Monday, July 16, 2018

රැය පුරා...

අකීකරු මතක සිත්තම්
නන්වන හසුන් බොත්තම්
කරන් මම වත්තම්
එන්නද සිහිනයට යන්තම්

ඇවිළි හිත් මත්තේ වැටී
මූදාලූ සැනසුම් කැටී
ඇසෙනවද තාමත් ගැටී
මෙවුල් දම ලෙළදුන් හැටී

පිපුණ මල්පෙති හිත පුරා
නිවූ රැස් සිටි ගත අරා
තුරුල් වෙනු බැරි රැය මරා
ගමු ටිකක් මතකෙන් සොරා

සිංදවා සීමා හිතේ
අපි අපිට හිමිකර ගතේ
සැණකෙලිය විඳි හිතුමතේ
සිහිනයද තෙත්කොට ඇතේ

3 comments:

  1. harima lassanayi.. thawa ekak poest karana kan balan innawaa..
    jaya!!
    :)

    samaawenna sinhalen type noakarapu ekata..

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete