"මොකද බලන් ඉන්නෙ ලමයෝ. ඕක බොන්න" මම සුප් හැන්ද සීරුවෙන් කටට ලන් කරගන්න ගමන් අහනවා. ඇය තාමත් සුප් ටික දිහා බලාගෙන කල්පනාවක.
"තාම රස්ණෙයි අනේ" ඇගේ හුරතල් කටහඬ මට හොදට හුරුපුරුදුයි.
"ටිකක් රස්නෙට තමයි සුප් බොන්න ඕන. හෙමිහිට බොන්න පටන් ගන්න. ටික ටික නිවෙයි" ඇය හෙමින් සැරේ සුප් හැන්ද සුරතින් අල්ලගන්නවා.
"අපෝ මේ කෙල්ලට පොඩි ලමයට වගේ කියන්න ඕන" මම බොරු නෝක්කාඩුවක් මවාගෙන කියනවා.
ඇය ඇස් පුන්චි කරලා හිනාවෙන්නෙ හරියට පුංචි කෙල්ලෙක් වගේම තමයි.
"දැන් කොහොමද ඔයාගෙ වැඩ කටයුතු" ඈ කතා කරන්නෙ වටේ ඉන්න අයට ඇහෙයි කියලා බයේ වගේ බොහෝම හෙමින්.
"වරදක් නෑ කෙල්ලෙ. හොදින් කෙරීගෙන යනවා"
ඇය සුප් හැන්ද මුවට ලන් කරද්දි මම ඇගේ දෙතොල් දිහා බලන් ඉන්නවා. ඇයට හොරෙන් ඈ දිහා බලන්න තාමත් මට බෑ.
"කොහේද බලන් ඉන්නෙ"
"නෑ මට ඉස්සර මතක් උනා" මම ලැජ්ජාවෙන් කියනවා.
"මොනාද මතක් උනේ"
"අපෝ ඒවා මෙතන කියන්න බෑ"
"මොනා හරි වල් දෙයක් වෙන්න ඇති මම නොදන්නවයි මේකා ගැන" මේසය මත තිබෙන මගේ වම් අතේ පිලි අල්ලට ඇය ඇගේ වමතින් පහරක් ගසනවා. ඇගේ අත සීතලයි.
"අම්මෝ ඔයාගේ අතේ සීතල" මම ඇගේ අතල අල්ලාගෙන හෙමිහිට පිරිමදිනවා.
"හොරා මගේ අත අල්ලන්න බොරු කියනවා නේද?" ඇය තරහක් මවාගෙන කිව්වට ඇගේ දෙනෙත් වල තියෙන්නෙ සිනාවක්.
"වැඩේමයි මට. අනිත් එක ඔයා හිතුවද මන් තාම ඉන්නෙ මුල් ස්ටේජස් වල කියලා. ඒ කාලේ පහු කරලා හුඟාක් කල්....." මම හෙමිහිට ඇගේ සුරත මිරිකනවා.
එකිනෙකාට තුරුළු වීගෙන එන තරුණ ජෝඩුවක් අපෙ පසෙකින් තියෙන මේසයකින් ඉඳ ගන්නවා. වාඩි උනත් කොල්ලා කෙල්ලව බදාගෙන. බොහොම සතුටින් ඉන්න ජෝඩුවක් වගේ..... ඒත් පිටින් ඔහොම පෙනුනට ඒ දෙන්නට මොන තරම් ප්‍රශ්ණ තියෙනවද කියලා කවුද දන්නෙ. නමුත් කොයි තරම් ප්‍රශ්ණ තිබුනත් ඔහොම හිනාවෙලා සතුටින් ඉන්න එකම ලොකු දෙයක්නේ. මගේ හිත කල්පනා ලොකේක දුරට යනවා.
"හනේ හනේ මොනාද ඒ පාර බලන් ඉන්නේ." ඇගේ දෙනෙතට මගේ ක්‍රියාව අසුවෙලා.
මම මුකුත් නොකියා හිනාවක් විතරක් මවා ගන්නවා.
විනාඩියක් විතර අපි දෙන්නම නිශ්ෂබ්දයි.
"අපි මේ කරන්නෙ වැරදි වැඩක් නේද" මම සුප් භාජනය දිහා බලාගෙනම අහනවා.
ඇගෙන් උත්තරයක් නෑ.
මම ඔලුව උස්සලා ඇය දිහා බලනවා.
"අපි අද මෙහෙම හම්බ නොවෙන්නයි තිබුනේ" මම ආයෙත් කියනවා ඇගේ දෙනෙත් දිහා බලාගෙනම.
ඇය කිසිත් නොකියලා සුප් එකේ චිකන් කෑලි තෝරනවා. ඇගේ දෙනෙත් බිමට බර වෙලා.
"ඒ උනාට ඒ වැරද්දට මම ආසයි." කතා කරන්නෙ මමම විතරයි. ඇය තාමත් නිශ්ශබ්ධයි.
"අනූ....." ඇය අන්තිමේදි කතා කරනවා.
"හ්ම්ම්ම්....."
"මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මන් අද ඔයාට හම්බවෙමු කිව්වෙ ඒ දේ කියන්න." ඇය මගේ දෙනෙත් දිහා බලන්න බයයි වගේ.
"කියන්න ඕනම දෙයක් කියන්න. ඕනම දෙයක් අහනන් දැන් මගේ හිත හයියයි" මුවින් එහෙම කිව්වට ඇතුලින් මගේ හිත අඬන බව මන් දන්නවා.
ඇය මගේ දෙනෙත් දිහා බලනවා. අපේ දෙනෙත් එකිනෙකට යාවෙනවා. ඒ දෙනෙත් ලොකූ කතන්දරයක් කියන්න හදන බව මට හැඟෙනවා. පුංචි කඳුලු බින්දුවක් ඒ ඇස් වලින් බිමට හැලෙන්න ලොකූ සටනක් දෙනවා. ඒත් ඇය ආයාසයෙන් එය වලක්වගෙන.
"අනූ.... ලබන දෙසැම්බර් මම මැරි කරනවා. එයාලගෙ ගෙදරින් වෙඩීන් එක ඉක්මනට ගන්න ඕන කියනවා. අනේ මට සමාවෙන්න" ඇය අමාරුවෙන් තද කරගෙන හිටිය කදුලු බින්දුව කදුලු රෑනක් වෙලා ඇගේ දෙනෙතින් කඩාගෙන වැටෙනවා.
"මම ඔයා එක්ක තරහා නෑ රත්තරන්. මේ දේ වෙන බව අපි දැනගෙන ගොඩක් කල්නෙ. ඔයා සතුටින් ඉන්න කෙල්ලෙ" මම මෙතෙක් වෙලා අල්ලගෙන හිතපු ඇගේ අත හෙමිහිට අත අරිනවා.
(මෙහි එන නම් ගම් සියල්ල මනකල්පිත බව කරුණාවෙන් සලකන්න.)
මල්ලි අර මරීනා සිංදුවත් ආයෙම පාරක් අහමුද..?
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... අවසානයක් නැති කදුලකට කරන ආරාධනාවක් විතරයි අයියා මේකෙ තියෙන්නෙ....
ReplyDeleteසුවර් එකටම මන:කල්පිත නම් හොඳයි.......
ReplyDeleteඅන්තිම වාක්‍යය නම් තදින්ම දැනුනා මට...........
දිගටම ලියමුද..හොද ආරම්බයක්....
ReplyDeleteඑල මචෝ.
ReplyDeleteඇත්තටම මේක පුංචි කතාවක් විතරක්ම නම් හොඳයි.
දිගටම ලියන්න. මගෙන් සුබ පැතුම්...
අදයි මේ පැත්තට ගොඩ වැදුනෙ. කතාව ඉතාමත් සංවේදීයි. නමක් නැති තවත් ආදරයක්.
ReplyDeleteමට ඔඅය වගේ කිසිම ඩෙයක් නොකියාම ගිහින් ඈය වෙන කෙන්ක් බෑදගත්තා ,,,
ReplyDeleteමේ ක මනංකල්පිත උන එක හොදයි නම්ගම් මනන් කල්පිත උනට කතාව ඈත්තද,,?
හ්ම්ම් ලස්සනට ලියලා තියෙනවා..
ReplyDeleteමං දන්නව බං ඔහොම උනාම කොච්චර රිදෙනවද කියල, ඔය හොඳයි, මට නොකියමයි ගියේ. ඒත් මං ආදරේ කරල කියල තේරුනේ එහම ගියාට පස්සෙ. ඉතිං වැරැද්ද කාගෙද
ReplyDeleteහරිම අපූරුවට ලියලා තියෙනවා යාළු. ඇත්තටම ඒක කතාවක් විතරක්ම වෙනව නම් හොඳයි.
ReplyDelete'ලස්සනයි කියන වචනෙවත් ලියා ගන්න මේ කී බෝඩ් එක පේන්නෙ නෑ මල්ලි... කඳුලු වලින් ඇස් වැහිලා....
ReplyDeleteනුබෙ කතා ලිවීමේ හැකියාව ගැන නම් කියල වැඩක් නෑ. ඒත් මේ කතාව ඉතින් සතුටු හිතෙන එකක් නෙමෙයිනේ.
දුකයි.. ඒත් උඹෙ කතා ලිවීමේ මාවතට එලඹීම පිලිබඳව සතුටුයි....
එළටම ලියල තියෙනවා මචෝ............. :)
ReplyDeleteදෙමාපියන්ගෙ හිත් සතුටු කරන්න..අපිට පුලුවන්ද අපි ආදරේ කරන කෙනෙකුට සදාකාලික දුකක් දෙන්න? ...එහෙම දුකක් දීල, දෙමව්පියො කියන කෙනෙක් එක්ක ගිහින් සතුටින් ජීවත් වෙන්න පුලුවන්ද? කොටින්ම අපි ආදරේ කරන් නැති කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්නෙ කෝමද අම්මලාව සතුටු කරන්න? මම හිතන්නෙ,ඒක කෙනෙකුට ගින්දරක් දීලා තමුනුත් සදාකලික ගින්නක දැවෙනවා වගේ.....ඇයි අපි එහෙම කරන්නෙ? දෙමව්පියන්ගෙ ආත්මාර්තකාමී කම වෙනුවෙන් අපි එහෙම කල යුතුමද???????????
ReplyDeleteමචං . . . .
ReplyDeleteමම අවුරුදු 11ක් ආදරේ කරපු කෙල්ල (මගෙ නෑන). . . අපි දෙන්නගෙ ආදරේට අවුරුදු 11ක් පිරුන දවසෙ . . . . . ඒ පුංචි සතුට සමරන්න අපි දෙන්න මිනුවන්ගොඩ බස් ස්ටෑන්ඩ් එකේ (මම රාජගිරියෙ . . . කෙල්ල මිනුවන්ගොඩමයි) හමු උන දවසෙ . . . . මට කීව . . .
"අපි ආයෙ මීට් නොවී ඉමු දු** . . . . මම ලබන මාසෙ බදිනව" කියල. . . . .
උඹ දන්නවද . . . . මම අවුරුදු 11ක ආදරේ අහිමි කලාට ඒ කෙල්ලට කලදේ . . . . .
කෙල්ල කසාද බදින්න සති දෙකකට කලින් මම එයාගෙ ගෙදර පේන්ට් කලා . . . . වත්ත සුද්දකරල . . . . ටෙන්ට් එක ගහල දුන්න . . . අන්තිමේදි . . . උත්සවය ඉවරවෙලා ජෝඩුව පිටත් උනාට පස්සෙ . . . පිගන් ටික හෝදලා අන්තිමට ගෙදර ආව . . . . .
නියමයි..
ReplyDeletemeka aththa kathawak neme wennathi kiyala hithanawa
ReplyDeletegodak duka hithuna
sinhalen type karanna danne na
@ඕනයා-ජීවිතෙ ඇත්තට ආදරේ කරපු කෙනෙක්ට ඔය කැප කිරීම අක්‍රන්න පුලුවන් අයියා. ඒත් ඔයාගෙ නෑනා අවුරුතු 11ක් කරලා තියෙන්නෙ ආදරෙ ද??? අනේ මංදා. ඔයා වගෙ අය ඇත්ත ලෝකෙ ඉන්න එකත් සතුටක්. ඒත් ඒක ඒ කෙනාට දුකක්. එක නිසා වෙන්න ඇති ඇත්තට ආදරේ කරන අය මේ ලෝකෙ අඩු.
ReplyDelete@නිරහංකාර අහිංසකාවි - ඔයා දන්නවද මට ඒ ගැන කිසිම දුකක් නෑ . . . ඇයි දන්නවද . . .?? එයාට නැති උනේ අවුරුදු 11ක් පුරා එක හිතින්ම එයාට ආදරේ කරපු . . . . එයා ගැන හොයල බලපු . . . . එයා නැතුව එක දවසක් වත් ජීවත් වෙන්න බැරුව හිටපු . . . . කොටින්ම කිව්වොත් එයාව නැතුව එක දවසක් වත් ජීවත් වෙන්න බැරි තත්වෙක හිටපු කොල්ලෙක් . . .
ReplyDeleteඒත් මට නැතිඋනේ . . . මම වෙනුවෙන් කිසිම හැඟීමක් තිබුනෙ නැති . . . තමන්ගෙ වාසිය විතරක් හිතපු කෙල්ලෙක් . . .
එතකොට ඔයාම හිතල බලන්නකො කවුද ඇත්තටම දුක් වෙන්න ඕනෙ කියල . . . .?
අදයි මේ පැත්තට ආවේ. හරිම ලස්සනයි... :)
ReplyDeleteසිරා කතාව , මට නම් හිතන්නෙ ඇත්ත කතාවක් වගේ
ReplyDeleteලැබීමට වඩා නොලැබීම සුනදරයි.මිනිහෙක් හරි ගෑනියෙක් හරි කවියෙක් කරන්නෙ ඔය කියන නොලැබීමම තමයි.
ReplyDelete