙන තුරු ඉන්නම් මෙලෙසින්

4 comments:

  1. හ්ම්ම් දුක හිතුනා ගොඩාරියක්..
    මොනා කරන්නද
    හැබැයි තීරණයක්‌ ගන්න එක තමයි හොද, යනවද? ඉන්නවද? කියලා

    ReplyDelete
  2. ලස්සනම ලස්සනයි...
    මේ කියන්නේ අර ඉන්දියන් එක්කෙනාටද?:D

    ReplyDelete
  3. මොනා කරන්නද ඉතින්

    ReplyDelete