Monday, February 8, 2010

ආගම නම් බෙදුම්වාදය...?

ත‍රිඳු රොෂාන්ත සහොදරයා ලිපියක් ලියල තිබ්බා ත්‍රිපිකටය හා කාන්තාව ගැන. මෙන්න එකේ සබැඳිය. ඔයලටත් කියවලාම බලන්න පුලුවන්. කියවන්න වටින ලිපියක්. මේ ලිපිය ගොඩ දෙනෙක්ගේ කතා බහට, විචාරයට ලක් වෙලා තිබ්බා. ලිපියේ කියෙවෙන දේට එකාඟව හා විරුද්ධව බොහෝ මත පල වෙලා තිබ්බා. කොහොමත් ආගම හා කාන්තාව කියන්නේ සෑහෙන්න විචාරයට තුඩු දෙන මාතෘකා 2ක්නේ. මගේ අදහස එතන ප්‍රතිචාරයකින් ලියන්න තරම් පොඩියට ගොණු කරගන්න අපහසු නිසා ඒ ගැන පුලුල්ව විස්තර කරලා ලිපියක් ලියන්න ඕන කියල හිතුනා. සමහර විට මන් වැරදි වෙන්නත් පුලුවන්. නමුත් මේ මට දැනෙන, මට හැඟෙන, මට තේරෙන විදිය. මේක කියවලා ඔයලගේ අදහස් මොනවද කියලත් කියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.

                           මුලින්ම මම කතා කරන්න යන්නේ ආගම ගැන.  කාන්තාව ලඟට දෙවනුව එන්නම්. ඉස්සිල්ලම මට කියන්න ඔයාලා මොන ආගමේද? මමනම් බුද්ධාගමේ. හැබැයි මන් ඉපදුනාට පස්සෙ කවුරුවට් මගෙන් ඇහුවෙ නෑ "පුතේ ඔයා කැමති මොන ආගමටද? ඔයාට යන්න ඕන ආගම මොකද්ද?" කියලා. මන් බුද්ධාගමේ වෙන්න මූලික උන එකම හේතුව උනේ මගේ අම්මයි තත්තයි බුද්ධාගමේ වීම විතරයි. මගේ ජතිය සිංහල උනෙත් ඉතින් ඔය විදියටම තමයි. ඔන්න දැන් ඉතින් මගේ උප්පැන්නෙ ලියවිලා.

නම - නුවන් අනුරාධ නානායක්කාර
ජාතිය - සිංහල
ආගම - බුද්ධාගම
                                      හැබැයි ඔය 1ක්වත් මට ඕනෙ උනේ නෑ. ඔය ඔක්කොම මගේ ඔලුවට බලෙන් දාපුවා. දැන් ඉතින් මාත් වීරය වගේ කියනවා. මන් බුද්ධාගමෙනේ. ඒක තමයි ලොකෙ තියෙන හොඳම ආගම. මන් සිංහල. ෂා....අනිත් ජාතීන් වල අය මොක්කුද? සිංහල ජාතියනෙ හොඳම ජාතිය. මන් දෙමළ පවුලක ඉපදුනානම්. මන් ක්‍රිස්තියානි පවුලක ඉපදුනානම්. මන් මුස්ලිම් පවුලක ඉපදුනානම්.......                      
                                අපි ඉපදෙන්නෙ සිංහල විදියටවත්, දෙමළ විදියටවත්, බුද්ධාගම විඩියටවත්, ක්‍රිස්තියානි විදියටවත්, මුස්ලිම් විදියටවත් නෙවෙයි. නිකම්ම නිකන් ජීවියෙක් විදියට.මනුශ්‍ය මවකට හා පියෙකුට දාව ඉපදෙන නිසා මනුශ්‍ය ශරීරයක් ලබගෙන උපදිනවා. ඊට පස්සෙ එක එක විදියේ පටටම් වලින් අපිව වර්ග කරනවා. ඇත්තටම අපි එහෙම වර්ග වෙන්න ඕනද? අපි සේරම මනුස්සයො. එකම විදියේ මූලික සැකැස්මක් අනුව බිහි උන ජීවියො. අපි හැමොගෙම ඇඟවල් වලින් ගලන්නේ රතු පාට ලේ. හුස්ම ගන්නේ ඔක්සිජන් වායුව. ජාතීන් අනුව ආගම් අනුව ඒවා වෙනස් වෙන්නෙ නෑ. ඇයි අපි මේ එක එක ලේබෙල්  ගහගෙන ඇත් වෙල ඉන්නේ. කණ්ඩායම් වලට කැඩිල ඉන්නේ. කගෙන් හරි ලේ ටිකක් අරගෙන බෑග් එකකට දාල ඔයගෙ අතට දෙනව. ඔයාට කියන්න පුලුවන්ද ආ...මේ බුද්ධාගමේ ලේ. මේ ක්‍රිස්තියන් ලේ. මේ ඇවිල්ල සිංහල ලේ. මේ දෙමළ ලේ ටිකක්නේ කියලා. පුලුවන්ද? බෑ නේද? අපේ සරීරයේ කිසිම අවයවයක් අගම් වලට ජාතීන් වලට වර්ග කරන්න බෑ. වර්ග වෙලා තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි අපේ හිත.
                           ඇයි ආගම් හැදිලා තියෙන්නේ. ඇයි ආගම් කියලා දෙයක් තියෙන්නේ. මන්නම් හිතන්නෙ ආගම කියන්නෙ, මිනිසුන්ව යම්කිසි සාරධර්ම රාමුවක් තුල තියගෙන කාටත් සයයෝගයෙන් ජීවත් විය හැකි පරිසරයක් සාදා දෙන නීතී රීති පද්ධතියක් කියලයි. නමුත් අපි අද ආගමක් අදහන්නේ මේ දේටද කියලා මට ලොකු සැකයක් තියෙනවා. තමන්ගේ ආගම ගැන මහා ලොකුවට කතා කරන අයගෙන් කීයෙන් කීදෙනාද ඒ අගමේ එන හොඳ නියමයන් ඒ විදියටම පිලිපදින්නෙ. මන් හිතන්නෙ 1%ක්වත් නෑ. ඒක තමයි ඇත්ත. අපි බොරුවට කෑගහනව විතරයි අපි තමයි උතුම් කියලා. අපි එච්චරම උතුම්නම් සුනාමිය වෙලවෙදි සත්තු ටික මැරිලා මිනිස්සු ඉතුරු වෙන්න එපයි. ඒත් උනේ එක නෙවෙයි නේද?
                           මන් උදාහරණයක් විදියට බුද්ධගම අරගෙන ඉතුරු ටික කියන්නම්. මොකද මන් වැඩිපුරම දන්න ආගම එක නිසා. අනිත් ආගම් වල ඇත්තො එකට මාත් එක්ක තරහ වෙන්න එපා. මන් මේ කියන දේ හැම ආගමකටම පොදුවේ ගන්න පුලුවන්.
                            කෝ තමන් බුද්ධාගමේ කියලා කියන අය අත උස්සනන්න. ආ....ඔය ඉන්නේ. දැන් මට කියන්න බුද්ධාගමේ කියල ඔයාල මොනවද කරන්නේ.
පොයට පන්සල් යනව.
ඔව් තව.
ගාතා කියනවා.
වෙන.
බුදු හාමුදුරුවන්ට වඳිනවා.
හාමුදුරුවන්ට දානේ දෙනවා.
ම්..ම්..ම්.. එච්චරද?
ආ..ගෙදර බුදු පහනක් පත්තු කරනවා.
දැන් ඔය ටික කලහම ඔයාලා බුද්ධාගමේද? කියන්න. මන් ඔයාලගෙ අහන්නේ.
මන් මුලින්ම කිව්ව මට මේ ලිපිය ලියන්න මුල් උනේ තරිඳු සහොදරයගෙ ලිපියක් කියලා. ඔයාලා එක කියෙව්වනම් දකින්න ඇති එය කිව්ව දේ ගැන තර්ක කරල දාල තිබ්බ ප්‍රතිචාර ගොඩ. මන් ඒ අයගෙන් අහනව ඔයලගෙන් කවුරු හරි ඉන්නවද පන්සිල් පද 5 හරියටම රකින කෙනෙක්.ඉන්නවනම් මට කියන්න. අන්න නියම බෞද්ධයෙක්. බුද්ධාගම අදහන එකෙ මූලික පියවර එතනයි. ඒක රකින්නෙ නැති කෙනෙක්ට තමන් බුද්ධාගමේ කියලා ආඩම්බර වෙන්න බෑ. ඇත්තම කිව්වොත් මාත් නියම බෞද්ධයෙක් නෙවෙයි. මට මේ වෙනකන් ආරක්ෂා කරන් ඉන්න පුලුවන් උනේ 3 වෙනි හා 5 වෙනි සිල් පද 2 විතරයි.
     ඔන්න ඕකයි ලෝකෙ ත්ත්වය. අපි බුද්ධාගම ගැන තර්ක කර කර ඉන්නවා. ඒත් එකෙ තියෙන දේවල් පිලිපදින්නෙ නෑ. හැම ආගමකම නොගැලපෙන තැන් තියෙනවා. පරස්පර විරෝදී තැන් තියෙනවා. පිලිගන්න අමාරු තියෙනවා. ඒත් ඇයි අපි එව දිහාම බලන් ඉන්නේ. හොඳ දේවල් අනන්තවත් තියෙද්දි. කොහොමත් ඔය කියන ජාතක කතා, පෙලහැර පෑම්, පොදුවේ අපි ඔය බුද්ධාගම කියලා ඉගෙන ගන්න හැම කතාවක්ම 100%ක්ම ඇත්තම දේවල් කියල කියන්න අපිට පුලුවන් කමක් නෑ. අද වෙන දේ පවා වෙනස් කරලා ප්‍රචාරය වෙන යුගේක අපි අද ඉන්නෙ. එහෙව් එකේ අවුරුදු 2500කටත් කලින් වෙච්ච දේවල් මොන තරම් වෙනස් වෙන්න ඇත්ද? ඔය දැන් සමහරු කියන්නේ රහුල කුමාරය විතරක් නෙවෙයි තවත් දරුවො හිටියයි කියලා සිදුහත් කුමාරයට. සිදුහත් උපත, බුද්ධත්වයට පත් වීම, බුද්ධ පරිනිර්වාණය ඇතුලු අපි අහලා තියෙන සියලුම දේ උනේ ලංකාවෙ කියලත් දැන් කියනවනේ. අනේ අපිට  මොකටද ඕවා. ඇයි අපි මේ වෙන වෙන දේවල් පස්සෙ යන්නේ. බුදු හමුදුරුවො යම් පරක් වෙන්නල දීල තියෙනව අපිට. මෙන්න මෙ පරෙන් ගියොත් හොඳයි මේ පාර නරකයි කියලා. අපි ඒක තෙරුම් අරගෙන හොඳ පාරෙන් යන්න උත්සහ කරනවා විනා අලගිය මුල ගිය තැන් හොය හොයා සිටීමෙන් වෙන්නෙ අපේ සසර ගමන තවත් දිග වෙන 1 විතරයි කියලයි මන්නම් හිතන්නෙ. හැම ආගමක් ගැනම එහෙමයි. ආගමේ එන වැරදි හොය හොයා ඉන්න එපා. තියෙන හොඳ දේවල් පිලිපදින්න. ජීවිතේ හුගාක් ලස්සන වෙයි.
               අනේ සමාවෙන්න ඕනා. ලිපිය ගොඩක් දික් උනා. කාන්තාව ගැන වෙන දවසක කියන්නම්. ආමරුවෙන් හරි ඔක්කොම කියෙව්ව අයට බොහෝම ස්තූතියි. යන්න කලින් 1 දෙයක් කියන්නම්. ආගමක් කියන්නේ හොඳ හා නරක වෙන් කරල අඳුනගැනීම තුලින් මිනිසාව තිරිසන් හැසිරීම් රටාවෙන් ඔබ්බට ගෙන ගොස් යහපත් ජීවන රටාවකට හුරු කරවා, නැවතත් තිරිසන් ගති ලක්ශණ ආරෝපණය වීමට ඉඩක් නොදීමට ක්‍රියා කරන බලවත් පවුරක්  මිස මිනිසුන් බෙදා වෙන් කරන පවුරක් නෙවෙයි කියලා මිනිස් මොල වලට කවදාවත් තේරෙන 1ක් නෑ. තව නොබෝ කලකින්ම මනුශ්‍යත්වයේ අවසන් සුසුම් පොදත් මිනිසගෙන් නික්මී යාවි.

4 comments:

  1. සමස්තයක් හැටියට මම එකඟයි මල්ලි. කාරණා කීපයක් කියන්නම්. බෞද්ධයා කියන්නේ පන්සල් පද 5 රකින කෙනා කියල අපිට කියල බලන්න බෑ. මහානාම සූත්‍රයේදී බුදු හාමුදුරුවෝ දේශනා කලේ "යමෙක් බුදුන්, දහම්, සඟුන් සරණ යයිද හෙතෙම උපාසකයෙක් වේ" කියල. එහෙම කියන්නේ පන්සිල් වල අගය අඩු කරන්න නෙමේ. පන්සිල් රකින්නා කියන්නෙ ලඟාවෙන්න බොහොම අමාරු තත්වයක් නිසා. මල්ලිම කියල තියෙන විදියට මල්ලිටත් ඒ ඔක්කොම රකින්න බෑ. පන්සිල් පද පහෙ 4ක් රැකපු උපාසිකාවක් ගැනත් මම කියවල තියෙනවා. ඇය ග්ණිකාවක්. බුදු හාමුදුරුවෝ ඇයට කිව්වෙ ඉතුරු 4 රැක ගන්න කියල.

    මල්ලි කියවල ඇති කාලාම සූත්‍රය ගැන. ඒකේ අපට බුදු හාමුදුරුවෝ කරන්න කියන්නෙ මේ පොත් වල තියෙන දේවල් නුවණින් සලකා බැලීම. අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්.

    කෙසේ වෙතත් බොහොම හොඳ පෝස්ට් එකක් මල්ලි. තවත් මේ වගේ වැදගත් දේ ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. මේක තමයි මම ආගම දරන අදහස

    "ආගම කියන්නේ එක ආකාරයක ජිවන විලාශයක් ආගම පදනම්වෙලා තියෙන්නේ පුද්ගලයකුගේ ලෞකික හා ලෝකාන්තර ජිවිත ( අපි නිවන, විමුක්තිය යන සංකල්ප පොඩ්ඩකට පැත්තකින් තියමු ) වඩා විධිමත් කීරීමට මිස විනාශ කිරීමට නේමේ.නමුත් අපේ සිටින ඉතා උගත් ආගම්වාදින්(ජාතිවාදිනුත්) කරන්නේ ආගමේ නාමයෙන් තම තමාගේ විකෘති අර්ථදැක්වීම් සාධාරණීකරනය කරන එකනේ.
    "

    මේක මම උපුටා ගත්තේ මම බ්ලොග් එකේ ලියපු සටහනකින්

    ReplyDelete
  3. Religen is a Joke
    Most Preiests have Cars, Wives and Children
    Dont give alms to them

    ReplyDelete
  4. @තරිඳු
    ඔව් ඔයා කියන කතාව ඇත්ත. ඇත්තටම මම එතනදි ලොකු වරදක් කරල තියෙනවා. මම "අන්න නියම බෞද්ධයෙක්" කියල නෙවෙයි "අන්න බොහෝ දුරට බෞද්ධයෙක්" කියලා කිව්වනම් වඩා නිවැරදි කියලා අයේ පරක් ලිපිය කියවද්දි හිතෙනවා. අපිට අද සමාජය හැඩ ගැහිලා තියෙන විදියත් එක්ක පන්සිල් පද 5ම රකිනවා කියන්නේ ගොඩක් අසීරු කාරියක්. නමුත් අපිට පුලුවන් මට්ටමින් හරි ඒ 5 රකින්න උත්සහ කරන අය හරිම අඩුයි නේද? උදේට බොරුවට කියන්නම් වාලේ පන්සිල් පද 5 ගිරව් වගේ කියන අයගෙන් කී දෙනක්, අද දවස අතුලේ මන් ඒ 5 මට පුලුවන් උපරිමයෙන් රකින්න උත්සහ කරනව කියලවත් හිතනවද? මේ සමාජය මහා කෘර සමාජයක් විදියට හංවඩු ගැහෙන්න මුලිකම හෙතුවක් විදියට මන් දකින්න ඕක.

    @V
    මම 100%ක්ම එකඟ වෙනවා ඔයාගේ කතාවත් එක්ක. ආගම් වල ඉහල නිල තල දරණ උදවියගේ පටු අදහස් ආකල්ප නිසා, ආගම් වලට නොයෙකුත් විදියේ විකෘති ආකල්පයන් එකතු වෙලා. මේ දේවල් හිස් මුදුනින් පිලිගන්න මිනිසුන් ඉන්න එක ඒ අයට ඒකට හොඳ රුකුලක්. මේ විදියට ගියොත් ලඟදිම අගම් වල තියෙන හොඳ දේවල් යටපත් වෙලා ගිහින් විකෘති උන බාල ආකල්ප ගොන්නක් විතරක් ඉතිරි වේවි.
    ඔයාගේ ලිපියේ සබැඳිය දාන්න පුලුවන්නම් වඩා හොඳයි. මොකද තවත් දැනුම පුලුල් කරගන්න ඒක ලොකු අත්වැලක් වේවි.

    @Anonymous
    we can't say that the religion is a joke just coz what the so cold priest are doing. The problem isn't with the religion but with the people in it.

    ReplyDelete