ඈත මුහුදේ ඉඳන් එන ලොකු රැලි, අපේ කකුල් ගාවටම ඇවිත් ආයෙත් හැරිලා යනවා.
ලොකූ රැලි එද්දි ඔයා හෙමිහිට කකුල් උස්සගන්නවා කලිසම තෙමෙයි කියලා බයේ.
සමහර රැලි ඇවිත් ඔයාගේ කකුල් වල වැදිල, සුදු පාට පෙන පිඩු නගාගෙන ආපහු යද්දි මට ටිකක් ඉරිසියයි.
රැලි වලට කොයින්ද මගේ කෙල්ලගේ කකුල් ඉඹින්න තරම් හයියක්.
මගේ හිත එහෙම කියනවා.
ඔයා මගේ උරහිසේ ඔලුව තියගෙන තෙරක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන.
ඈත ක්ෂිතිජය එක්ක ඔයා ලොකු භාවනාවක.
හෙමි හෙමින් මුහුද ඇතුලට ගිලෙන ඉරේ කාන්තිමත් රතු පාට ඔයාගේ මුහුණට වැටිලා.
ඔයාගෙ මූනත් රතු පාටින් දිලිහෙනවා.
ඉර බැහැගෙන යද්දි ක්ෂිතිජය හුඟක් ලස්සනයි තමයි.
ඒත් මට ඒ දිහා බලන් ඉන්න තරම් වෙලාවක් නෑ.
ආසාවක් නෑ.
මගේ ඇස් දෙක නතර වෙලා තියෙන්නෙ ඔයාගෙ මුහුණ මත.
එක මොහොතකට මගේ ඇස් දෙක වෙන පැත්තකට හරවන්න මට හිත දෙන්නෙ නෑ.
මම ඔයා දිහාම බලන් ඉන්න බව තේරිලාද මන්දා, ඔයා ඔලුව උස්සල මන් දිහ බලනවා.
අපේ ඇස් එකිනෙක හා වෙනවා.
මට ඇහි පිල්ලමක් ගහන්නත් ලෝබයි.
ඒ මොහොතත් අපරාදයක් කියලා හිතෙන්නේ.
ඇයි?
ඔයා අහනවා.
මම හිනාවෙලා ඔලුව දෙපැත්තට වනනවා මුකුත් නෑ කියන අදහසින්.
ඔහොම බලන් ඉන්නෙ?
ඔයා ආයෙමත් අහනවා.
ලස්සනයි.
මම ඔයගෙ කනට කරලා රහසින් වගේ කියනවා.
කව්ද?
ඔයා....
බොරු...
ඔයා ලැජ්ජවෙන් ඇඹරෙනවා.
ඇත්ත.... සත්තයි....
මම හෙමිහිට ලන් වෙලා ඔයාගෙ නලලට හාදුවක් දෙනවා.
ඔයා ඇස් දෙක පියාගෙන හිනාවෙනවා.
ඒ හිනාවට මන් හැමදාම ආසයි.
ඇස් දෙක වහගෙන ඔයා ලාවට හිනාවෙද්දි මගේ හිත ලෝබ කමකින් පිරිලා යනවා.
ඔයා මගේ විතරමයි.
ඔය හිනාව මගේ විතරමයි.
මගේ හිත කෑ ගහනවා.
මන් ඔයාට ආදරෙයි සුදූ.....
ඔයාගේ කම්බුලට මගේ කම්බුල තෙරපෙගෙන මම කියනවා.
මමත් ඔයාට ආදරෙයි....
ඔයාගේ ඒ වචන හුලඟත් එක්ක පාවෙලා ඇවිත් මගේ කන් පෙති සිප ගන්නවා.
දරාගන්න බැරි ආදරේකින් මගේ හිත පිරෙනවා.
මන් එහෙමම මගෙ තොල් පෙති ඔයාගේ තොල් පෙති අතර හිර කරනවා.
ඔයාගේ සුසුම් වල උනුසුම් සුවඳ මගෙ නහයට දැනෙනවා.
ඒ අතරින් ඔයාගේ තොල් පෙති වල හීතල මගේ මුලු ඇඟම කිති කවනවා.
මගේ මුලු ආත්මයම ඔයාගේ ආදරේ පහසින් නැහැවෙනවා.
පුංචි තොල් පෙති රිදුනද මන්දා.
ඉර සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලිලා හාත්පසම අඳුරෙන් වැහෙන්න ගන්නවා.
තව ඉන්න අසයි.
ඒත් කාලය අපිටත් හොරෙන් ගලාගෙන ගිහිල්ලනේ.
අපි යමුද.....
ඔයා අහනවා.
යමු කියලා කියන්න ලෝබයි.
හැමදාම මෙහෙම ඉන්නමයි හිත.
ඒත් තාම ඒකට කාලය නෙවෙයිනෙ.
මම හා කියල ඔලුව වනනවා.
පුංචි තරු කැට එකින් එක නිල් පාට දිලිහෙන්න පටන් ගනිද්දි අපි ගල් පරයෙන් නැගිටිනවා.
අපිට අත වනන්න වගේ රැලි වේගයෙන් ඇවිත් වෙරලේ හැපිලා සුදු පෙන වගුරනවා.
මේ ආදරෙත් මෙහෙමම අරගෙන අපි ආයෙත් එන්නම්.
මුහුදෙන් සමු අරගෙන අපි එන්න එනවා.
රැලි එනවා යනවා ඉවරයක් නෑ.
අදත් එදා වගේම රැලි එනවා.
වෙරලෙ හැපිලා සුදු පාටට පෙන යායක් හදලා ආයෙමත් මුහුදටම ඇදෙනවා
ඒත් ඒ වෙරලේ අද....
ඔයත් නෑ.
මමත් නෑ.
අපේ දෛවය අපිව වෙන කොහේදෝ තැනක අතරමං කරලා.
ඒත් ඒ රැලි තව කාලාන්තරයක් යනකම් අපි වගේම තවත් පෙම්වතුන්ට අත වනාවි.
Tuesday, July 20, 2010
Monday, July 19, 2010
හිත රැඳුනු ගීයක්....
සාමාන්යයෙන් මගේ දවස ගෙවෙන්නෙ සිංදුත් එක්ක. සිංදු නැතුව මගේ දවස ගෙවෙනෙන් නැති තරම්. 5GBටත් වඩා පිරවිලා තියෙන සිංදු ලොට් එකයි අන්තර්ජාලයෙන් හොයාගන්න සිංදුයි තමයි හැමදාමත් හොඳම මිතුරෙක් වගේ මගේ ලඟින් ඉන්නේ. ඒත් පහුගිය 13 වෙනිදා ඉඳන් ඊයෙ මධ්යම රාත්රිය වෙනකම් මම කිසිම සිංදුවක් ඇහුවෙ නෑ. කොටින්ම සිංදුවක්වත් අහන්න හිත ඉඩ දුන්නෙ නෑ කිව්වොත් නිවැරදියි. ඒත් හදිස්සියෙම ඊයේ රෑ එක්තරා කෙනෙක් මට එක් සිංදුවක් මතක් කලා. ඒ වෙලවෙම මට ඒ සින්දුව ඇහීමේ අසාවක් ආවා. ඒත් මගේ ගීත එකතුවෙ ඒ ගීතය අඩංගු වෙලා තිබ්බෙ නෑ. එහෙමයි කියලා මම සැලෙනවද? පටස් ගාලා ගියා http://www.infolanka.com/miyuru_gee සයිට් එකට. සිංදුව හොයාගත්තා ඇහුවා. එතනින් නැවතුනේ නෑ. ගූගල් අය්යගෙන් පාර අහගෙන ගිහිල්ලා සිංදුව බාගතත් කරගත්තා. දවස් ගානකට පස්සෙ අහපු නිසාද දන්නෙත් නෑ. ඒ සිංදුව මාර විදියට වැදුනා. අද දවස තිස්සෙම මම ඇහුවෙ ඒ සිංදුවමයි. වැඩේ කියන්නෙ කොච්චර ඇහුවත් එපා උනේ නෑනේ. ඒකට කොච්චර හිත ගියාද කිව්වොත් ඔන්න ඒ ගැන පෝස්ට් එකක් දාන තරමටම ඒක දුර දිග ගියා. මේක මහ ලොකු අමුතු සින්දුවක් නෙවෙයි. ඒත් වෙනද ඒ සිංදුව අහද්දි දැනුනෙ නැති පුදුමාකාර අපූර්වත්වයක් මම ඊයේ ඒ සිංදුව තුල දැක්කා. වැඩි බයිලා ඕනෙ නෑ. මෙන්න සිංදුව. මේක ගායනා කරන්නෙ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා.
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා
ඔබ මං මුලා වෙලා ගියා
පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්රියේ
සිහිනෙකින් පවා
අද ඔබගේ ජීවිතේ
කතරකී වාලුකා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා
පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්රියේ
සිහිනෙකින් පවා
අද ඔබගේ ජීවිතේ
කතරකී වාලුකා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා
මතකේ තිබේද ඒ යුගේ
මාගේ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ
ශෝක වේදනා
ඝන අන්ධකාරයේ
පාලුවේ කිමිදුනා
මාගේ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ
ශෝක වේදනා
ඝන අන්ධකාරයේ
පාලුවේ කිමිදුනා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා
දෛවයේ තාරුකා
ඔන්න සින්දුව බාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒකට සබැඳිය. මෙන්න මෙතන ඔබලා ගිහින් ඒක බාගත කරගන්න.
බාගත කරගන්න කම්මැලි කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔන්ලයින්ම අහන්නකො.
Thursday, July 15, 2010
Wednesday, July 14, 2010
නුඹ නොමැති ලෝකයේ පළමු දිනය
හිරු නොමැත පෑයුවේ
මල් නොමැත පිබිදුනේ
අන්ධකාරය පමණි
මා වටා පැතිරුනේ
කාලයත් නැවතිලා
හද ගැස්ම හිර වෙලා
නුඹේ සේයාරූ බලා
දෙනෙත් පොඩි ඉදිමිලා
කල්පයක් ලෙස දැනී
තත්පරය ගත වෙනා
නුඹ නොමැති ලෝකයේ
පළමු දින නිම උනා
මල් නොමැත පිබිදුනේ
අන්ධකාරය පමණි
මා වටා පැතිරුනේ
කාලයත් නැවතිලා
හද ගැස්ම හිර වෙලා
නුඹේ සේයාරූ බලා
දෙනෙත් පොඩි ඉදිමිලා
කල්පයක් ලෙස දැනී
තත්පරය ගත වෙනා
නුඹ නොමැති ලෝකයේ
පළමු දින නිම උනා
Tuesday, July 13, 2010
වසන්තය නිමා විය
වසන්තය නිමා විය
මල් පොකුරු මිලින විය
ඔබ නමින් මැව් හීන
දෑස් අග කඳුලු විය
දෑවසක් මුලුල්ලේ
ඔබගේම තුරුල්ලේ
තිබූ මෘදු
උණුහුමෙන් සැනහී
ගෙවූ කාලය
අදින් පසු නෑ
ආයෙමත් මා
සොයා එන්නේ
හීනි මල් වැස්සේ
එක කුඩය අස්සේ
නුඹේ බඳ වට
සුරත ලාගෙන
ගියපු එදවස්
අදින් පසු නෑ
ආයෙමත් මා
ලඟට එන්නේ
වසන්තය නිමා වූ
ඉරි තැලුන හදවතේ
කිසිත් නොමැතිව
අදින් පසු යලි
කඳුල පමණයි
ඉතිරි වන්නේ
මල් පොකුරු මිලින විය
ඔබ නමින් මැව් හීන
දෑස් අග කඳුලු විය
දෑවසක් මුලුල්ලේ
ඔබගේම තුරුල්ලේ
තිබූ මෘදු
උණුහුමෙන් සැනහී
ගෙවූ කාලය
අදින් පසු නෑ
ආයෙමත් මා
සොයා එන්නේ
හීනි මල් වැස්සේ
එක කුඩය අස්සේ
නුඹේ බඳ වට
සුරත ලාගෙන
ගියපු එදවස්
අදින් පසු නෑ
ආයෙමත් මා
ලඟට එන්නේ
වසන්තය නිමා වූ
ඉරි තැලුන හදවතේ
කිසිත් නොමැතිව
අදින් පසු යලි
කඳුල පමණයි
ඉතිරි වන්නේ
Wednesday, July 7, 2010
නමක් නැති කවි - 5
මට ඔයාව ලැබුනොත්
අපේ ළමයි
හුඟක් වාසනාවන්ත වේවි
ආගම් දෙකක
රැකවරණය ලබන්න තරම්
ඒත්....
මට ඔයාව නැති උනොත්....
මට හිතාගන්න බැරි
මන් තරහා වෙන්නෙ
ජේසු එක්කද?
බුදු හාමුදුරුවො එක්කද?
අපේ ළමයි
හුඟක් වාසනාවන්ත වේවි
ආගම් දෙකක
රැකවරණය ලබන්න තරම්
ඒත්....
මට ඔයාව නැති උනොත්....
මට හිතාගන්න බැරි
මන් තරහා වෙන්නෙ
ජේසු එක්කද?
බුදු හාමුදුරුවො එක්කද?
Friday, July 2, 2010
Subscribe to:
Posts (Atom)
