Thursday, November 24, 2011

කුමරුන් වැඩියද?

මලවිගෙ හී රැඳුනිද හදවත මත
ප්‍රේමයෙ මල් දම් එතුනිද ගෙල වට
ආල හැඟුම් තෙරපෙයිදෝ හිත යට
කුමරුන් වැඩියද සෙලවූ ඔය සිත

ඔබෙ හිත ගස්සා හදවත අල්ලා
පෙම් දිය දහරින් දිවියම නහවා
සුදු අසු පිට නැග ඈතක ඉඳලා
රෝස මලක් ගෙන  වැඩියද කුමරා

මල වට සරනා බඹරුන් වාගේ
කුමරුන් සිටියත් පතමින් ආලේ
හඳුනාගන්නා හදවත් රාවේ
කෙනා වඩින තුරු මග බැලුවානේ

එකට පා තබා එක මග යන්නට
පැතූ කෙනා ලැබුනාදෝ දිවියට
එහෙනම් කුමරියෙ ලඟදිම දවසක
හැඬවෙයි මංගල සීනුව දොරකඩ

7 comments:

  1. සූටි කාලෙ "රෝස මලේ නටුවෙ කටු"
    කියල ඉගෙන ගන්නෙ කට කහනවට නෙවේනේ :)

    ReplyDelete
  2. අනුරාධ , මට ඔබතුමාගේ ඊ මේල් ලිපිනය එවන්න පුළුවන්ද . මගේ ඊ මේල් ලිපිනය viyamana.art@gmail.com මේකට මේල් එකක් දාන්න .

    ReplyDelete
  3. කොයි කුමරෙක්ද මේ...

    ලස්සන කවිය අයියා..පරණ අනුරාධ ගොඩ කාලෙකින්..

    ReplyDelete
  4. ආ හරි වගේ එහෙනම්...හික්ස්...

    ReplyDelete
  5. අපූරු පද පෙළ

    ReplyDelete