Wednesday, June 1, 2011

නමක් නැති කවි 15


මගේ ජීවිතේ
ඇරපු පොතක් වගේ,
හිතේ හැටියට කියවන්න
කියලා විතරයි
මම
උඹට කිව්වෙ
උඹ
ඒකෙ ඕනම
පිටු ටික
ඉරාගෙන ගියා

18 comments:

  1. අයියෝ.... පව් නේ..
    මෙහෙමත් යාලුවො ඈ..

    ReplyDelete
  2. කෙල්ලෙක් ගැනද කිව්වේ....

    ReplyDelete
  3. අලුතින් ප්‍රින්ට් කරලා අලවගනින් :P

    ReplyDelete
  4. ඕක ඉතින් අලුතෙන් ලියලා කටු ටිකක්වත් ගහලා ශේප් කරගන්න් කටු ගහන වැඩේ උබට හොදට පුලුවන්නෙ... හික්ස් මෙහෙම කියන්න හොදද මන්දා උබ මොන මූඩ් එකෙන් ඉන්නවද දන්නෑනෙ

    ReplyDelete
  5. අපරාදේ පි‍ටු ටික. පොත් වල පි‍ටු ඉරන්න හොඳ නැහැනේ....

    ReplyDelete
  6. ඉරා ගිය පිටුවල
    පුරා ඇත සෝකය
    සේම පෙර මතකය
    නැත නැත
    ඉරා ගෙන ගිය
    එකමයි කාරිය

    ReplyDelete
  7. ඉතුරු කොල ටික පොටෝ කොපි කරලා තියාගනින්. ආයේ දෙන කෙනාට කොපිය දීපන්. ඒක පොත පිටින්ම අරන් ගියත් කමක් නෑනේ ඔරිජිනල් එක උඹ ගාවනේ :D

    ReplyDelete
  8. තනෝජා අක්කා කියූ දේට ප්ලස් දමමි....
    මම මල්ලි උඹට චෑට් එකෙ මේ ගෑන කියන්නම් :)

    ReplyDelete
  9. ඉරාගෙන යන්නට
    මතක පිටු ගොන්නක් තුරුළු කර
    ඇයි නුඹ දිග හැරියෙ මුළු පොතම
    පුදුමයි..
    නුඹව ඉතුරු කළ අරුමය...........:-D

    ReplyDelete
  10. පොත උබේ නම්
    පොතට උබ ආදරේ නම්
    කියවන එකෙකුට කියවන්න කියලා
    ලග ඉදන් බලා නොහිටියේ ඇයි..... :පි

    ReplyDelete
  11. හරිම අපූරුයි යාළු

    ReplyDelete
  12. කෙටියි
    වදිනවා
    මරු
    ස්තූතියි..!
    :)

    ReplyDelete
  13. ඉතුරු පිටු ටිකවත් පරිස්සම් කර ගත්තොත් හොඳා .....

    ReplyDelete
  14. වචන ටිකයි..බොහොම පැහැදිලී..
    හරියට කෙනෙක් ජිවිතේට ඇවිත්.. heart එකම ගලවන් ගියා ව්ගේ..

    ReplyDelete
  15. ඉරු පිටු අතරින් මතුවී
    උඹට මා පෙනේවී
    සත්‍යය බොහෝ කටුකය
    ඉතිරි පිටුවල එය ඇත !

    ReplyDelete
  16. අදමයි ඔයාගෙ බ්ලොග් අඩවියට ආවෙ.ලස්සනට පද ගලපලා.වටින කියන දේවල් කාටවත් අරන් යන්න බෑරි විදියට තියාගන්න.එතකොට පස්සෙ පසුතෑවිලි වෙන්න වෙන්නෙ නෑ හුගාක්.විශේශයෙන් ආදරේ.

    ReplyDelete
  17. ඉරා ගත් පිටු ටික
    ඕනේ නම් ගනින්
    ආයෙත්
    දෙන්නම් උඹට
    මගේ පිටුත් එක්ක
    මට දැන් ඇති වෙලා
    මේ බියකරු කතාව
    ගනින් උඹම
    උඹේ මේ පිටු ටික...

    ReplyDelete