"තාත්තී... වේගෙ වැඩියි නේද?"
පාර දෙපසෙ දැල්වුන වීදි ලාම්පු එලි වේගයෙන් පිටිපස්සට යනවා. අතුරුපාරක් නිසා පාරේ වෙන එක වාහනයක්වත් නෑ. වේගය ගැන හැඟීමක් මට තිබුනේ නෑ. නිදහස් මාවත දිගේ ඔහේ ඇදෙන්න මන් වාහනය දිරිගැන්නුවා විතරයි. මම මුවේ රඳවගත්ත පුංචි හිනාවකුත් එක්ක ඇය දෙසට ඔළුව හැරෙව්වා.
"තාත්ති අපිට හදිස්සියක් නෑ. අපි ගෙදරනෙ යන්නෙ"
හිතේ පොදි ගැහුනු මොනවදෝ ලොකු බරවල් ගොන්නක් දකුණු කකුල හරහා ඇක්සලේටරය මත පැටවිලා.
"දූට බයද? මන් ඇහුවෙ ඇසිය යුතු ප්‍රශ්ණයක්ද යන වගක්වත් මට තිබුනෙ නෑ.
"තාත්ති මෙහෙම වේගෙන් ඩ්‍රයිව් කරනවා මන් කවදාවත් දැකලා නෑ ඒකයි."
"මගේ ජීවිතේ ඇතුලේ වේගය තිබ්බනම් මන් අද ගොඩක් වෙනස් මිනිහෙක්නෙ දූ"
ඇය මොහොතක් ජනෙල් වීදුරුවෙන් එහා පෙනෙන අඳුර මත දෑස් රැඳෙව්වා. ඊ ලඟ මොහොතෙ ඇය නැවත කතා කලා.
"මන් දන්නවා අද දවස තාත්තිගෙ ජීවිතේ ලොකු දවසක් කියලා. තාත්ති අද ගත්තෙ රයිටර් කෙනෙක් විදියට ගන්න පුලුවන් ඉහලම සම්මානෙ"
"ඒත් මේ සම්මානෙ මට ලොකු බරක් දූ"
ටික වෙලාවක් යනකම් වාහනය තුල තිබ්බේ නිහඬතාවය විතරයි. ඒත් ඒ නිහඬතාවය මැද දහසක් වචන අපි දෙන්නගෙ හිත් හරහා එහා මෙහා ගියා.
"තාත්ති මේක නේද අතීතෙට සමු දෙන්න හොඳම වෙලාව." ඇගේ ප්‍රශ්ණයට දිය හැකි පිළිතුරක් හොයමින් මගේ හිත ගැඹුරටම කිමුදුනා. ඒත් අවසානයයේ සුපුරුදු විදියටම සිනාවකින් පමණක් මගේ පිළිතුර අවසන් උනා.
"තාත්තිගෙ මුලු ජීවිතේම මේ පොත ඇතුලෙ තියෙනවා. තවත් ඔයා ඔවා ඔලුව ඇතුලෙ හිර කරන් ඉන්න ඕනෙ නෑ තාත්ති."
පොත් වල ලියන්නට තරම් ලස්සන වචන මගේ හිතේ කොච්චර තිබ්බත් ඇයට උත්තර දෙන්න සුදුසු වචනයක් හොයාගන්න මට අපහසු උනා. මන් නිශ්ෂබ්දවම ඈත පේන වීදි ලාම්පු වල එලිය මත දෑස් හිර කරගත්තා.
"සමහරු කියනවා මේ පොතේ තියෙන්නෙ ඔබේ ජීවිත කතාව කියලා. ඒක ඇත්තක්ද? සම්මාන ප්‍රධානෝත්සවය ආරම්භ කරන්නට පෙර මා වට කරගත් මාධ්‍යවේදීන් අතරින් කෙනෙක් ඇසූ ප්‍රශ්ණය නැවත මගේ හිස තුල දෝංකාර දෙන්න පටන් ගත්තා.
"අපි හැමෝම අතින් ලියවෙන්නෙ අපේ ජීවිත කතා තමයි පුතා. අපි කාටවත් එතනින් පැනලා යන්න බෑ." කෙටි වක්‍ර උත්තරේකින් ඒ ප්‍රශ්ණෙන් ගැලවුනත් අවට සිටි කිසිවෙකුත් ඒ පිළිතුරින් සෑහුන බවක් ඔවුන්ගේ මුහුණු වල පෙනෙන්නට තිබුනේ නෑ. ඔවුන් ඊට වඩා දෙයක් මගෙන් බලාපොරොත්තු උනා. මගෙන් ලැබෙනවාට වඩා වැඩියමක් බලාපොරොත්තු උන අය මගේ අතීතයේත් සිටියා. ඒ නොසිටින්නට මේ පොත නොලියවෙන්නටත් තිබුනා.
"තාත්ති මන් ආසම පොතේ මෙන්න මේ කෑල්ලට" මන් පාරට යොමුවෙලා තිබුනු දෑස් ඇය දෙසට හැරෙව්වා. ඇය පොතේ එක්තරා පිටුවක් පෙරලගෙන ආසවෙන් එය කියවනවා.
"හයියෙන් කියවන්න බලන්න" මගේ ඉල්ලීමෙන් ඇය එම අකුරු වලට ඇගේ ලාලිත්‍ය හඬ මුසු කලා.
"අප ජීවත් වන්නේ ස්ත්‍රී ලිංගික ලෝකයකැයි විටෙක මට සිතේ. එය එසේ නොවිනිනම් පුරුෂාධිපත්‍යය රජයන සමජයක් තුල පවා ස්ත්‍රී බලපෑම මෙතරම් දරුණු නොවනු ඇත. ආදරට අක්ශයක් කොටගෙන ලෝකය භ්‍රමණය වන කල්හී ......."
ඇගේ වදන් සමඟ මගේ හිත ආයෙත් අතීතයට ඉගිල්ලුනා.
"මට වෙලාවකට හිතෙනවා මචන් අපි මේ ජීවත් වෙන්නෙ ස්ත්‍රී ලිංගික ලෝකෙක කියලා" අවුරුදු විසි ගණනකට පමණ පෙර මගේ බෝඩින් කාමරයේ සිටි මගේ මිත්‍රයාට මන් එහෙම කිව්වම ඔහු මන් දිහා පුදුමෙන් වගේ බලන් හිටියා,
"මොකද උඹ එකපාරටම එහෙම කියන්නෙ?"
"නෑ බලපන්. ලොකෙට කියන තවත් නමක් තමයි මිහිකත. ඒකත් ගෑනු නමක ආදෙශයක්. එතකොට බලපන්. කොච්චි ගත්තත් නැවු ගත්තත් ප්ලේන් ගත්තත් කියන්නේ ඇය කියලා. තියෙන්නෙ ගෑනු නම්. ඒ අස්සෙ මෙච්චර මේ නහින්න හදන්නෙත් ගෑනු නිසානෙ බන්. අපි උන් කියන කියන විදියට නටනවා. අන්තිමේ උන් හරිම ලේසියෙන් හැම දෙයක්ම අමතක කරනවා. පිරිමි පිදියට අපි කොච්චර පම්පෝරි ගැහුවත් අන්තිමේ අපි හැමෝම ස්ත්‍රී ලිංගයක් ඉස්සරහා දෙකට නැවෙනවා."
තව කියන්න දේ තිබ්බත් මිතුරාගේ හිනා හඬත් එක්ක මන් ඒ ටික නැවත ගිලගත්තා.
"මට තේරෙනවා සනා උඹ කියන දේ. බූට් කෑවම ඔහොම තමයි. "
ඔහුත් එක්කම නැවත හිනාවෙනවා විනා එදා මට කල හැකි වෙන දෙයක් තිබුනේ නෑ.
"මොකද තාත්ති ඒ පාර තනියම හිනාවෙන්නෙ. " ඇගේ හඬ ඔස්සේ කල්පනා ලෝකය කරා ගිය මගේ හිත ඇගේ හඬ ඔස්සේම නැවත පියවි ලෝකයට පැමිණියා.
"නෑ දුව මට මතක් උනා ඔයා දැන් කියවපු වචන වල ඉතිහාස කතාව."
"තාත්තිට නිකමටවත් අම්මිව මතක් වෙන්නෙ නැද්ද?"
"අමතක වෙන්න මන් මැරිලා ඉපදුනේ නෑනෙ දූ. ඒත් ඔයා අහන ප්‍රශ්ණෙ සැබෑ අරුත අරගෙන උත්තර දුන්නොත්නම් උත්තරේ තමයි... නෑ."
"ඔයානම් රයිටර් කෙනෙක්ම තමයි තාත්ති. මටත් දෙන්නෙ පොත් වල ඩයලොග්"
"අන්න අන්න ඔයා වරද්දගත්ත තැන. ඔයා විතරක් නෙවෙයි දුව, තව කෙනෙකුත් වරද්දගත්ත තැන"
මම අතුරු පාරෙන් වාහනය ප්‍රධාන මාර්ගයට හැරෙව්වා.
"ඔයානම් නියම නළුවෙක්. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඔයාගෙ අඟේම ඇක්ටින් තියෙනවා" මගේ ජීවිත කතාවේ ප්‍රධාන චරිතය. ඒ ඇගේ වචන. මන් කියන දේවල් අවසානයේ ඇගේ ඒ වචන ටික අහන්න ලැබුනේ වරක් දේවරක් නෙවෙයි.
"මන් මොකටද දෙයියනේ ඔයා ඉස්සරහ රඟපාන්නේ. මන් කියන්නේ ඇත්ත."
සමහරවිට මන් කියූ දේවල් නිවැරදි බව ඇයත් දැන ඉන්නට ඇති. මගෙන් වෙන්වීමට ඈ තුල තිබූ පෙලඹවීම මත ඇය එසේ කටයුතු කරන්නට ඇති.
මුදල්, තත්වය, බලය ආදරයකට එරෙහි වද්දි එදා මට වෙන කල හැකි දෙයක් තිබුනේ නෑ.
මන් ඇයත් එක්ක හුඟක් තරහයි. ඒ වගේම තාමත් ඇයට හුඟාක් ආදරෙයි.
"ඒ උනාට මන් කියන්නෙ තාත්තිට තව ටිකක් ඉවසන්න තිබ්බා කියලා. එයා කේන්තියට කතා නොකර හිටියා කියලා ඔයත් එහෙමම හිටපු එක වැරදියි" මගේ සිතිවිලි ගිය දිශාව දුවට තේරිලා.
"වැරදියිද හරිද කියන්න මන් තාම දන්නෙ නෑ දූ. එයාට ඕන උනේ අයින් වෙන්න. ඒකට එයා හේතු හෙව්වා. දුවන්න හේතු හොයන කෙනෙක්ව මන් කොහොමද දූ බැඳලා නවත්තලා තියාගන්නේ. "
ඇගෙන් ඉක්මන් පිළිතුරක් නොලැබුන නිසා මන් ආයෙ කතා කලා.
"කෙල්ලෙක් වෙලා එයා ලේසියෙන් හැමදේම අතඇරලා ආයේ යතා තත්වයට ආවා. ඒත් කොල්ලෙක් වෙලා මන් වින්ද දුක ඔයාට මන් කියලා තියෙනවනෙ දූ. මන් ඒකයි කියන්නෙ කෙල්ලො හරිම ලෙසියෙන් අත අරිනවා. ඒ ස්ත්‍රී ගතිය. එයාට බැරි උනා නිකමට මන් ඉන්නවද නැද්ද කියලා හොයලා බලන්න. එහෙම වෙලත් මන් ආයෙ ආයෙ එයා ගැන හෙව්වා බැලුවා. එයා ගැන තරහක් හිතේ ඇතිකරගන්නවා ඇරෙන්න වෙන විසඳුමක් මට පෙනුනෙ නෑ."
"හ්ම්ම්." ඇය දිගු සුසුමක් පමණක් වා තලයට මුදා හැරියා.
මොහොතකට පස්සෙ ඇය නැවතත් මගේ පොතේ තවත් පිටුවක් දිග හැරියා.
"මගේ ජීවිතය දෙයාකාරයකින් වෙනස් කල තරුණියන් දෙපලට" ඇය පොතේ පිදුම මට ඇසෙන්න කියෙව්වා.
"මන් කවදාවත් එහෙම ජීවිතයක් ගෙවන්න බලාපොරොත්තු උනේ නෑ දූ. මගේ ජීවිතේ හැම මිලිමීටරයක් ගැනම මන් දුවට කියලා තියෙනවා. ගෑනු අස්සෙ හිරවුනු සල්ලාල ජීවිතයක් තරම් මන් පිලිකුල් කරපු දෙයක් තවත් තිබ්බෙ නෑ. ඒත් අන්තිමේ එයා ගියේ මාව එහෙම ජීවිතේකට කොටු කරලා."
"තත්ති හැමදාම සම්පූර්ණ වරද එයාගෙ පිටට දාලා අයින් වෙනවා නේද? ඇය එවර කතා කරන්නෙ මගේ දෑස් මග හරින්න උත්සහා කරමින්.
"මාත් වැරදි ඇති. ඒත් ආදරය කියලා දෙයක් ලොකේ නෑ කියලා දැනෙද්දි මන් වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් ලෝකේ නෑ කියලා දැනෙද්දි එදා මන් හැසිරුන විදිය ගැන මට පුදුමයක් දැනෙන්නෙ නෑ. අන්තිමේ මන් සල්ලි තත්වය බලය ගැන විතරක් හිතලා කසාද බඳින්නේ ඒ වෙද්දි මට ලොකේ වටිනාකමක් දැනුන එකම දේවල් උනේ දේ දේවල් විතරක් නිසා. ඒත් දුව ඉපදුනු දවසෙ දුවගෙ මූණ දකිද්දි ඒ හැම දේම ආයෙත් පාරක් වෙනස් උනා."
කාලෙකට පස්සේ සුපුරුදු ආවේගයම. එකක් පිටිපස්සෙ නොනැවතී වේගයෙන් එලියට එන වචන කන්දරාවක්.
"මේ මාතෘකාවට ආපු ගමන් තාත්ති හරියට ගිරවෙක් වගේ." ඇය සිනාසෙමින් කිව්වෙ විහිලුවක් ඔස්සේ කතාව මදක් සුමට කිරීමට වෙන්න ඇති.
කාලයක්ම මන් කෙනෙක්ට ගිරවෙක් වෙලා හිටියා. ජීවිත කාලයම ඒ කෙනාට ගිරවෙක් වෙන්න මට ඕන කලා. ඒ ගිරාකමට ඇය හුඟක් ආස කලා. ඒත් අන්තිමේ ඒ එලියට ආපු වචන හැම එකක්ම නිකම්ම නිකන් හිස් වචන ගොඩක් බවට පත් උනා.
"වෙලාවකට මන් කියවනවා වැඩියි නේද?" ඔහේ කියවගෙන කියවගෙන ගිහින් මන් අන්තිමට කියද්දි එයා ඇස් දෙක පුංචි කරලා හිනාවෙනවා. මන් ලොකේ දැකපු ලස්සනම හිනාවෙන්.
"ඔයාට අහන් ඉඳලා එපා වෙනවත් ඇති." ඇගේ ඒ හුරතල් හිනාව දිහා බලාගෙන මන් ඔය වචන ටික දහස් වාරෙකට වඩා කියලා ඇති.
"කවදාවත් නෑ. අහන් ඉන්න ඕන නිසානෙ මන් ගිරවෙක් හොයාගත්තෙ" ඒ හැම වාරෙකම මන් එයාගෙ මුවින් ඇසුවෙ ඒ වචන ටික.
"දුව වචන කියන්නේ හරිම හරිම ප්‍රභල දෙයක්. වචන ප්‍රභල වෙන්නෙ ඒවට හැඟීම් මුසු උනාම. මගේ පොත් වල තියෙන්නෙ හැඟීම් මිශ්‍ර උන වචන කියලා මන් විශ්වාස කරනවා. ඒකයි මිනිස්සු මගේ පොත් වලට මේ තරම් කැමති උනේ. කතෘගේ ජීවිතය කොයි තරම් නරකාදියක් උනත් මිනිස්සු මගේ පොත් වලින් එයාලගෙම ජීවිත කියෙව්වා. අන්තිමේ මන් මගේ ජිවිතේ වචන වලට පෙරළුවා. රයිටර් කෙනෙක් විදියට මට ලැබෙන්න පුලුවන් ඉහලම සම්මානේ මට ලැබුනේ අද නෙවෙයි දුව. පොතේ පලවෙනි පිටපත ඔයා කියෙව්ව දවසෙ."
ඇය මගේ වම් උරය මතින් ඇගේ සුරත තිබ්බා.
"අම්මියි තාත්තියි ඩිවෝස් උන එක ගැන තාමත් මන් සතුටු වෙන්නෙ නෑ. ඒත් තාත්තා එක්ක ඉන්න මන් ගත්තු තීරණය ගැන මන් තාමත් සතුටු වෙනවා තාත්ති."
ඇගේ පුංචි උන ඇස් දිහා මන් ආදරෙන් බැලුවා.
"කළාකාරයෙක් උනාම එක පාරක් ඩිවෝස් වෙන්න ඕනමලුනේ දූ" කලකට පෙර මගේ ජීවිතේ ප්‍රධාන චරිතය මට කිව්ව වචන ඒ විදියටම මන් දුව ඉස්සරහ දිග හැරියා.
පාර අයිනේ වීදි පහන් කණුවක් පාමුල සිටගෙන සිටින තරුණියක් විමසිල්ලෙන් පාර දිහා බලාගෙන. වාහනය වේගයෙන් ඇයව පහු කරන් යද්දි මන් ආයෙත් ටිකක් හැරිලා ඒ දිහා බලුවා. ඇගේ පිටුපසත් කතාවක් ඇති. සාධාරණ හෝ අසාධාරණ කතාවක්. ඒත් ඒ හැම කතාවක්ම කතාවෙ අයිතිකාරයාට අනුව සාධාරණයි. නමුත් ඔයි කතා ඔක්කොම අවසානයේ නතර වෙන එක තැනක් තියෙනවා. ඒ තමයි ලිංග බේදය. ලෝකය ආදරය කියන අක්ශය වටා කැරකැවෙද්දි ලිංගිකත්වය කියන්නෙ හරියට අක්ශාංෂ දේශාංෂ වගේ. ලෝකයේ වැඩි බලයක් පිරිමින්ට හිමි වෙලා තියෙද්දි ඒ හැම පිරිමියෙක්ම ගැනියෙක් ඉස්සරහා කඩා වැටෙනවා. මේ ලෝකේ ස්ත්‍රී ලිංගික ලෝකයක් වෙන්නෙ ඒකයි.
"ඇයි ඔබතුමා මේ පොතට ස්ත්‍රී ලිංග කියන නම දැම්මේ. ඒක පාඨක ආකර්ශණය වැඩිපුර දිනාගැනීම සඳහා පමනක් කරපු බාල උපක්රමයක්ද? තරුණ මාධ්‍යවේදිනිය මයික්‍රෆෝනය මාවෙත දික් කරගෙන අහද්දි වටේ හිටිය හැමෝම ඒකට උත්තරේ බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ ලොකු කරගත් දෑස් මගේ පැත්තට දිගු කරගෙන හිටියා.
"මන් මිස්ගේ ආටිකල් කියවලා තියෙනවා. ඒවට මිනිස්සු හරි කැමතියි නේද. ගොඩක් හොඳයි. හැබැයි ඒ ආකර්ෂණය මිස්ට ලැබුනේ මිස් ස්ත්‍රී ලිංගයක අයිතිකාරයෙක් උන නිසා විතරක්නම් මිස් අහපු ප්‍රශ්ණෙට මගේ උත්තරේ ඔවු."
මගේ උත්තරෙත් එක්ක වටේ හිටිය හැමෝගෙම මුහුණු හැකිලෙද්දි මගේ දුව විතරක් සිනාසෙමින් සිටිනු මන් දැක්කා.
"ඇයි දුව අර වෙලාවෙ දුව හිනා උනේ" ඒ වෙලාවෙ ඉඳන් හිතේ හිරකරගෙන හිටිය ප්‍රශ්ණෙ මන් එලියට අතහැරලා දැම්මා.
"කොයි වෙලාවෙද තාත්ති"
"අර පොතට නම දැම්මේ ඇයි කියන ප්‍රශ්ණෙට මන් උත්තර දෙද්දි"
ඒ වෙලාවෙ ඇගේ මුහුණේ ඇඳුන හිනාව වගේම හිනාවක් දැනුත් ඇගේ මුහුණේ ඇඳිලා. මන් තවත් ඇගේ මුහුණට එබුනා. ඇය සිය උකුල මත තිබු පොත වසා දමුවා.
"මාත් ස්ත්‍රී ලිංගයක අයිතිකාරයෙක් නිසා තාත්ති"
දකුණු කකුළ මත පැටවුනු බර සෙමෙන් අඩුව යද්දි වාහනයේ වේගය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා.

We also have that device :P
ReplyDeleteසුබ නව වසරක්... සුබ වසර හතරක්
ඔයා කැමති නං අකුරු චූට්ටක් ලොකු කරන්න
ReplyDeleteඒක තමා අකුරු ටිකක් ලොකු කරානම් කියවන්න අපහසුවක් නෑ මට නම් ඇස් වලට ටිකක් අමාරුයි
ReplyDeleteතවමත් මං දැකපු ලස්සනම බ්ලොග් එක, අනන්තයට..සුභ උපන් දිනයක් !
ReplyDelete-යෝ-
ඇති යාන්තං මෙහෙම එකක් තිබ්බ කියල මතක් උනා
ReplyDeleteසෑහෙන කාලෙකින් මේවා මතක් වෙලා තියෙන්නේ.. මචං බ්ලොග් එකේ ඉඩ කඩ අඩුයි වගේ දැනෙන්නේ නැද්ද? අදහසක් විතරයි..
ReplyDeleteහම්මේ.. ඇති යන්තං...
ReplyDeleteසමහර වෙලාවට අපි අකුරු වලින් වචන ගලපලා, ඒ වචන අස්සෙ ජීවිතේ හොයනව... මේක තමයි මගේ ජීවිතේ කියල අන්තිමට කියනව.. ඒ උනාට ජීවිතේ වචන වලින් විස්තර කරන්න බෑ...
කවදාවත් සම්මානයක් ලැබෙද්දි, නිර්මාණය කරද්දි නිර්මාණකරුවට දැනුන දේවල් නෙවෙයි ඇඟයීමට ලක් වෙන්නෙ... ඒ උනත් ඒ වෙනකොට නිර්මාණකරුටත් අමතක වෙලා තමන්ට දැනුන ඇත්තම හැඟීම...
අළුත් අවුරුද්දට, අනන්තයට දෙකටම සුභ පෑතුම්.....
ReplyDeleteමේකනං නියමයි.... කාලෙකට පස්සෙ බ්ලොග් වල දැකපු හොඳම පෝස්ට් එකක්...
ReplyDelete+සාතන් samaga ekaga wemi.supiriy.ananthayatama yanna lebeewaaaaaa!!!!!!!!!!!!
ReplyDeleteඔබේ ලිවීමේ රටාව හරිම අපූරුයි . සුභ පතනවා නව වසර නිදුක් නිරෝගී වසරක් වේවා කියල .
ReplyDeleteඅපූරු නිර්මාණයක් අනුරාධ......:)
ReplyDeleteමෙලොව පවතින්නෙ ස්ත්‍රී ලිංගය නිසයි...ඒක තමයි ඇත්ත...වචනාර්ථයෙන් මෙන්ම රූපකාත්මකවද ..( Literal as well as Metaphorical )
සිව් වසරට සුබ පැතුම්!!!
අටම කිව්ව එකම තමා මටත් කියන්නේ තියෙන්නේ.. දෙපැත්තේ බෝඩර් එක අඩු කරල මේ කොටස පළල වැඩි කරා නං හොදා නේද.. අකුරුත් ලොක් කරලම. අපරාදේ නේ තමන් සතු ඉඩෙන් බාගයක් විතර සුන්දරත්වයට කැප කරන එක..
ReplyDeleteසුපිරියි සහොදරයා...මම හිතුවේ උඹ පට්ට බිසී ඇති කියල..තාමත් මෙ අදහස් උඹෙන් ලියවෙනව ...සතුටුයි
ReplyDelete