Friday, May 6, 2011

කවි කල ගී....

 කට්ටියට මතක ඇති අර මීට කලකට පෙර මරීනා ගීතයත් ඔබ මා හමුවන මේ ඉර හඳ යට ගීතයත් ගයපු අර විශේෂ පුද්ගලයව. බොහොම කලකට පස්සෙ ආයෙ පාරක් ඒ විශේෂ පුදගලයා විසින් ගායනා කරපූ ගීත දෙකක් හොයාගන්න ලැබුනා. මේවා බොහොම රහසේ පටිගත කරපුවා. තාම කිසිම මාධ්‍යකින් මේවා මහජනයාට නිකුත් වෙලා නෑ. පලවෙනි වරට මහජන රසාස්වාදය උදෙසා අනන්තයෙන් අපි ඔබට ඒ ගිත දෙක තිලිණ කරන්නයි දැන් සූදානම් වන්නේ.
                     හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඔයාලා ගාව හෙඩ් සෙට් එකක් තියෙනවද? තියෙනවනම් ඒක කණට දාගන්න අනිවාර්යයෙන්. මොකද මේ ගීත දෙකේම වොලියුම් එක ටිකක් විතර මදි. හෙඩ් සෙට් එක කණට දාගත්තම කණට මී පැණි වත් කරනවා වගේ දැනෙයි. ඔයාලා ගාව තියෙන්නෙ නෝමල් ස්පීකර්ස්නම් ඒවෙ වොලියුම් එක උපරිම වැඩි කරන්න. තියෙන්නෙ ලැප් එකක්නම් ලැප් එක උස්සලා අරගෙන ලැප් එකේ ස්පීකරේ තියෙන තැන, ඔයාලගෙ කණ ගාවින් තියාගන්න. ඔය ඕනෑම ක්‍රමයක් භාවිතා කරලා මේ මියුරු ගීත දෙක රස විඳින්න ඔයාලට පුලුවන්. එහෙනම් ඉතින් වැඩි කතා මොකටද? අහලම බලන්නකො.
           අහ්! තවත් දෙයක්. මේ සිංදු දෙක අහලා ඕන දෙයක් කියාපල්ලා. හැබැයි 'හූ' කියන්න එපා. :D

 

17 comments:

  1. ශාහ්.. නයිස් මියුසික් ඇහ්.. මොකක්ද ගෘප් එක ? :P :D

    ReplyDelete
  2. හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ
    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ :P

    මගේ කට කහනවා යකෝ.......!!! :D :D

    ReplyDelete
  3. ලවුඩ්පීකරයක් බඳින්නයි යන්නේ අහන්න කලින්...:D

    ReplyDelete
  4. හොද වෙලාවට ලැප් එකෙන් මේක අහන්න බැහැ..නැත්තං මං දනී..අනේ බං මේ නෙට් වල නැහැනේ හූවකින් කොමෙන්ට් කරන්න විදියක්

    ReplyDelete
  5. අඩේ මරු ඈ.. මොනව උනත් එල.. මැක්ස..

    ReplyDelete
  6. මේ කොමෙන්ට් බැලුවහම ‍තේරෙනවා මල්ලි අහන්නේ නැතුංම හූ කියන්න කට්ටිය ඉන්නවා කියලා. සැලෙන්න නාකයි මල්ලී. දිගටම සිංදු කියමු. :D

    ReplyDelete
  7. ශා නියමයි අයියේ.... :)

    ReplyDelete
  8. හැකියාව තියනවා මල්ලිට අතදෙන්න කෙනෙක් ඉන්නවන0 ගොඩයන්න පුලුවනි ................
    ( සමීර )

    ReplyDelete
  9. දෙවෙනි වටේට යවන්න පුළුවන් පුතා... ඒත් ඉදිරියට මීට වඩා ප්‍රැක්ටිස් ​කරලා කියන්න ඕන.. මොකද තරඟය වැඩියි නේ.. මම ඔයාට සුභ පතනවා..

    ReplyDelete
  10. පුතා මට කියන්න සන්තෝසයි ඔයා උපතින් ම ගායන හැකියාව දෝතින් රැගෙන ආව කෙනෙක්. ගෙදර තියෙන බඩු මුට්ටු වලට හරි "තට්ටු" කර කර ඉදිරියට එන්නට උත්සාහ ගැනීම ඉතාම හොද දෙයක්. ඊගාව වටයට ඔයාව යවනවා පුතා මොකද මම මේ සින්දුවෙන් පස්සෙ මේ රියැලිටි ශෝ එකෙන් අයින් වෙනවා හික් හික් හික් හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ

    ReplyDelete
  11. සින්දු දෙක නම් එල හැබැයි මේ සවුන්ඩ් අඩු එක තමයි අවුල.... මෙක අහන්න සවුන්ඩ් ෆුල්ම දාල අමතකවෙලා වෙන සින්දුවක් දැම්මනෙ වෙච්ච දේ හිතාගන්න පුලුවන්නෙ.ගැස්සිච්ච ගැස්සිල්ලට තව ටිකෙන් පුටුවෙනුත් වැ‍ටෙනව... තොගේ මේ අඩු සව්න්ඩ් සින්දු නිසා තව ටිකෙන් මම කොන්දත් කඩා ගන්නව.තොට හූවක් නෙවෙයි තොට හොදවයින් දෙකක් කියන්නයි හිතෙන්නෙ තොගෙ මේ අඩු සව්නඩ් වැඩ වලින් අහින්සක කොල්ලොන්ගෙ කොදු කඩන්න හදනවට. කොහොම උනත් ඔන්න සරා සදේ සින්දුවෙ සවුන්ඩ් වැඩි කරල මීඩියාෆයර් වලට අප්ලෝඩ් කරා මෙන්න ලින්ක් එක http://www.mediafire.com/?5d0eappapswa947 මේක බාගෙන අනන්තෙට අප්‍ලෝඩ් කරපන්..

    ReplyDelete
  12. සමාවෙන්න පුතා හතරවන පරම්පරාව සොයන තරුව නුබ නොවෙයි.. ඔය ගායන හැකියාව බාත්‍රූම් එකට ප්‍රමානවත් :P
    ජය වේවා ඇසූ අපිට

    ReplyDelete
  13. අර බැක්ග්‍රවුන් මියුසික් නම් හද පතුල ඇලි දැල් වි ගියා..එතරම්ම සවනට ප්‍රියයි.

    ReplyDelete
  14. හප්පච්ච්යේ ෆුල් වොලියුම් කරල දුන්නෙ :( කරාස් කරාස් ගාල සද්දයක් ආව. ලැපේ ඉස්කීපර් දෙකම ගිහිල්ලනෙ බං.

    ReplyDelete
  15. නැගි එන ගායකයාට හද පිරි සුභපැතුම් !

    ReplyDelete
  16. හපොයි...... වෙන කාටවත් ඇහෙන්න මේ සින්දු කියන්න එපා.... සින්දු වල අයිතිකාරයින්ට එහෙම ඇහුනොත් සින්දු කියන එක නවත්තයි.......

    ReplyDelete