Thursday, February 17, 2011

ඉතුරු භාගේ........???

අපේ අක්කන්ඩි මේ දවස් වල තැන තැන කිය කිය යනවා භාග සීන් එකක්.... නෑ...නෑ...... බොලලා ඔය හිතන භාගයක් ගැන නෙවෙයි. මොකද අපේ හීනියට අනුමත වෙන උදවියට භාගේ කිව්ව ගමන් මතක් වෙන්නෙ වෙන දේවල්නෙ...... තනි මිනිසෙක් කියන්නෙ භාගයක්ය. අපේ ඉතුරු භාගෙත් ඔය කොහේ හරි ඇතිය. ඒ භාගේ හොයාගන්න ඕනය කියලා තමයි එයානම් කියන්නෙ. මන් කියන්නෙ බොරු කියලා හිතෙනවනම් මෙන්න මේක කියවලා බලන්නකො. ඔය ඒයාම එයාගෙ කී බෝඩ් අකුරෙන් කොටපුවා..... මොකද්දෝ ග්‍රීක කතාවකුත් උදාහරණෙකට අරගෙන එයා ඒක බොහොම විද්‍යානුකූලව(ද මන්දා) ඔප්පු කරන්න සෑහෙන උත්සහයක යෙදිලා තියෙනවා. දැන් ඕක කියවලා අපේ කෙල්ලො කොල්ලො තම තමුන්ගේ ඉතුරු භාගේ හොයාගෙන මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කොරලද දන්නෙ නෑ මේ ඩිංගටම. අනේ ඉතින් හැමෝටම ඔය විදියට තමුන්ගේ ඉතුරු භාගේ හම්බ වෙනවනම් කොයි තරම් දෙයක්ද.
          මන් මේ කල්පනා කලේ ඔය කියන කතාව ඇත්තක්ම නම් මන් දැන්නෙ ඉන්නෙ මෙන්න මේ විදියට.

 හත්වලාමයි. එත්කොට කෝ මගේ ඉතුරු භාගේ.  කොහේද ඒක. කවුරු හරි දන්නවද ඒක කෝ කියලා. හලේ..... දැන් ඉතින් මාත් මගේ ඉතුරු භාගේ හොයමින් ආරම්භ කරන්න ඕන මහා මෙහෙයුමක්.
       මොනාද හලෝ!!!!! මේ වගේ වැඩකට නැති දහ ජරා තුප්පහි බ්ලොග් පෝස්ට් එකක් කියව කියව ඉන්න වෙලාවෙ, දෙනවකො මගේ ඉතුරු භාගෙ හොයාගන්න පොඩි සප් එකක්...... :D


 සාරාංශය :  දෙනවකො මගේ ඉතුරු භාගෙ හොයාගන්න පොඩි සප් එකක්

12 comments:

  1. භාගයක් පිරුන බෝතලේ = භාගයක් හිස් බෝතලේ

    ඒ අනුව

    පිරුන බෝතලේ = හිස් බෝතලේ

    ReplyDelete
  2. ඉතුරු භාගේ හොයනකම් ඔය තියන භාගේ අද පිනක් දහමක් කරන් පන්සලකට එහෙම ගිහින් අදවවත් පිනක් කරගත්තොත් නරකද අයියේ????:D

    ReplyDelete
  3. අර කිව්වත් වගේ පිනක් දහමක් කොරහං මලේ..සමහර විට හම්බු වෙයි..

    ReplyDelete
  4. උඹ බොරුවට බාගයක කතාවක් දාලා බ්ලොග් එකෙන් ගොඩ යන්න නේද බලන්නේ :-D

    ReplyDelete
  5. ඉතුරු භාගේ අනු අයියේ මග වැටිලා මගේ හිතේ..නැත්නම්...කොහේ හරි හොදට ඇති...බය වෙන්න එපා ඔය කොහෙන් හරි හම්බෙන් නැතැයි.. :P

    ReplyDelete
  6. ඉතුරු භාගේ නේද? ඒක තමයි ප්‍රශ්නේ!!!

    ReplyDelete
  7. ඕක ගැන ඔච්චර හිතන්න ඕනයැ මේ අනන්තයට යන ගමන්... අනන්තයට යන පාර දිගේ ඇස් ඇරගෙන ගියොත්, මඟ කොහේදි හරි හම්බෙයිනෙ බන්, අනේ, මලේ, පුතේ..

    ReplyDelete
  8. හික්ස්... ඉතුරු භාගෙට හොඳ කෑල්ල්ක් ද හොයන්නේ... හම්බවේ ඔහොම යනකොට... හික්ස් හික්ස්..

    ReplyDelete
  9. හා හොයමු හොයමු මෙයාගේ ඉතිරි භාගේ.

    ReplyDelete
  10. @Observer
    ඔය ඔය මන් කිව්වෙ නැද්ද. භාගෙ කිව්ව ගමන් කට්ටියට මතක් වෙන්නෙ බෝතලේම තමයි. අඩුමගානෙ පාන් භාගයක්වත් මතක් වෙන්නෙ නැති හැටි.... :D

    @හා පැටික්කි (MS)
    තියෙන්නෙ භාගයයි කියලා දැනගත්ත වෙලේ ඉඳන් කිසිම දෙයක් කරනන් හිතක් නෑ නංගි. අනෙක් භාගෙ හොයාගන්නමයි හිත.... :D

    @මාරයාගේ හෝරාව
    කිව්වත් වගේ අනිත් භාගේ පන්සල් ඇවිත් ඉන්නත් බැරි නෑ. ලබන පෝයටවත් බලමු එහෙනම්....

    @ම
    ලිපියේ නියම අර්ථය වටහා ගත්තේ උඹ විතරයි මරේ අයියේ....... :D

    @Pathum Punchihewa
    හෑ.... ඔහොම ලේසියෙන් වගකීම් වලින් ලිස්සලා යන්නද කල්පනාව..... හෙල්ප් කොරපිය මට ඉතුරු භාගෙ හොයාගන්ට..... :D

    @නිම්ශා
    අනේ ඔව් නගේ.... ඉතුරු භාගේ නැතුව ජීවිතේම නීරසයි වගේ.... භාගෙකින් කොහොමද හරි හැටි ජීවත් වෙන්නෙ..... බලමුකො..... හොයන්නාට හම්බු වේලුනේ..... නැද්ද..... :D

    @දිනේශ් දීපාල්
    ප්‍රශ්ණෙට විසඳුමක් දීහංකෝ බන්ස්...... :D

    @ තනෝජා රාජපක්‍ෂ
    හම්බ වෙයි කියලා හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ශුවර්ද බන් අක්කේ, ඇන්ටියේ....... :D

    @Hipo
    හප්පච්චියේ හිපෝව දකින්න තියෙන අමාරුවක්. කොහෑදෑ හංගෙන්නෙ කාලෙන් කාලෙට...... දැන් ඉතින් ආයේ හැංගෙන්නෙ නැතුව මට සප් එකක් දුන්නොත් හොඳා ඉතුරු භාගෙට හොඳ කෑල්ලක් හොයාගන්ට..... :D

    @ayesha
    ඇති යාන්තම් ඔයාටවත් මා ගැන කරුණාවක් ඇති උනා. එල එහෙනම්..... හොයමු හොයමු......

    ReplyDelete
  11. අනුරාධ අයියා මාත් හෙවිල්ලට එන්ටර් වෙන්නද???? මට නං මගේ තියන බාගෙ හොදයි තව බාග එපා....

    ReplyDelete