Friday, December 16, 2011

හෙලිදරව්ව

පහුගිය දෙසැම්බර් හත් වෙනිදා අනන්තය ඔබට ප්‍රශ්නයක් ඉතිරි කරලා ගියා ඔබට මතක ඇති. ඒ ගැන ඔයලා මොන විදියට අනුමාන කලාද කියන්න මම දන්නෙ නෑ. ඔන්න ඒ ප්‍රශ්ණය ඔයාලගෙ හිත් වලින් අයින් කරන්න තමයි මම සූදානම් වෙන්නෙ. ඊට කලින් මෙන්න මේ වීඩියෝව බලලා ඉන්නකො.



එදා ඔබ දැක්ක අර්ධ සම්පූර්ණ වීඩියෝවෙ සම්පූර්ණ වීඩියෝව තමයි ඔය. වීඩියෝව ගැන විස්තර කරන්න කලින් මන් අහන්නම් පොඩි ප්‍රශ්නයක්.
මතකද WHO ?
විනෝදෙට හදපු මගේ පලවෙනි කෙටි චිත්‍රපටිය......
අමතක කෙනෙක් හරි දන්නෙ නැති කෙනෙක් හරි ඉන්නවනම් මේන්න ගිහිල්ලා බලලා එන්න.
WHO-SHORT FILM

ඒක බැලුව අය දන්නවා ඇති ෆිල්ම් එක පටන් ගනිද්දි යන්නේ ANU FILM PRESENTS කියලා බව. ඒක එදා ඒ නිකන් ඔහේ දාන්න දෙයක් නැතුවට දාපු නමක්. පස්සෙ හරි නමකින් වැඩේ පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනා. අන්න ඒ බලාපොරොත්තුවෙ මල්පල ගැන්වීම තමයි  TWO HEARTS ENTERTAINMENTS කියන්නේ.  මෙතැන් පටන් මම කරන සෑම නිර්මාණයක්ම එලියට එන්නේ ඔන්න ඔය නමින්. හරියටම කිව්වොත් ඕක තමයි මෙතැන් සිට මගේ ප්‍රඩක්ශන් කම්පැනි එක.
ඒත් එක්කම කියන්න ඕන මේ ප්‍රඩක්ශන් කම්පැනියේ තවත් එක හවුල් කාරයෙකුත් ඉන්නවා. ඒ කෙනයි මමයි එකතු වෙලා තමයි මේක පටන් ගන්න අඩිතාලම දැම්මේ. කොටින්ම මේ නම පවා සැනින් තහවරු කලේ ඒ කෙනා. නමුත් පොඩි පොඩි අවහිරතා කීපයක් නිසා එයාට දැනට මේකට සෘජුව සම්බන්ද වෙන්න හැකියාවක් නෑ. තවම වක්‍ර ලෙස සම්බන්ද වෙමින් අදහස් යෝජනා වලින් පමණයි ඒ කෙනා මේකට දායක වෙන්නේ. ඒත් මම බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්ම ඒ කෙනාගෙ සෘජු දායකත්වය මේ සඳහා ලැබෙයි කියලා. මගෙන් අහන්නනම් එපා ඒ කෙනා කවුද කියලා. බලමු. ඒ කෙනාගෙ දායකත්වය හරි හැටි ලබාගන්න පුලුවන් උන දවසක මම ඒ කෙනා ගැන හෙලි කරන්නම්. ඒතකම් එහෙම කෙනෙක් ඉන්නවා කියලා විතරක් දැනන් ඉන්නකො. දැනට ඒක රහසක්. :D

එහෙනම් ඔන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉස්සරහට TWO HEARTS ENTERTAINMENTS වලින් කෙරෙන නොයෙක් නිර්මාණයන් ඔයාලට බලාගන්න පුලුවන් වේවි. 

තවත් ආරංචියක් තියෙනවා. ම්ම්ම්ම්ම්. ඒක වචනයෙන් කියන්න ඕන නෑ. පල්ලෙහා බැලුවම ඔයාලට ඒක තෙරේයි.


එහෙනම් රැඳිලා ඉන්න අනන්තයත් එක්ක. මේ දේවල් අනන්තයෙන්ම විතරයි.

23 comments:

  1. මට නෙමෙයි බන් මේ අපේ අල්ලපු ගෙදර ආච්චිට ඕනේලු කෙනා දැන ගන්න
    කියුකෝ කෙනා ????

    ReplyDelete
  2. අපේ ඉස්සරහා ගෙදර නංගිටත් දැනගන්ටොනලු.. කවුද ඔය ? ගැණු ළමයෙක් වත්ද ? :D

    ReplyDelete
  3. ආව්ව්ව්ව්ව්ව්ව්. සන්තෝසෙ බෑහෑ....නියමයි ආරම්භය... ඔහොමම යා !!! ජය වේවා මල්ලියා !!!! ආඩම්බරයි !

    ටූ හාට්ස් මෙව්ව එක ඉක්මනට කියනවදෝ??? අල්ලපු ගෙදර ආච්චිත් පව්නෙ හැබෑට වෑෆාගේ :) හකිස්

    ReplyDelete
  4. ප.ලි/ ඔය මෙව්ව මෙව්ව එක්කෙනාව අපිත් දැනගන්ට ආසයි පනුවෝ... කියු කියු :)

    ReplyDelete
  5. ඒ කියුකෝ.. අපිත් දන්න කෙනෙක්ද පණු මල්ලියේ එයා...

    ReplyDelete
  6. නියමයි... සුබ පැතුම්.. මේ අර කෙනා කවුද දන්නේ නෑ නේද? ;)

    ReplyDelete
  7. සුභ පැතුම් මචං...!!!

    ReplyDelete
  8. අනිත් හාර්ට් එක?

    ReplyDelete
  9. ගුඩ් ලක්!

    එදා උඔත් එක්ක කතා කරද්දි උඔට දැනෙන්න ඇතිනෙ මේ ගැන මම කොච්චර උනන්දුද කියලා. ඒක් මට වෙලාවක් නෑ. ඒත් අමතක කරන්නැ... උඔගේ නිර්මාණ බලන්න එක කට්ටියගේ ස්තිර සාමාජිකයෙක් වෙනවා මම. ඒ වගේම මේක සිතන විදිහටම සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රර්ථනාත් කරනවා.

    ReplyDelete
  10. අඩෝ . . නියමයි මචං . . . නියමම වැඩක් . . . උඹට, උඹල දෙන්නට සහ උඹලෑ පුංචි කොම්පැනියට "ලොකූ" ඉදිරිගමනක් පතනව . . . . ජය වේවා . . . . !!!!

    ප.ලි.
    වැපාලෑ අල්ලපු ගෙදර ආච්චියි බනියලෑ අල්ලපු ගෙදර නංගියි පවු මචං. . . . .

    ReplyDelete
  11. ඇත්තටම විශ්ෂ්ටයි.. අපිත් ඉන්නවා ඔයාත් එක්ක..

    ReplyDelete
  12. සුබ පැතුම් සහෝ. ඉදිරියමට යන්නට..!!! :)

    ReplyDelete
  13. සුභ පැතුම් මචෝ!! ජයෙන් ජයම වේවා!!!!

    ReplyDelete
  14. ජය වේවා මචං පනූස්...

    උඹලගේ මේ කොම්පැණියට දිගු ගමනක් යන්න වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  15. Ade sira machan :-D jayen jayama wentona ehenam :-D issarahata apita supiri wada tikak balagaththakine :-D ela elazzz :-D

    ReplyDelete
  16. අඩේ අද බං දැක්කේ. මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  17. කොන්ග්‍රැට්ස් බ්‍රො....
    කීප් ඉට් අප් බ්‍රො....
    යූ කැන් ඩූ ඉට් බ්‍රො....

    චියර්ස්ස්ස්ස්ස්ස්!!!!!!!!

    ඔන්න තෝ කියපු නිසාම දිරිගන්වලා යන්න ආවා....

    ජය වේවා!!!

    ReplyDelete
  18. නියමයි මචං, උඹලා දෙන්නට දිගු ගමනක් යන්න ලැබේවා..!!!, කවුද බන් අනිත් හාට් එක, අපි දන්න කියන කෙනෙක්ද....

    ReplyDelete
  19. ප්‍රතිචාර දැක්වූ සියලූම දෙනාට ස්තූතියි....

    බනියෝ තොගේ ඉස්සරහ ගෙදර නංගිව මට මුන ගස්සපන්. මන් ඒ ලමයටම කියන්නම්. :D

    ReplyDelete
  20. ඇයි වැපාගේ අල්ලපු ගෙදර ආච්චි එපාද බං මල්ලි.......... සුභ පතනවා....... ඒ වගේම අලුත්ම වැඩේ දැක ගන්න බලාගෙන ඉන්නවා...... කීප් ඉට් අප් මල්ලි.........

    ReplyDelete
  21. මේ පෝස්ට් එක කලින් බලන්න බැරි උනා ඈ . . . අළුත්වැඩක් . . මගේ සුභ පැතුම් මල්ලියා

    ReplyDelete
  22. E aththatama kauda danne na neda.aduma gane matawath kyanna barida?

    ReplyDelete