Thursday, August 19, 2010

නමක් නැති කවි - 7


යතුර
දෑස් ඉදිරිපිට
පෙනි පෙනී
තියෙද්දිත්
මේ 
ගිනියම්
කරුම කුටියේ
තවම
සිරගත වෙලා
මං

6 comments:

  1. අපි හැමෝම එහෙම නෙව.......:(

    ReplyDelete
  2. විහින්ම
    සිරගත
    වීමෙහි
    තිබේ අරුතක්..
    කුටිය හෑර
    මේ මොහහොතෙ
    කොහි යනු
    නුඹ ?

    ReplyDelete
  3. Shadow/හේමලයා
    ඒකනම් හැබෑම තමා බන්.

    @ජීවිතේමල්
    සිරගෙයින්
    පිට ජීවිතය
    සිරගෙයි
    ජීවිතයට වඩා
    අස්ථාවර බැවින්
    සිටිමි තාමත්
    දම්වැල්
    කඩා ගැනීමට
    බියෙන්
    මං

    ReplyDelete
  4. ජිවිතේ කොච්චර උත්සහාකලත් සමහර දේවල් වලින් අයින් වෙන්න හරි අමාරුයි. අර හේමලයා කියන කතාව ඇත්ත. අපි හැමෝම එහෙමයි

    ReplyDelete
  5. යතුර
    නොදන්නා කුටියකටය
    එත්
    සිර කුටිය???

    ReplyDelete
  6. @ayesha
    ඔව් අයේශා සමහ‍්ර දේවල් වලට අපි තදින්ම බැඳිලා. එවෙන් ගැලවෙන්න මොන තරම් අවශ්‍යතාවයක් තිබුනත් අපිට ඒ දේ කරගන්න අමාරුයි. ඒත් සමහර වෙලවට ජීවිතේ ඉස්සරහට යන්නනම් ඒ දෙයින් මිදෙන්නම වෙන අවස්ථාවන් එනවා. ප්‍රශ්ණේ එන්නෙ එතකොටයි.

    @වැප්
    නොදන්න යකාට වැඩිය දන්න යකා හොදලුනෙ බන්.

    ReplyDelete