Tuesday, June 29, 2010

බල්ලන්ගෙන් ප්‍රවේසම්වන්න

නුබ ගැබට පිවිසි
සඳ එලිය පරයමින්
දැල්වෙයි උජාරුවෙන්
දෑස් නිලංකාර කරවන
විදුලි පහන් කැට
මොර දෙයි
ස්ටීරියෝ ක්‍රමයට
මොඩ්න් සෙටප් එක
මමි ඩැඩී ඇවිත් කරලියට
අම්මා තාත්තා විසිවෙලා කැලේට
නිල් කොල මිටිය සිනාසෙයි
සේප්පුව අද්දර ආඩම්බරයෙන්
රුපියලක් වැටී සිහිසුන්ව
වරද කොතනැකද විමසයි
සාලෙ මැද පුටු සෙටියෙ
මහත්තයා පාරමිතාවක
පැතලි තිර රූපවාහිනිය සමඟින්
රුවා සිගරට්ටුව කටේ
ඒත් කලු දුම් ගුලිය හිතේ
අහස තෙක් නැගි තාප්පයේ
කෙලවර යකඩ වැටේ
වැජඹෙයි
ධනවත් බවේ සංකේතය
පුවරුවක ලියා එල්ලෙමින්
"බල්ලන්ගෙන් ප්‍රවේසම්වන්න"

6 comments:

  1. "බල්ලන්ගෙන් ප්‍රවේසම්වන්න"...ඇත්තටම ප්‍රවෙශම් විය යුත්තේ කොයි බල්ලගෙන්ද යන්න මෙය කියවන්නා මනාව දැනගත යුතුය...නැත්නම් එය අහිංසක "බල්ලන්ට" කෙරන අපහාසයක් වියහැක.....:D........

    ReplyDelete
  2. ඔය කිව්වාට බන් ඔයවැනි මිනිස්සුන්ගේ ජිවිත බලු ජිවිත වලට වඩා අන්තයි ........... :d

    ReplyDelete
  3. රැඩිකල් අදහස් ටිකක්.....මොකෝ මේ...කවුරු හරි පාට් එකක්වත් දැම්මද ?

    ReplyDelete
  4. @Shadow/හේමලයා
    ඇත්තටම බැලුවම බල්ලො හොඳයි අප්පා.

    @වැප්
    දැන් බල්ලන්ට බල්ලො කියන එක බල්ලන්ට කරන අපහසයක්.

    @indi
    හික් හික්.... මෙයාටත් හිතෙන දේවල් අම්මපා.

    @දිල්
    අපිට පාට් දාන්න ආවොත් ඉතින් ඒ අන්තිම පාට් දැමිල්ල තමයි.

    ReplyDelete
  5. මට නම් හිතට ඇල්ලුවා ඔයගේ කව

    ReplyDelete
  6. @Anonymous
    කෝ ඉතින් ඔයා කව්ද කියලා දැනගන්න නමක් ගමක් දාලා නෑනේ. කොහොම උනත් සතුටුයි කියවලා ප්‍රතිචාරයක් දාලා ගිය එකට.

    ReplyDelete