Friday, May 7, 2010

නම වෙනස් කලෝ...............

මන් ඔන්න මගේ බ්ලොග් එකේ නමට පොඩි ගේමක් දුන්නා. මගේ බ්ලොග් එකේ නම  තිබ්බෙ www.ananthayata.blogspot.com කියලනේ. මන් ඔන්න ඒක කෙටි කලා.
 www.ananthaya.tk
දැන් කියවන්න එහෙම ලේසිනෙ නම. මොකද කාට හරි මගෙ බ්ලොග් 1 ගැන කියද්දි, බ්ලොග් එකෙ නම මොකද්ද කියල ඇහුවම, අනන්තයට ඩොට් බ්ලොග්ස්පොට් ඩොට් කොම් කියල කියද්දි මට දිවත් පැටලෙනවා. මට ඕක කීප සැරයක්ම උනා. අනික අන්තිමේ ඒ අහන් හිටපු එකාට ඊලඟ මොහොතෙ ඒක මතක නෑ. ඇයි ඉතින් පට්ට දිගයිනේ. බ්ලොග් ගැන දන්න එකෙක්නම් අනන්තයට කෑල්ල මතක තියාගත්තත් ඇති. ඒත් එහෙම දන්නෙ නැති කෙනෙක්නම්.......... එයා බලනව මේ මොන අන්ඩර දෙමලයක්ද කියලා. අන්න ඒ හෙතුව නිසා දැන් මේ වගේ කෙටි නමක් තියෙන එක හුඟක් පහසු වෙයි කියලා මට හිතෙනවා. නමුත් මේකෙ පොඩි පොඩි කේස් වගේකුත් තියෙනවා.
                                ආ...... ඊට කලින් කෙනෙක්ට ස්තූති කරන්න ඕන. මන් මේ නම කෙටි කරගන්න වඩේ කරගත්තේ www.dot.tk කියන සයිට් එකෙන්. මන් මේ සයිට් එක ගැන දැනගත්තෙ මැක්ස්ගේ අඩවියේ පල වෙලා තිබුනු ලිපියකින්. ඒක නිසා මන් මැක්ස්ගේ අඩවිය පවත්වාගෙන යන කසුන් සොහොයුරාට මගේ හදපිරි ස්තූතිය මේ අවස්තාවේ පුද කරනවා. ඒ වගේම ඔහුට තවත් මේ වගේ වැදගත් කරුණු කාරණා වලින් අපිව තව තවත් පොෂණය කරන්න ලැබේවා කියලත් මන් මේ වෙලාවෙ ප්‍රර්ථනා කරනවා.
                            හැබැයි වැඩි ලේසියට නම කොට කරගත්තා වගෙ නෙවෙයි. පොඩි පොඩි කේස් වගේකුත් තියෙනවා. දැන් හෙමින් සැරේ හොයන්න ඕන ඒවා ටික් නිරාකරණය කරගන්න ක්‍රමයක්. තියෙන එක ලොකු ප්‍රස්ණයක් තමයි www.ananthaya.tk  ලින්ක් එකෙන් බ්ලොග් එකට ගියාට පස්සේ බ්ලොග් එකෙ මොන ලින්ක් එකකට ගියත් වෙබ් ලිපිනය වෙනස් වෙන්නෙ නැති එක. හරිනම් ඒ ඒ ලින්ක් එකට අදාලව වෙබ් ලිපිනයේ නමත් වෙනස් වෙන්න ඕනනෙ. නමුත් මේක වෙනස් වෙන්නෙ නැතුව www.ananthaya.tk කියලම තියෙනවා. පරන පොස්ට් වල ලින්ක් ක්ලික් කරලා ඒවට ගියත් උඩ වෙබ් ලිපිනය අරකමයි. 
                                  අනිත් ප්‍රශ්ණේ තමයි බ්ලොග් එකේ ලෝගො එක. අර බ්ලොග් එක ඕපන් වෙන ටැබ් එකේ බ්ලොග් එකේ නමට ඉස්සරහින් තියෙන්නෙ පොඩි ලෝගො එකක්. ඒකට කියන හරි නමනම් මොකද්ද මන්දා. අන්න ඒ ලෝගෝ එක තමයි අනිත් ප්‍රශ්ණේ. එතනට මන් දාලා තියෙන්නෙ ලා කොල පාට කොටුවක් ඇතුලේ කලු පාට "අ" අකුර තියෙන එකක්නේ. ඒත් www.ananthaya.tk ලිපිනයෙන් බ්ලොග් එකට ගියාම එතන පෙන්නන්නෙ www.dot.tk කියන සයිට් එකේ ලෝගො එකක්. එතනට ආපහු මගේ එකම එන්න වෙනස් කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව්ද දන්නෙ නෑ.
                             දැනටනම් ඔච්චරයි ප්‍රශ්ණ තියෙන්නේ. හැබැයි මම තාම දැකපු නැති තව මොන මොන ප්‍රශ්ණ තියේවිද දන්නෙ නෑ. ඔයාලා කියයි ඕවා ඉතින් ප්‍රශ්ණද. ඔය එකක්වත් මට ලියන්නවත් ඔයාලට කියවන්නවත් බාදාවක් වෙන්නෙ නෑනෙ කියල. ඔව් ඒකත් ඇත්ත ඉතින්. ඒත් ඉතින් දන්නවනේ............ ඔක්කොම හරියට පොඩ්ඩක්වත් දෝස නැති වෙන්න තියාගන්න පුලුවන්නම් හිතට මාර ෆිට් එකක්නේ. හැබැයි අලුතෙන් නම වෙනස් කරා කියලා පරන වෙබ් ලිපිනයට මොකුත් වෙලත් නෑ. www.ananthayata.blogspot.com කියන ලින්ක් එකත් වැඩ. ඒකෙන් ගියාම අර කිසිම ප්‍රශ්ණයක් එන්නෙ නෑ. www.ananthaya.tk කියන වෙබ් ලිපිනය ටයිප් කරලා එන්ටර් කරාම ඉබේම www.ananthayata.blogspot.com කියන ලිපිනයට මාරු වෙන්න හදන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් හරි. අනේ මේ ගැන දන්න කෙනෙක් එහෙම ඉන්නවනම් තරහා නැතුව මට කියන්නකො.
                                   හැබැයි වෙලාවකට මට හිතෙනවා මන් මේ කරන්නෙ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගානවා වගේ වැඩක්ද කියලත්. මොනවා කරන්නද පොඩි එකාගේ ආසාවනේ.
                          

4 comments:

  1. ඔබ කැමතිනම් ඔබේ සියලුම ප්‍රශ්න මම විසදා ගැනිම උදව් කරන්නම් හිතවත් මිත්‍රයා add me Gtlk nadun222
    ඔයා .tk ගත්තට ඒක මාස 3 පමනයි තව නොමිලේ දෙන ඩොමෙනයක් තියෙනවා www.dot.co.cc කියලා මම පාවිචි කරන්නෙත් ඒක තව සදහටම ගන්නවනම් .info =150
    මේ මොක උනත් මම help කරන්නම් ඔයාට

    ReplyDelete
  2. බ්ලොග් එකේ නම් මොකක් වුනත් අපි උඹ සමඟ අනන්තයට යන්න එන්නම් . .

    ReplyDelete
  3. co.cc domain name එක සිරා. personal use එකට සම්පූර්නයෙන්ම free. කොහොමටත් අපි සල්ලි හොයන්න නෙවෙයිනේ.
    ඒ ගොල්ලෝ CNAME records පවා add කරන්න දෙනවා. Ads නෑ.

    ReplyDelete
  4. @HimidiriLanka බ්ලොග් කියවනය
    මට උදවු කිරීමට ඉදිරිපත් වීම ගැන බොහොම ස්තූතියි මිත්‍රයා. මට ඉතින් ඔය වගේ වැඩ ගැන එච්චර දැනුමක් නෑ. මන් මේ දැන් දාගෙන් ඉන්න ටෙම්ප්ලේට් එක මට ඕන විදියට හදාගන්න මම විඳපු දුක දන්නෙත් මන් විතරයි.
    මම Gtalk වල නෑ මචන්. උඹව add කරගන්නනම් Gtalk install කරගෙන account එකකුත් හදාගෙන එන්න වෙනවා. මම Skype වල ඉන්නවා. උඹ Skype වල ඉන්නවද. නැත්නම් මට කියපන්. මම Gtalk වලින් එන්නම්

    @දුකා
    ගොඩක් ස්තූතියි අයියේ. ඇත්තටම ඔයා ඔහොම කියන එකත් මට ඇති. ඔයාලා තමයි මගේ ශක්තිය. ඔයාලා නිසා තමයි මන් මේ ගමන යන්නේ. ඔයල මාත් එක්ක නැත්නම් මන් නිකම්ම නිකම් නිකමෙක්. ස්තූතියි අයියෙ මත් එක්ක ඉන්නවට. ඔයාගේ වචන ටික මට ලොකු ශක්තියක්.

    @ඉරෝෂන්
    co.cc එකටත් ගිහින් බලමු එහෙනම්. free එකක් තමයි ඉතින් ඕන. අපි ඉතින් දුප්පත් කස්ටියනේ. හික්ස්.
    වෙලා තියෙන්නෙ බන් ඕව කරගන්න ගියාම එක එක මගුල් අහනවා. DNS 1ක් ඕනද එපාද. අරකද මේකද. දැන් මේ නම හදාගනිද්දිත් එහෙමයි. රටක නැති එවා ඇහුවා. එපා වෙන්නෙ අන්න ඒ වෙලාවට තමයි.
    ස්තූතියි මචන් දැනුවත් කලාට.

    ReplyDelete