Wednesday, July 7, 2010

නමක් නැති කවි - 5

                                            
මට ඔයාව ලැබුනොත්
අපේ ළමයි
හුඟක් වාසනාවන්ත වේවි
ආගම් දෙකක
රැකවරණය ලබන්න තරම්
ඒත්....
මට ඔයාව නැති උනොත්....
මට හිතාගන්න බැරි
මන් තරහා වෙන්නෙ
ජේසු එක්කද?
බුදු හාමුදුරුවො එක්කද?

19 comments:

  1. බුදුහාමුදුරැවොත් එකයි යේසුස් වහන්සේත් එකයි මිනිස්සු තමයි වෙනස්

    ReplyDelete
  2. ඒ මක්කටෙයි තරහ මරහ වෙන්නේ.......:(

    ReplyDelete
  3. එදෙන්නම එක්ක තරහා වෙලා වැඩක් නැහැ.......

    උබලා දෙන්නම වෙන්න්කරනවන්නම් ............

    මේසමජයෙයි වරද........

    ජති ආගම්....අකුරුවලින් හැදුනට..

    අපි හැමොගෙම ඇගේ දුවන්නේ රතුපාටලේ...

    හදිසි අනතුරක් වෙලා රොහල් ගත උනහම..... . ලේ දෙන්නේ ජාති ආගම් බලබල නෙවේ....

    මෙකයි තෙරුම් ගන්න ඔනේ....නොතෙරෙන්නෙත් මෙකතමයි....

    හිතන්නට යමක්...ඔබ ලියා තිබෙනවා........

    ස්තුතියි.........

    ReplyDelete
  4. කාත් එක්කවත් තරහවෙන්න ඕන නෑ.. දෙපැත්තම තරහ කර ගන්නැතුව ඔයාට එයාව දිනාගන්න පුළුවන් උත්සහයෙන්ම..හිත් වල බැඳීම ප්‍රබලයි නම් ඕන කඩුල්ලක් පැන ගන්න පුළුවන්.. අත්දැකීමෙන් කියන්නේ..!

    ReplyDelete
  5. කවියට නමක් ඇති උනාට කතාවට නමක් තියනවද..??

    එතකොට පහු ගිය දවස් වල හිකිස් ගගා හිටියේ..??
    හැබැයි ඉතිං ඇත්තටම නම් කාත් එක්ක වත් තරහා වෙන්න නම් ඕනේ නැහැ තමා..!

    ReplyDelete
  6. නිමන්ති අක්කෙ...'හිකිස්' ගාන්නෙ 'කොකිස්' කෑවාමලු...
    අනුරාධ....ජේසුටයි,බුදුහාමුදුරුවන්ටයි කරන්න බැරි උන දේවල් මිනිස්සු කරල තියනවා.......

    ReplyDelete
  7. @ගීත් (සහෘදයා)
    මිනිස්සුන්ගේ ඒ වෙනස, සමහ‍ර වෙලාවට අපේ ජීවිත වලට ද‍රාගන්න අමාරු ත‍රම් දරුණු විදියට බලපානවා.

    @Shadow/හේමලයා
    තරහා නොවී ඉන්න පුලුවන් තත්වයක් උදාවෙනවනම් හොඳයි ඉතින්.

    @ඉලංදාරියා
    සහතික ඇත්ත ඉලංදාරියො. අපේ ඇඟෙන් ලේ ටිකක් එලියට ගත්තොත් ඒ සිංහල ලේද දේමළ ලේද, බුද්ධාගමේද, ක්‍රිස්තියන්ද, මුස්ලිම්ද කියල කියන්න බෑ. හැම කෙනෙක්ම බිහි වෙලා තියෙනෙන් එකම ආකෘතියකින්. ඒත් මිනිස්සු ඔවුන් විසින්ම හදාගත්තු පුහු මාන්නක්කාර සීමා වලින් බෙදීම් හදාගෙන.
    උඹ කිව්ව හරි. තේරුම් ගන්න ඕනෙත් මේකයි. ඒත් තේරුම් නොගන්නෙත් ඒකමයි.

    @ෆා ද බ්ලොගී
    මාත් ඒ දේ විශ්වාස කරනවා. ඒත් බ්ලොගී සමහර වෙලාවට ඔය හැම දේටම වඩා සමජයේ මුල් බැසගෙන තියෙන සංස්කෘතිමය, ආගමික නීති රීති ප්‍රබල වෙන අවස්ථා තියෙනවා. මේකත් එක්තරා ඒ වගේ අවස්ථාවක්.

    @nimanthi
    කතාවෙ අවසානය සතුටුදායක එකක් වෙයිද ශෝකදායක එකක් වෙයිද කියලා කියන්න දන්නෙ නැති නිසා තාම කතාවට හරි නමක් දාගන්න අමාරුයි. දැනට ඕනනම් "නිවන vs ස්වර්ගය" වගේ නමක් දාගන්න පුලුවන්.
    දැනටත් ඉතින් හිකිස් ගාගත්ත ගමන් තමයි ඉන්නේ. ගෑනියෙක්ගෙ කඳුලකට ගොඩක් දේවල් කරන්න පුලුවන් උනාට පිරිමියෙක්ගෙ කඳුලකට එච්චර හපන් කමක් කරන්න අමාරුයි. ඒක නිසා උත්සහ කරනවා හිනාවෙන් ලෝකය ජයගන්න. හික්ස්.

    @nethara
    ජේසුයි බුදුහාමුදුරුවොයි නොකරපු දේවල්, කරන්න කියලා නොකියපු දේවල් අද මිනිස්සු කරන නිසා තමයි මේ හැම ප්‍රශ්ණයක්ම.

    ReplyDelete
  8. සමාජ සම්මතයට
    විරැද්ධ උනත්
    නිමක් නැතිව වටිනවනම්
    ඒ ආදරය...
    මේ වැට කඩොළු
    බිඳගෙන
    යන්න යමු අපි
    අපේ ලෝකෙට...

    ReplyDelete
  9. @ayesha
    වැට කඩොළු බිඳගෙන යන්න හැදුවට අත පය බිඳගෙන නතර වෙන්න වෙයිද දන්නෙ නෑ. ඒකයි බය.

    ReplyDelete
  10. අනේ මන්දා .. මම නම් කියන්නේ ජේසුවත් බුදුන්වත් නිසා නෙමෙයි මේ වැටකඩොලු හැදුනේ. ඒ නිසා මල්ලියා හොඳ මල්ලි වගේ තමුන් එක්ක තරහ වෙන්න ! හී හී හී

    ReplyDelete
  11. @ජීවිතේමල්
    තමුන් තමුන් එක්කම තරහ උනොත් අවසානයේ නතර වෙන්නෙ සියදිවි නසා ගැනීම කියන තැනින්. සමහරවිට මටත්.........

    ReplyDelete
  12. අපොයි මෝඩයො ! අනේ සංසාරෙ ! හරි කතාවක්නෙ මාත් කිව්වෙ... පිස්සුද කොල්ලො ? undo ! undo ! මේ ලෝකේ හැම දේකම වේදනාව පහවෙනව කාලයත් එක්ක.. ඒක තමයි ඇත්ත..මුලදි ගොඩාක් අමාරුයි දරන්න... ඒත් දුකෙහි ගිලිල ආසාවෙන් එරිල ඉන්න එපා.. ඒකෙන් හෙමීට ගොඩ එන්න මල්ලියො... දුක මෙනෙහි කරන්න එපා.. ඒ වෙනුවට ජීවිතේ busy කර ගෙන වැඩක යෙදෙන්න... කල්පනා කිරීම අඩු කරන්න... පරිස්සමෙන් මල්ලියො...

    ReplyDelete
  13. අහ් මම කිව්වේ ..බොරුද අනුරාධ ..

    තමුන් එක්කම් තරහා වෙලා තමුන්ගේ නහය කපාගන්න දෙන උපදෙස් පිලිගන්නේ එහෙම නෑ ඕන්.

    ReplyDelete
  14. @ජීවිතේමල්
    නෑ අක්කේ. ප්‍රශ්ණෙකදි ජීවිතෙන් පැනලා යන්න තරම් මම දුර්වල නෑ. එහෙමනම් මම මැරිච්ච තැන් වල පැලවෙච්ච ගස් වලින් දැන් අල්මාරිත් හදලා. ඒවට වේයොත් අල්ලලා. හබැයි මම එහෙම හිතපු කාලෙකුත් තිබ්බා. ඒ හුඟාක් ඉස්සර. එක දිගට ප්‍රශ්ණ එද්දි පුංචි හිතකට දරාගන්න අමාරුයිනෙ. නමුත් අද තාමත් මම මෙහෙම ඉන්නවා. මන් හිතන්නේ මගේ ඇතුලෙ ඉන්න පිස්සු ජෝකර් කොල්ලව බිහි කරන්න ඇත්තේ ඒ තිබ්බ ප්‍රශ්න කන්දරාවම තමයි.
    ඇත්තටම බැලුවොත් මේවද මිනිස්සුන්ට වෙන්නේ. මේ අපේ දිල් අක්කා උනත් කොයි තරම් හැල හැප්පිම් වලට මුහුන දුන්න කෙනෙක්ද. ඒවත් එක්ක බලුවොත් මේවා මහ ලොකු දේවල් නෙවෙයි. ඒත් ඉතින් මටත් හදවතක් තියෙනවනේ. ඒකට දුක දැනෙනවනේ. ඒකයි ප්‍රශ්ණේ.
    අම්මෝ...Busy වෙන ඒවා ගැනනනම් කතා කරනන් එපා. මේ දැන් මම ඕනවටත් වඩා busy වෙලා ඉන්නේ. තවත් busy උනොත් busy වැඩිමකට මාව මැරිලා යයි.

    ReplyDelete
  15. @nimanthi
    ඔන්න අක්කෙ ඔයා ඇහුවනේ කතාවට නමක් නැද්ද කියලා. ඔන්න දැන් ඒකට නමක් දාන්න පුලුවන්. මොකද කතාව ඉවර උනා. හිතුවෙවත් නති තරම් ඉක්මනටම කතාව ඉවර උනා. නිකම්ම නෙවෙයි. කඳුලු වලින් පිරුනු අවසානෙකුත් එක්කම.

    ReplyDelete
  16. machan kathawa iwarauna kiwwata iwarama une naha neda. try karapan thawa 3 years thiyenawa kaluthara paththe joging karanna..........
    sudda kiwwalu, try & try oneday u can fly..kiyala.......:D

    ReplyDelete
  17. @chathuranga
    කොච්ච‍ර try කලත් කතාව අන්තිමට ගිහිල්ලා හිර වෙන්නෙ එකම තැනක. ඒ තැනදි මාත් අස‍රණයි. එයත් අස‍රණයි. ඉතින් මේ අවසානය හැර වෙනත් අවසානයක් නෑ තව අවුරුදු කීයක් ගියත්.

    ReplyDelete
  18. ane mage jeewithe man duk widinneth me wagema deyak nisai

    ReplyDelete
  19. @සඳ කින්නරාවි
    බය වෙන්න එපා. හැම දෙයක්ම හරියයි. මගේ පොත දැන් වැහිලා ගොඩක් කල්. මන් ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ පොතේ ඉස්සරහ පරිච්ජේද ටික දුකින් තොර ලස්සන දවස් වලින් පිරවෙන්න කියලා.

    ReplyDelete