Saturday, November 26, 2011

මිතුදම නාමෙන්......

 නුඹේ වදන් මත නැවතුනු නෙත අග
පොපියන කඳුලට සමු දීලා
පෑරුනු සිත ගෙන කෙලෙසක යන්නද
විශ්ම්ත ඇසුරින් ඉගිලීලා

ඉරී තැලුණු රුදු කර්කශ කතරක
ගිනියම් අව්වෙහි තනිකරලා
හිතුවේ කෙලෙසද මා යයි කියලා
මේ මිතු දම ඉවතක හෙලලා

යුතුකම් ඇත අපමණ ඉටු කෙරුමට
මිතුදම නාමෙන් ලොව මැවිලා
නුඹේ සිනාවට ජීවය පිඹිමින්
ඉන්නම් නිරතුරු ලඟ රැඳිලා

7 comments:

  1. ෂාහ් නියම කවිකාරයෙක්නේ :)

    ReplyDelete
  2. ලස්සනයි යාළුවා..

    ReplyDelete
  3. නුඹ සිනාවට ජීවය පිඹිමින්
    ඉන්නම් නිරතුරු ලඟ රැඳිලා..
    හරිම ලස්සනයි,.

    ReplyDelete
  4. නුඹේ සිනාවට ජීවය පිඹිමින්
    ඉන්නම් නිරතුරු ලඟ රැඳිලා

    අපූරුයි

    ReplyDelete
  5. හරිම ලස්සනයි අයියා පද ටික

    ReplyDelete