Tuesday, July 27, 2010

ම‍රීනා........ ම‍රීනා........

දෙවැනි ලෝකයේ මහා යුද්දයට බැඳී මැක්සිකෝ රටට ගිය ලංකාවේ තරුණයෙක් එහිදී මරීනා නැමති තරුණියක් සමඟ ආදරයෙන් සිට, යුද්දය අවසානයේදී ඇගෙන් වෙන්වී එන දින වෙරළට ආසනන්ව යාත්‍රා කරන නැවේ සිට මෙම ගීතය ගායනා කරයි. ඈ වෙරළේ සිට මේ ගීතයට සවන් දෙයි.

ම‍රීනා........ ම‍රීනා........
ඔබව අමතක වෙන්නෙ නෑ
ම‍රීනා........ ම‍රීනා........
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ

ඔබෙ රට මේ මැක්ස්කෝවයි හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකාදීපය මට හරිම ආසයි
බැඳිලා යුද්දෙට  මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
ඒ සුන්දර මරිනා මගේ ආදරේ ඔබටයි.

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........

මුහුදු වෙරලෙදි සවස් කාලෙට
ගලක් උඩට වෙලා
අනාගතෙ ගන කතා කල හැටි
දුකයි මතක් වෙලා
ඔබේ මවුපියො ඔබෙ රට හැර
එන්න බැහැ කියලා
කිව් නිසයි මගෙ ආදරියෙ
මම යන්නෙ ඔබ දාලා

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........

ඔබ වගේ මම මගේ මව්පියො
දෙගුරුන් සලකනවා
ඔබ වගේ මම මගේ රටටත්
ජීවිතේ දෙනවා
ඔබ වගේ මම  මමත් ඔබ ගැන
කඳුලු වගුරනවා
ගඟට කැපු ඉනි දිහා බලලා
පසුතැවිලි වෙනවා

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........
ම‍රීනා........ ම‍රීනා........

මේක M.S ප්‍රනාන්දු මහත්මයා විසින් ගායනා කරන ලද ගීතයක් කියන දේ විතරයි මේ ගිතය සම්බන්දයෙන් මම කියන්න දන්නේ. කොහොම උනත් මේක මම හුඟක් ආස කරන ගීතයක්.  වචන, අදහස, තනුව වගේම මේ ගීතයේ කියවෙන නම මගේ ජීවිතයට හුඟක්ම සම්බන්ද වීමත් මේ ගීතයට මම හුඟක් ප්‍රිය කරන්න හේතු වෙන්න ඇති. මීට දෙවසරකට කලින් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් ඇති කලා. හරියටම වසර දෙකකට පසුව මේ දින වලත් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් සිදුකර යමින් පවතිනවා. ඒ නිසාම වෙන්න ඇති මේ සින්දුව අහන්න මම මේ තරම් ආසවක් දක්වන්නේ.
                සින්දුව අහන්න ඕනෙනම් http://www.infolanka.com/miyuru_gee/ කියන සයිට් එකට ගිහිල්ලා M.S ප්‍රනාන්දු කියන නම යටතේ තියෙන කියන Mareena සින්දුව සිලෙක්ට් කරලා ප්ලේ කරන්නකො. හැබැයි මේ සයිට් එකෙන් සින්දු අහන්න නම් Real player 1 කම්පියුටර් එකේ තියෙන්න ඕනේ.සින්දුව බාගන්න තැනක් මන් හෙව්ව හෙව්වා හොයාගන්න බැරි උනා. මගෙ ෆෝන් එකේනම් සින්දුව තියෙනවා. ඒත් ඒකෙ Sound අප්සට්. ඒක නිසා ඒක දාලා වැඩක් නෑ. කොහොම උනත් මෙන්න විශේෂ පුද්ගලයෙක් මේ සින්දුව කියද්දි හොරෙන් පටිගත කරගත් හඬ පටයක් තියෙනවා. හුදී ජන පහන් සන්වේගය උදෙසා මන් ඒක දාන්නම්. අහලා බලන්නකො කියන කෙනා අඳුරගන්න පුලුවන්ද කියලා.

17 comments:

  1. ලස්සනයි කොල්ලෝ..
    කියන්න වචන නැහැ.ඒ විශේෂිත පදුගලයා උඹම වෙන්න ඔන..
    තමන් කරන දේ ගැන කියන්න බය වෙන්න එපා බං..
    උඹෙ කට හඩ හුගාක් ලස්සනයි.

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි බෙදාහදාගත්තට......:)

    ReplyDelete
  3. මල්ලියා
    මේක කියන්නේ ඔයාද ? හරිම ලස්සනයි මල්ලි... අනේ .....
    ගීතය වගේම ගීතය ගැන කතාවත් , ගී ට්‍රැක් එකත් තුනම ගොඩක් ලස්සනයි...
    කතාව පි‍ටුපස තියන දුක ගැනනම් දුකයි...

    ReplyDelete
  4. මරීන කියල cooking oil එකකුත් තියනව. මම දැකල තියනව TV එකේ

    ReplyDelete
  5. සහෝ ගීතය ලස්සනට ගායනා කරනවනේ. එල එල

    ReplyDelete
  6. I'm glad to hear your voice dear anu, your voice is sooo beautiful, though i have to apart from u due to some reasons i'm still loving u my dear, i'm sooo sad, thanks my dear anu, i'm yours marina

    ReplyDelete
  7. මට අහන්න බැහැනෙ ඒක...එක්කෙනෙක් මෙන්න 'cooking oil' ගැන කියනවා..අනේ අනේ එයාට ඉතින් හැම දෙයක්ම විහිලු....දෙන්නටම පිස්සුනෙ.....

    ReplyDelete
  8. මම මේ සින්දුව ඇහැව්වේ පළමු පාරටද කියලාත් හිතෙනවා .....

    කොහොම හරි උබ ලස්සනට කියලා තියනවා ... එලස් මචං


    ඊලඟ වටයට තොරනවා ....

    [ සැඟවුණු දුක නොදැක්කම නොවෙයි ..... ]

    ReplyDelete
  9. @මාරයාගේ හෝරාව
    හි හි... මාරයියට තේරුනා...
    "උඹෙ කට හඩ හුගාක් ලස්සනයි."
    මහන කෙනෙක් වෙලා ඉඳලත් ඔහොම බොරු කියන 1 හොඳෙයි මන් අහන්නේ. හික්ස්.... කමක් නෑ බොහොම ස්තූතියි මාරයියේ....

    @Shadow/හේමලයා
    අයියෝ ඕක මොකද්ද... සුලු දෙයක්නේ මචන්.

    @ජීවිතේමල්
    අහා අහා අහා...... මන් තමයි.... තල් අත්තට බොරළු වැටෙනවා වගේ නේද?
    හ්ම්ම්.... දුකනම් තමා අක්කේ.... මොනා ක‍රනන්ද ඉතින්....... දෛවයනේ.........

    @ආදර කතාව
    ඔව් ඔව්... මමත් දැකලා තියෙනවා TV එකේ ඇඩ් එක යනවා... ඒක දකින කොටත් අමුතු ගැම්මක් ආවා ඒ දවස් වල.... .හි.. හි...
    ඔරිජිනල් එක අහපන්... එතකොට මගේ එක මොකද්ද කියලා හිතෙයි.. හික්ස්...

    @nethara
    ඔයාට අහන්න බැරි ඔරිජිනල් එකද නැත්නම් අර විශේෂිත පුද්ගලයා කියන එකද?
    මොකෝ අහන්න බැරි තරම් චාටර්ද?
    නෑ ඉතින් cooking oil කතාවත් ඇත්තනෙ.

    @වැප්
    අහපු පලවෙනි සැරේම එපා උනේ නෑනේ... හික්ස්...
    අපොයි ඇති යාන්තම්.... ඔන්න මේ සැරේ තමයි උඹට මගේ දුක පෙනුනේ.... කොච්චර දෙයක්ද ඒක.

    ReplyDelete
  10. @ම‍රීනා
    ඔයා මෙතන කමෙන්ට් එකක් දාපු එක ගැන මට ගොඩක් සතුටුයි කෙල්ලේ. මම දන්නවා. ඔයා මට හැමදාමත් ආදරෙයි. ඔයා මේ ලියලා තියෙන හැම අකුරකම ගැබ් වෙලා තියෙන්නේ ඒ ආදරේ. දෛවය කොයි තරම් ඈත කෙලවරවල් දෙකකට අපිව ගෙනිහින් දැම්මත් අපේ හිත් වල තියෙන ආදරේ විනාශ කරන්න බෑ කියලා මම දන්නවා. ඒ වගෙම ඔයත් ඒක දන්නවා. මම මේක ලිව්වෙ ඔයා වෙනුවෙන්. ඔයා ගොඩ දවසක් තිස්සෙ මට කිව්වා සින්දුවක් කියන්න කියලා. ඒත් මට ඒක කරන්න අවස්තාවක් ලැබුනෙ නෑ. ඒත් මම හැමදාම ඔයා කියපු සින්දු ටික රසවිඳිනවා. ඒක නිසා මට හිතුනා ඔයාගෙ ඉල්ලිම ඉටු කරන්න. මෙ සින්දුව ඔයාටයි. මගෙම ආදර මරීනා...... ඔයාටමයි......
    ඔයාගේ අනිත් ඉල්ලිමත් මම හැකි ඉක්මනින්ම ඉටුකරන්නම්.

    ReplyDelete
  11. අනේ ඔර්ජිනල් එක අහල තියනවා...විශේෂ පුද්ගලයා කියන එකයි අහන්න බැරි...ඒක එවන්නකෝ.....

    ReplyDelete
  12. මල්ලියේ...
    මම හුගාක් ලිපි කියවනවා දවසකට..
    ඒත් කමෙන්ට්ස් කරනවා හරිම අඩුයි. මොකද කියවන හැම ලිපියකටම කමෙන්ට්ස් කරන්න ගියොත් මට කියවන්න තියෙන කාලය අඩු වෙනවා.
    අනික හුගාක් බ්ලොග්වල තියෙන ලිපිවලට කමෙන්ට්ස් කරන්න තරම් දෙයක් නැති දේවල්. මම ඒවා නරකයි කියනවා නෙවෙයි..ඒත් මට මීටර් වෙන පරාසයට එහා හෝ ඒ අසලටවත් නොඑන ඒවා ඒ.

    සමහර පොස්ට් දැක්කම අනිත් වැඩ පැත්තක දාලා කමෙන්ට්ස් දාන්න හිතෙනවා.
    ඇත්තටම උඹෙ කටහඩ ලස්සන හින්දයි මම එහෙම ලිවුවෙ..එහෙම නොවුනනම් මම මොනවත්ම නොලියා ඉන්නවා. ඇත්තටම මම තේරුම් ගත්තා උඹ ඒ සිංදුව කියන්නේ කා වෙනුවෙන් හරි තමයි කියලා. නැත්තං මෙ හදිස්සියේ උඹ සිංදු කියන්න යයිද..?
    වටිනම දේ තමයි එහෙම අරමුණකින් කියද්දිත්, දැන් වෙලා තියෙන දේ අනුවත්..උඹෙ කටහඩෙ කිසිම වෙවුලිල්ලක් නැතිව උඹ ඔක කියන එකයි..මට කවදාවත් ඒක කරන්න බැහැ.
    මම මෙ ටික ලිවුවෙ උඹ මම බොරු කිවුවයි කියලා කියපු නිසයි.
    ඇත්තටම මම බොරු කිවුවා නෙවෙයි.

    ReplyDelete
  13. @nethara
    ඈ.... ඒ මොකද ඒ.... ඒ කියන්නෙ ඒක play වෙන්නෙ නද්ද? හ‍රි හ‍රි.... මන් එවන්නම්කො... හැබැයි ඔන්න සින්දුව එපා ක‍රා කියලා මට එහෙම පස්සෙ දොස් කියනන් එපා.

    @මාරයාගේ හෝරාව
    අයියෝ නෑ අයියේ... ඔයා ඒක සීරියස් ගත්තද? මන් විහිලුවටනෙ කිව්වේ. ඇත්තටම මට සතුටුයි අය්යා මාව අගය ක‍රපු එක ගැන. අනිත් ඒක ඒ වගේ අගය කිරීමක් මට ලැබෙනෙන් ඔහොමත් කලාතුරකින් තමයි. හික්ස්........ ඉතින් ඒහෙම ඒකේ ලැබුනු අගය කිරීම බාර නොගෙන කොහොමද...
    මම ඉස්සර ඉඳලම සින්දු කියලා සල්ලි හම්බ කලා නෙව. අපේ අහල පහල ගෙවල් වල් උදවිය හැමදාම මට සල්ලි දෙනවා.... නෑ නෑ සින්දු කියන්න කියල නෙවෙයි.... සින්දු නොකිය ඉන්න කියලා......හි.. හි...
    මම පොඩි කාලෙ ඉඳලම දුක වහගෙන හිනා වෙන්න පුරුදු වෙච්ච කොල්ලෙක්නෙ අය්යේ. ඒක නිසා ඒක එච්චර ගානක් නෑ. ඒකයි කටහඬේ උනත් කිසිම වෙවිලීමක් නැතුව ඇත්තේ....

    ReplyDelete
  14. don't worry brother there's no time to worry about anything bcoz life is too short..and we have to live it before our time goes by....

    ReplyDelete
  15. @nishi
    ම්ම්ම්... හානේ මේ අපේ නිශී අක්කද? මේ පැත්තෙත් ආව එහෙනම්.... අය්යා වෙන්ටැ පාර කියන්න ඇත්තේ.... ඉස්ස‍රම ඉස්ස‍ර එක දවසක් මගේ සිංහල තේරෙන්නෙ නෑ කියලා කිව්ව නේද? අද අවුලක් උනේ නැද්ද? හික්ස්...

    ReplyDelete
  16. මචං උඹ ලස්සනට සින්දුව කියනවා...
    සමහර විට තමන්ගේ හිතේ ඉන්න කෙනා වෙනුවෙන් කියන නිසා වෙන්ඩැති වැඩිමනත් ලස්සන....

    මේ ගීතය මට මතක් කරන්නෙ අපේ පොඩි සීයව...
    සීයත් දෙවැනි ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් සටන් කරපු කර්නල් කෙනෙක්... එයා වැඩිපුරම ඉඳල තියෙන්නෙ ඉතාලියේ... එහෙදි ඉතාලි කෙල්ලෙකුට ආදරය කරල තියෙනවා...
    ඒත් ලොකු සීයා ඒ කියන්නේ අපේ තාත්තගෙ තාත්තා ඒකට කැමති වෙල නැතිව පොඩි සීයව ලංකාවට ගෙන්නගෙන තියෙනවා... පොඩි සීයා ඉන් පස්සෙ කවදාවත් ලංකාවේ කෙල්ලෙකුට ආදරේ කළේවත් විවාහ වුණේවත් නෑලු...

    ReplyDelete
  17. අම්මට සිරි උබට මාර කටහඩක් තියනවනෙ පලයං සුපර් ස්ටාර්

    ReplyDelete