Tuesday, July 13, 2010

වසන්තය නිමා විය

වසන්තය නිමා විය
මල් පොකුරු මිලින විය
ඔබ නමින් මැව් හීන
දෑස් අග කඳුලු විය

දෑවසක් මුලුල්ලේ
ඔබගේම තුරුල්ලේ
තිබූ මෘදු
උණුහුමෙන් සැනහී
ගෙවූ කාලය
අදින් පසු නෑ
ආයෙමත් මා
සොයා එන්නේ

හීනි මල් වැස්සේ
එක කුඩය අස්සේ
නුඹේ බඳ වට
සුරත ලාගෙන
ගියපු එදවස්
අදින් පසු නෑ
ආයෙමත් මා
ලඟට එන්නේ

වසන්තය නිමා වූ
ඉරි තැලුන හදවතේ
කිසිත් නොමැතිව
අදින් පසු යලි
කඳුල පමණයි
ඉතිරි වන්නේ

8 comments:

  1. වසන්තය නිමා වෙන්නෙ නෑ...යළිත් වසන්තය උදාවෙනවා.......අලුත් බලාපොරොත්තු එක්ක.......

    ReplyDelete
  2. වසන්න්තයක් ඇවිත් ගිහින් වගේ.......

    ReplyDelete
  3. සුවඳ මල් සුපිපිලා
    ගහ කොලත් නැළවිලා
    දෑස් අඟ තැවරිච්ච
    කඳුළු කැට වියලලා
    වඩියි හෙට වසන්තය
    ආයෙමත්
    හදේ පෙම උතුරවා...

    ReplyDelete
  4. @nethara
    මේක ජීවිතේටම එක පාරක් එන වසන්තයක් නෙතාරා.

    @Shadow/හේමලයා
    "වසන්න්තයක්" නෙවෙයි මචන්. වසන්තය. මොකද මේක තවත් එක් වසන්තයක් විත‍රක් නෙවෙයි.

    @ayesha
    අලුත් වසන්තයක් ගැන හිතනවට වඩා ගෙවුන වසන්තයේ මතකයන් තුල ජීවත් වීම සුන්ද‍රයි.

    ReplyDelete
  5. malli,
    oyaage mail eka balanna.

    ReplyDelete
  6. අනේ බන් පණුවෝ ඕවා ගනංගන්න එපා... ගිහින් බලපිය මර්ඩර් 2 වසන්තෙ රීමික්ස් කරලා ගන්න

    ReplyDelete
  7. අර කිව්වත් වගේ ජීවිතයට වසන්තය එකම එකපාරක් විතරක් එන්නෙක් නෑ. ඒ නිසා අපි තව වසන්ත කාලයක් එනකන් බලාගෙන ඉමු. ඒක වැඩි ඈතක නෑ.

    ReplyDelete
  8. සීත නල රැල්
    සැඟව යාවි,,
    කුරුලු ගී වැල්
    දසත මුසුවී
    ගිමන් නිවනට
    කාලයයි මේ
    වසන්තය එන
    තුරා සොයුරේ..

    ReplyDelete