Tuesday, December 13, 2011

හීන

අල්ලාගෙන ඔය සුරතින්
පාර දිගේ එහා මෙහා
ඇවිද යන්න සඳ එලියක
හීන මැව්වා මන්

ලුණු රස සුලඟේ වැදි වැදි
තුරුල් වෙලා එක කුඩයක
ඉර ගිලෙනා හැටි බලන්න
හීන මැව්වා මන්

තරු වියනක අඩ අඳුරක
නුඹේ හිතට තුරුලු වෙලා
ආදරේ ගැන ඉගෙන ගන්න
හීන මැව්වා මන්

මල් උයනක ගස් හෙවනක
ඔබේ මිහිරි බස් අසාන
කම්බුල් පෙති රතු කරන්න
හීන මැව්වා මන්

මටත් හොරෙන් ඔබ ගියාම
මගේ හීන සඟවාගෙන
ඔබේ හීන එලිවෙන්නට
හීන මවන මන්

6 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. සුන්දරයි.. දුකායි

    පිපුනු පියුමක
    දුටුව හීනෙක
    අහිමි බව දැන්
    දනි මම....

    ReplyDelete
  3. මේක කවියක් නෙවී, මේක සිංදුවක් අනුරාධ..!
    හරි අපූරුයි..! සරළයි..!
    ජය!

    ReplyDelete
  4. හරිම ලස්සන හීනයක්නේ... හැබැයි ඉතින් අන්තිමේ හීන සේරම ඉවරයිනේ.. මොකද ඊළඟ හීනේවත් හැබෑ කරගන්න බැලුවොත් :)

    ReplyDelete