Monday, August 2, 2010

උණ විකාරේ කෙලින පිස්සු.....

ආරෝග්‍ය පරමා ලාබා ..... උදේ පාන්දරම වැපා එහෙම කිව්වා. ඇත්ත . ඒ කතාව සහතික ඇත්ත. ඒක හොඳටම තේරෙන්නෙ ලෙඩ උනාම. පෙරේදා රෑ ඉඳලම පොඩ්ඩ පොඩ්ඩ පෙනේ පුප්ප පුප්ප ඉඳලා අද උදේ දෂ්ට කරලම දැම්මා. ඇඟට පණ නෑ හොඳටම. ඔෆ්ස් ගියෙත් නෑ. දවල් ඒ පාර ගිහින් බෙහෙත් ටිකක් අරගෙන ආවා. ඔලුවත් පුපුරන්න වගේ. එහෙන් මම මේ තට්ට තනියම පට්ට පාලුවේ. එයාවත් හිටියනම්......  මේ උණ වැඩි වෙලා අමාරු වෙලා අසාධ්‍ය වෙලා මම මැරිලා යයිද. ඒක් අතකින් මරණය කියන්නේ සියලුම දුක් වේදනා වල අන්තය නේද? ඒ කියන්නෙ මරණය කියන්නෙ සැපතක්ද? මංදා..... අඩුම ගාන මම මැරිච්ච දවසකවත් එයා මාව බලනන් එයිද? මගේ ලඟින් මගේ තනියට ඉඳියිද... කරුනාරත්න දුවුල්ගනේ මහත්මයගේ සින්දුවක් මගේ හිතට ඇදිලා ආවේ ඒත් එක්කම. මම හෙමින් හෙමින් ඒ සින්දුව මුමුණන්න ගත්තා. මටත් පිස්සු.....
                   සින්දුවේ පද පෙල අයේ මම අමුතුවෙන් දාන්න දෙයක් නෑ. මගේ මිත්‍ර, ආදර කතාව ලියන සහෝදරයා මීට ටික කාලෙකට උඩින් ඔය ගීතයේ පද පෙල ලියලා තිබුනා. මේනන් ඒකෙ සබැඳිය. ඕනනම් සින්දුව අහන්නත් ඒකෙ ලින්ක් එකක් දාලා තියෙනවා.
                                               මම ඔයාලට දෙන්න යන්නේ වෙනම දෙයක්. මතකද අර මරීනා සින්දුව කියපු අර සුවිශේෂි පුද්ගලයා. මන් ඔන්න එයාටම කියලා මේ සින්දුවත් කියවගත්තා. මන් ඔයාලට දෙන්න යන්නේ ඒක. හැබැයි එකක් කියන්නම්. ඒක අහලා ඔරිජිනල් සින්දුවක් එපා විමේ පොඩි ප්‍රවනතාවක් තියෙනවා. සොරි සොරි... වරදුනා.... පොඩි නෙවෙයි... සෑහෙන්න ලොකු ප්‍රවනතාවයක් තියෙනවා. ඒක නිසා බොහොම කල්පනාවෙන් සවන් දෙන්නකො.



උණ විකාරෙ මමත් කරන දේවල්. අනේ අනිච්චං.....

17 comments:

  1. අපොයි මල්ලියේ... මම මේ ඇත්තමයි කියන්නේ.. ඔය සුවිශේශි පුද්ගලයට කියනන් සංගීතෙ ඉගන ගන්න කියල.. එච්චර ලයාන්විත විදියට කියනව!
    මාර ලස්සනයි...
    උණ විකාරේ මෙහෙවු ලස්සනට ගයන්න හැකි නම් ඉතින් ..... ශා... කියල වැඩක් නෑ... ලස්සන ගීතයක්.. ජීවිතේ හැටි තමයි මල්ලි.... ජීවිතේ හැටි.. අපි පතන දේ අපෙන් ඈතට යනව. සමහර වෙලාවට ලඟම පේනව.. ඒත් ලං වෙන්න බෑ...

    ReplyDelete
  2. මැරෙන එක හොඳයි බන් උණ විකාර වලට වැඩිය.....අම්මප සමහර වෙලාවට හරියට බය හිතෙනව..ගින්දරවාගෙ ගයනවා සින්දුවනම් කොළුවා....ඒ වුනත් මටනම් කියන්න තියෙන්නේ....මහගම සේකරගෙ රිමික්ස් එක....මා මළ පසු සොහොන් කොතක්වත් ගී ලියන්න තියා සොහොනක් හදන්න වත් එපා...අමතකම වෙලාම ගියදෙන්........

    ReplyDelete
  3. lassanai anu song eka, oyata mechchara lassanata sindu kiyanna puluwan kiyala man danagena hitiye na, eke thiyena dukath mata therenawa hodata, oyata wagema matath godak dukai, hamadema daraganna wenawa anu

    ReplyDelete
  4. අගෙයි මලේ ............

    දිගටම කරගෙන යන්න වැඩේ ......

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ... බෙහෙත් ගිනිං ........


    [අදත් සැඟවුණු දුක නොදැක්කම නොවෙයි ]

    ReplyDelete
  5. hmmmmmm!

    දුක එළියට දාන්නේ පොඩ්ඩ පොඩ්ඩ නේද?
    ලස්සනයි ලියල තියෙන එකනම්. කොල්ලගෙ හිත ශක්තිමත් කියලා මම හිතනවා. එහෙම නේද අනුරාධ

    ReplyDelete
  6. අපොයි අපොයි ඉක්මනින් සනීප වෙන්න...... මැරෙන්න හිතන්නේ මොකටෙයි? ඒක තේරුමක් නෑ හොදේ? දුක අපි එක්ක බෙදාගන්නකෝ.....

    ReplyDelete
  7. අපොයි උණ ඩිංගක් ගැණුනම මෙච්චර ඩිප ගහන්නේ මොකෝ මල්ලියේ... ලඟ පාත යාලුවෙක් කාරිය නැද්දෝ... ෂහ් ලංකාවේ හිටියානම් සුප් එකක් කාරිය හදන් බලන්න එන්න තිබ්බා.. හැබෑට උඹ කන්නේ කඩෙන්ද මල්ලියේ...?

    ReplyDelete
  8. @marina
    ඔව් හැම්දෙයක්ම ද‍රාගන්න වෙනවා. හැමදෙයක්ම..... අමාරු උනත් ඒක ක‍රන්න වෙනවා. ඔයාට ලැබෙන්න යන ලස්සන ජීවිතේ මන් වගේ කාලකන්න්යෙක් නිසා විනාස වෙන්න දෙන්න බෑනෙ. එක නිසා ද‍රාගන්නම වෙනවා.

    ReplyDelete
  9. @ජීවිතේමල්
    අපොයි අක්කෙ ඔයා ආස නැද්ද සංගීතේ තව චීරාත් කාලයක් පවතිනවට? ඔන්න එහෙම ආසාවක් නැත්නම් මන් කියන්නම් එයාට සංගීතේ ඉගෙන ගනන් පල කියලා.
    කිසිම දෙයක් නොපතන් කියලා හිතාගෙන ඉන්න පුලුවන්නම් හරි අක්කේ. ඒත් ඉතින් එහෙම ඉන්නත් බෑනේ.

    @Shadow/හේමලයා
    සමහර පුද්ගලයො මැරුණට පස්සෙ මතක හිටින්න අමුතුවෙන් සොහොන් කොත්, පිලිරූ හදන්න දෙයක් නෑ. මොකද එයාලා හැමදාමත් අපේ හිත් ඇතුලෙ ජීවත් වෙනවා. උඹ බය වෙන්න එපා. උඹත් ඒ දුර්ලභ මිනිසුන්ගෙන් කෙනෙක්.

    @වැප්
    බෙහෙත් ගත්තා මචන්. උඹේ අර චිකන් බාස්කට් එක එනකම් බලන් හිටියා. ඒක නැති තැන, ගිහින් බෙහෙත් අරගෙන අවා.

    @දිල්
    ම්ම්ම්.... ලියලා තියෙන එක ලස්සනයිද? කියලා තියෙන එක මොකද?... හික්ස්.. ශුවර් එකට ඔරිගිනල් එකත් එපා වෙන්න ඇති.
    මගෙ හිත ශක්තිමත් නොවුනනම් අක්කේ මෙලහකට මන් මැරිලා වලලපු තැන හැදිච්ච ගස් වලින් හදාපු අල්මාරිවලට වේයොත් ගහලා.

    @punchisamanalee
    ස්තූතියි පුංචි සමනලියේ.... දුක බෙදාගන්න එකතු උනාට. ඔයාලගෙ හිතවත්කම මට ගොඩාක් වටිනවා. අනන්තයට පියඹලා ආවට ස්තූතියි.

    @තිස්ස දොඩන්ගොඩ
    සුප්!... ආවූ.... ම්ම්ම්ම්.... කියන කොටත් කට්ට කෙල උනනවා. හැබැයි ඔන්න චිකන් සුප් හොඳේ.... නිකම් එලවලු සුප් එපා...
    හි හි... අයියට වැරදිලා.... මන් කන්නෙ කඩෙන් නෙවෙයි... කටෙන්..... හැබැයි කෑම ගන්නෙනම් කඩෙන්......

    ReplyDelete
  10. අපුරුයි..!!
    සුපිරි.!

    ReplyDelete
  11. @Ansh Lucky Sri Jay
    තැංකූ තැංකූ.... අම්මෝ.... සුපිරියි! හොඳ වෙලාවට කොලර් එකක් තියෙන ශර්ට් එකක් ඇඳන් හිටියේ. නැත්නම් හරි අපරාදයක් වෙන්නේ.

    ReplyDelete
  12. ලස්සනයි. ඔයාට සින්දු කියන්නත් පුලුවන් නේ.

    ReplyDelete
  13. @ayesha
    කියන්න පුලුවන් අයේශා.... ඕක ගායනා කොරන්නනෙ බැරි....

    ReplyDelete
  14. අනේ මින් පස්සේ උන වැඩි වුනාම සින්දු නම් කියන්න එපා.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  15. @මැණික්(සුළඟ)
    අන්න ඔයා තමයි බය නැතුව ඇත්ත කිව්වේ. උණ තියෙද්දි විත‍රක් නෙවෙයි. නැතිකොටත් මම කියන්න හොඳ නෑ සින්දු....

    ReplyDelete
  16. උඹට හොඳ voice එකක් තියෙනවා, නිකමට හරි music ටිකක් ඉගෙන ගන්න බලපන්. වරදක් වෙන එකක් නෑ.

    ReplyDelete
  17. @නිශාචරයා Nishacharaya
    අපොයි උඹ හදන්නෙ මාව ගල් ගහලා ම‍රවන්නද?

    ReplyDelete