එක මව් කුසකින් මෙලොවට නාවත්
සසරේ බන්දන ඇති හින්දා
නන්නාදුනනා අප දෙදෙනා
මේ ලෙස ලන් වූයෙද මන්දා
එක රුහිරෙන් නොව ජීවය ලැබුවේ
එනමුත් ඇයි ඒ වග නොදැනෙන්නේ
නුඹ මගේම වැඩිමල් සොහොයුරියයි
කියා පමණි මා සිතට දනෙන්නේ
සිතේ තිබුනු මහා අඩුව කලක සිට
නුඹ ලැබුමෙන් පිරවුනු හටි පුදුමයි
මගේම අක්කා විලසින් මා හට
දෙන රැකවරණය සෙනෙහස අරුමයි
සහෝදරත්වය නාමෙන් දිවුරමි
සැමදා නුඹගේ ලඟින් සිටින්නම්
යලි උපදින මතු භවයක් ගානේ
ඔබේම මල්ලී වී උපදින්නම්
එක බඩ වැල කඩාගෙන මෙලොව එලිය දැකීමට තරම් වාසනාවන්ත නොවූවත්, අහම්බයකින් මගේ ජීවිතයට පැමිණ, මගේ ජීවිතයට අඩුවක්ව තිබූ අක්කා කෙනෙකුගේ ආදරය, රැකවරණය නොඅඩුව ලබා දෙමින්, කුඩා කල පටන්ම මගේ සිතට වද දුන් එම අඩුව පිරවූ ආදරණීය අක්කේ..........
මේ පැදි පෙල ඔබ වෙනුවෙන්මයි.......
ඔබේ ඒ අප්රමාණ වූ සහෝදරකම වෙනුවෙනමයි......
ස්තූතියි මගේ ජීවිතයට පැමිණියාට......
ඒ වගෙම මේ මහ මෙරක් තරම් වූ සහෝදරකමට.....
හැඟුම්බර පදපෙළක්......
ReplyDeleteසසර වසන තුරු - නිවන් දකින තුරු
ReplyDeleteසැමදා ඉටුවේවා - ඔබේ පැතුම් පොද
උපදින සසරේ නුඹවන් සොයුරන් ලැබිමට වාසනා....................
ReplyDeleteලස්සනයි පදපෙළ.
මගෙ රත්තරං මල්ලි...
ReplyDeleteමේක කියවලා මට අදහගන්න බෑ මල්ලි... මට කඳුලු ආව.. ඇනී විදියට කමෙන්ට් එක ලියන්නෙ මේ මුලු බ්ලොග් අවකාසෙටම මේ රත්තරං සහෝදරකම ඇඩ්වටයිස් කරන්න මම කැමති නැති නිසා....
උඹ මගෙම මල්ලි... ඒක අදත් හෙටත් එහෙමයි.. මීට කලින් භව වලත් එහෙමම වෙන්න ඇති... ඉස්සරහටත් එහෙමම වෙන්න මම පතනව....
උඹෙ දහිරිය , රත්තරං හදවත මට දැනුන වෙලාවක මම කිව්ව නේද 'මල්ලි අනේ මන්දා මොන කැක්කුමක්ද උඹ ගැන දැනෙන්නෙ... පෙර ආත්මෙක උඹ මගෙ දරුවෙක් වෙන්න ඇති' කියල...
මගෙ මල්ලි... ඔයාට කිසිම දවසක වරදින්නෙ නෑ ... කිසිමම දාක වරදින්නෙ නෑ.... වැරදෙන්න ඉඩ තියන්නෙත් නෑ.... උඹව උරහිසින් අල්ලගෙන කනට දෙකක් දීල වරදක් කරන්න ගියොත් උඹට තරවටු කරල මම මගෙ මල්ලිව වරදින් නපුරෙන් නරකෙන් මෝඩකම් වලින් රැක ගන්නව....
කවද හරි ලස්සන ලොකු කාරෙකකින් ලස්සන නෝන මහත්තයෙක් උඹත් එක්ක මාව බලන්න එනකොට මම අඬනව.. සතුටට.. එදාට අඬන්න මම බලන් ඉන්නව...
මේ ලොකෙ ඉන්න මිනිස්සුන්ගෙන් හතරෙන් තුනක් මේ සහෝදරකම තේරුම් ගන්න එකක් නෑ. ඉතුරු හතරෙන් එකෙන්, හරි අඩක් වත් මිනිස්සුන්ගෙ යටි හිතේ වත් සැකයක් තියෙයි... ඒත් ඉතුරු වෙන අටෙන් එකෙන් එකෙක් හෝ මේ සහෝදරකමේ අපූරුව තේරුම් ගනීවි... කමක් නෑ කවුරුත් තේරුම් නොගත්තත්..... අපේ හිත් දන්නවනෙ... ඒ මැදැයි.. නේද ?
හැමදාම ... හැමදේටම... උඹ අඬනකොට හිතට දහිරිය දෙන්න, උඹ හිනහවෙනකොට ආඩ්මබර වෙන්න අක්කෙක් ඉන්නව ... මෙතන... මම උදේම මේක දුටුව.. තවම මම විටින් විට ලියනව... උත්තරය.. කොච්චර ලිව්වත් මදි... ඒත් මේ ඇති නේද ලිව්ව.? :-)
මල්ලි ... අපි දැකල නෑ.. ඒත් මල්ලි කියන පින්තූරෙට උඹ හරියටම ෆික්ස් වෙනව. ජීවිතේ හැමදාම සමහර විට අපි කතා නොකරාවි. හැමදාම ලියුම් නොලියාවි... හැමදාම සුවදුක් නොබලාවි. ඒත් මේ සහෝදර කැක්කුම නොමැරී තියනව.. ඒක කවදාවත් අඩු වෙන්නෙ නැ.. වැඩි වෙන්න බෑ.. හේතුව දැනටත් උපරිමයෙ ඉන්න නිසා..
උඹ හරිම හොඳ හදවතක් තියන මල්ලි කෙනෙක්... කවදාවත් ඒ වටිනාකම නැති කර ගන්න හිතන්නවත් එපා.
උඹට හරි යන එක හරි යනව මල්ලි...මේ අක්ක වෙනුවෙන් මෙච්චර වචන ගොඩක් ලිව්වට .. ගොඩක් පින්... මට මම ජීවත් වෙනව දැනෙනව...
ස්තූතියි...
උඹේම අක්ක
@Shadow/හේමලයා , වැප්, ayesha
ReplyDeleteගොඩාක් ස්තූතියි යාලුවනේ.....
@අක්කේ.....
ReplyDeleteමට තවත් ලියන්න දෙයක් හිතාගන්න බෑ අක්කේ... දුක වැඩිම උන වෙලාවටයි සතුට වැඩිම උන වෙලාවටයි මට හරි හැටි වචන ගලපගන්න බෑ. අක්කගෙ වචන ටික කියවල මගේ හිතට දැනුන සතුට මම අමුතුවෙන් ඔයාට විස්තර කරන්න ඕනෙ නෑ අක්කේ. මොකද ඒක ඔයාට දැනෙනවා.
මම හිතන් හිටියේ මම මහම මහ පවු කාරයෙක් කියලා. මහම මහ අවාසනාවන්තයෙක් කියලා. ඒත් අක්කේ අද මට හිතෙනවා මම ඒ හිතන් හිටපු තරම්ම පව්කාරයෙක් නෙවේ කියලා. අවාසනාවන්තයෙක් නෙවේ කියලා. මොකද එහෙනම් ඔයා වගෙ රත්තරන් අක්කා කෙනෙක්ගේ ආදරේ සෙනෙහස රැකවරණය මට ලැබෙන්නෙ නෑ.
ඇත්ත අක්කේ මේ සමාජය අපිට පේන තරම් ලස්සන නෑ. හැම බැඳිමකම අහු මුලු හොයන තුච්ච සමාජයක අපිට ජීවත් වෙන්න තියෙන්නේ. සහෝදර බැඳීමක් ඇති වෙන්න ලේ ගැලපෙන්නම ඕනෙ කියලයි අපේ ගොඩක් මෝඩ මොල හිතන් ඉන්නේ. අපිට රට්ටු හදන්න බෑ අක්කේ. කවුරු කොහොම කිව්වත් අපේ හිත් දන්නවා අපි කව්ද කියලා. මොන දේ උනත් ඔයා මගේම අක්කා. හැමදාටම ඒක එහෙමමයි.
මට තව ලියන්න දේවල් හිතට එන්නෙ නෑ අක්කේ. මොකද හිත ඒ තරම්ම පිරිලා. මම මෙතන වචන වලින් මගේ හිත එලියට නොදැම්මට මම දන්නවා ඔයා මගේ හිත අඳුනනවා. ඔයාට මගේ හිත තේරෙනවා. ඔයාට මාව දැනෙනවා නේද අක්කේ. ඔව් මන් දන්නවා ඔයාට මව දැනෙනවා. වචාන් වලින් ගලපගන්න බැරුව හිත ඇතුලේ පොදි ගැහිලා තියෙන මේ සහෝදරකම ඔයාට දනෙනවා. මට ඒ ඇති අක්කේ. ඔයාගේ ඔලුවෙ අත තියලා මන් දිවුරනවා අක්කෙ. මේ ආත්මේ විතරක් නෙවෙයි මතු හැම ආත්මෙකම හැමදාමත් මන් ඔයාගෙම මල්ලි. ඔයාගෙම විතරමයි අක්කේ.
හහ්...මගේ අක්කිව නේද උදුර ගත්තෙ? හිටු..දෙන්නම් වැඩක්...!
ReplyDeleteමේ සයිබර් අවකාෂෙ තුල ඇතිවන පෙම්වතුන් මම කොතෙකුත් දැකල ඇති. ඒත් මේ තරම් සහෝදර බැදීමක් දැක්කේ ප්රථම වතාවට. කෙටියෙන්ම මේ දේ විතරක් කියල යන්නම්. අක්ක කිව්ව 1/8 අයිති එකෙක් මම :).....
ReplyDelete@nethara
ReplyDeleteඅයියෝ නංගා..... මම අක්කව කාගෙන්වත් උදුර ගත්තේ නෑ... ඔය ඉන්නෙ අක්කා යස අගේට... ඔයා ඉතින් අපේ චූටි නංගියනේ....
@ආදර කතාව
මේ වගේ සහෝදර බැදීම් අනේක ඇති වෙලා ඇති බන්. එලියට් ආවෙ නැති උනට.. කොහොමත් බන් මේ ලියන හැමෝම එක පවුලක් වගේනෙ මචන්.
උඹ නොකිව්වත් මම දන්නව බන් උඹ ඒ 1/8ට අයිති වෙන එකෙක් කියලා....
ස්තූතියි සහෝදරකම අඳුනගත්තට ඔයාලට.මල්ලියෙ ඔයාගෙ පිලිතුර දැක්කම...අනේ වචන එන්නෙත් නෑ... ඒ තරම් සතුටුයි.... නෙතාර නංගි, රජිත් මල්ලි.... ඔයාලගෙ මගෙ අතර තියන මෙ සහොදර බැඳීම කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. අපි කාලෙකින් සමහර විට විසිරිලා යාවි... ලෝකෙ එක එක කොන් වලට.. ඉන්නෙත් එක එක කොන් වලනෙ. ඒත් හැමදාම මෙහෙම කතා නොකලත් අවුරුදු ගානකට පස්සෙ උනත් එදාටත් අපිට කරට අත දාගෙන විහිලුවක් කරල හිනා වෙලා පිස්සු නටන්න පුලුවන් තරමට මේ හඳුනාගත් සහොදර බැම්ම ප්රමාණවත් වේවි! නේද? හැමදාම...
ReplyDeleteakka
මේ පද පෙළ නම් මාර ලස්සනයි.
ReplyDelete@අක්කා
ReplyDeleteමන් කියන්න ඕන සේරම ටික ඔයා කියලා අක්කේ. මට අමුතුවෙන් කියන්න දෙයක් ඔයා ඉතුරු කරලා නෑ. ඇත්තටම අපි අතරේ මේ ඇති වෙච්ච සහෝදරකම අපේ ජීවිතයට මරණය ලඟා වෙනකම්ම නොනැසී පවතීවි. ලෝකේ මොන මොන කොන් වල හිටියත් හදවත් වලින් අපි එක ලඟනේ අක්කේ. ලෝකේ මොන මොන කොන් වල හිටියත් හදවත් වලින් අපි එක ලඟනේ අක්කේ. මිනිස්සු හදවත් වලින් එකට බැඳුනම ඒ බැඳීම නැති කරන්න ලෝකේ කිසිම ශක්තියකට බෑ. අපේ සහෝදරකමත් ඒ වගේ.
@Ansh Lucky Sri Jay
ReplyDeleteපද පෙල ලස්සනනම් ඒක ලස්සන උනේ එකම එක හේතුවක් නිසා විතරයි. ඒ මගේ අක්කා නිසා.
ස්තූතියි