Wednesday, July 14, 2010

නුඹ නොමැති ලෝකයේ පළමු දිනය

හිරු නොමැත පෑයුවේ
මල් නොමැත පිබිදුනේ
අන්ධකාරය පමණි
මා වටා පැතිරුනේ

කාලයත් නැවතිලා
හද ගැස්ම හිර වෙලා
නුඹේ සේයාරූ බලා
දෙනෙත් පොඩි ඉදිමිලා

කල්පයක් ලෙස දැනී
තත්පරය ගත වෙනා
නුඹ නොමැති ලෝකයේ
පළමු දින නිම උනා

5 comments:

  1. අනුරාධ..'හිත' කියන්නෙ ස්ථාවර ඒකකයකට නෙවේ...අද ඇය නොමැති පලමු දිනය....හෙට.. අනිද්දා.. ලබන සතියෙ... ඊලඟ මාසෙ.... ඔයාට තේරුම් යාවි..මේ දැන් මම කියන දේ....බලන්න ටිකක් වටපිටාවෙ,, ඔයා ඔය කිව්ව කතාවම,, ඊටත් වඩා දුක්බර විදියට කිව්ව අය දැන් වෙනස් වෙලා,,සතුටින් ඉන්නවා.....ඔයත් එහෙම ඉන්නවා...කාලයට ඉඩ දෙන්න...යලිත් වසන්තය උදා වෙනවා.....!!!!!

    ReplyDelete
  2. යළි යළීත් වසන්තය එයි
    යළි යළිත් වසන්තය යයි
    නොඉන්නටම එන ඇය ස්භාදහමයි
    යළි දිනක ඉන්නටම එයි
    එන දවස ලඟ ලඟම එයි
    ඉන්නටම එන ඇය දිවිමගේ වසන්තයි

    ReplyDelete
  3. හිරු ගිලිහී මා ලෝකයේ.....
    ගියදා පටන් නුඹ හැරදා.......
    දිවි මාවතේ සොම්නස සිඳී
    හිත දුක් සුසුමින් පිරිලා.....

    ReplyDelete
  4. සමහර බැඳිම් වලින් වෙන් උනාම ජීවත් වෙන්න හිතෙන්නැති තරමටම ඒක ජීවිතෙට දැනෙනවා. ඒත් එක ඔයාට විතරක් අයිති දෙයක් නෙවෙ. මම හිතන්නේ ඒක නිසා සදාකාලික නොඋනු දෙයක් ගැන හිත හිතා විඳවන එකේ තේරැමක් නැහැ කියල.

    ReplyDelete
  5. @නෙතාරා
    මට ඔයා කියන දේ නොතේරෙනවා නෙවෙයි නෙතාරා. නමුත් මේක කතාවෙ මම බලාපොරොත්තු උන අවසානය නෙවෙයි. මේ අවසානය මගෙ හදවතට දරාගන්න තරම් අමාරුයි. මොනවා කරන්නද නෙතාරා මාත් මනුස්සයෙක්නෙ. මොනවා උනත් ස්තූතියි ඔයාට ගොඩාක්. මේ වෙලාවෙ ඔය වචන මට ලොකු ශක්තියක්. ඒත් ආයෙත් වසන්තයක් ගැන මගේ බලාපොරොත්තුවක් නෑ.

    @වැප්
    නොයින්නට ආ ඇය
    ඉන්නටම ආ ඇය
    උනානම්
    වසන්තය
    හැමදාටම
    තියෙන්න තිබුනා
    බොහොම අපූරුවට

    @Shadow/හේමලයා
    මගේ හදවත ඔයා හරී අපූරුවට අකුරු කරලනේ.
    ඒත් දෙවෙනි පේලියනම් වැරදියි.
    "ගියදා පටන් නුඹ හැරදා......."
    මොකද මේක ඇගේ වරදක් නෙවෙයි. මෙතනදි ඇගේ හැර යාම කියලා කියන්න බෑ. මගේ හැර යාමකුත් නෙවෙයි. ආගම හැරදාන්න පුලුවන් උනානම් මේ ප්‍රශ්ණ මොකුත් එන්නෙ නෑ.

    @අයේශා
    ඔයා හරි අයේශා. සදාකාලික නොවුන දෙයක් වෙනුවෙන් දුක් වෙන එක තේරුමක් නෑ තමයි. ඒත් මගේ හිත ඉල්ලන්නෙ ඒ දේ සදාකාලික වෙන්න කියලමනෙ.

    ReplyDelete