Monday, July 19, 2010

හිත රැඳුනු ගීයක්....

සාමාන්‍යයෙන් මගේ දවස ගෙවෙන්නෙ සිංදුත් එක්ක. සිංදු නැතුව මගේ දවස ගෙවෙනෙන් නැති තරම්. 5GBටත් වඩා පිරවිලා තියෙන සිංදු ලොට් එකයි අන්තර්ජාලයෙන් හොයාගන්න සිංදුයි තමයි හැමදාමත් හොඳම මිතුරෙක් වගේ මගේ ලඟින් ඉන්නේ. ඒත් පහුගිය 13 වෙනිදා ඉඳන් ඊයෙ මධ්‍යම රාත්‍රිය වෙනකම් මම කිසිම සිංදුවක් ඇහුවෙ නෑ. කොටින්ම සිංදුවක්වත් අහන්න හිත ඉඩ දුන්නෙ නෑ කිව්වොත් නිවැරදියි. ඒත් හදිස්සියෙම ඊයේ රෑ එක්තරා කෙනෙක් මට එක් සිංදුවක් මතක් කලා. ඒ වෙලවෙම මට ඒ සින්දුව ඇහීමේ අසාවක් ආවා. ඒත් මගේ ගීත එකතුවෙ ඒ ගීතය අඩංගු වෙලා තිබ්බෙ නෑ. එහෙමයි කියලා මම සැලෙනවද? පටස් ගාලා ගියා http://www.infolanka.com/miyuru_gee සයිට් එකට. සිංදුව හොයාගත්තා ඇහුවා. එතනින් නැවතුනේ නෑ. ගූගල් අය්යගෙන් පාර අහගෙන ගිහිල්ලා සිංදුව බාගතත් කරගත්තා. දවස් ගානකට පස්සෙ අහපු නිසාද දන්නෙත් නෑ. ඒ සිංදුව මාර විදියට වැදුනා. අද දවස තිස්සෙම මම ඇහුවෙ ඒ සිංදුවමයි. වැඩේ කියන්නෙ කොච්චර ඇහුවත් එපා උනේ නෑනේ. ඒකට කොච්චර හිත ගියාද කිව්වොත් ඔන්න ඒ ගැන පෝස්ට් එකක් දාන තරමටම ඒක දුර දිග ගියා. මේක මහ ලොකු අමුතු සින්දුවක් නෙවෙයි. ඒත් වෙනද ඒ සිංදුව අහද්දි දැනුනෙ නැති පුදුමාකාර අපූර්වත්වයක් මම ඊයේ ඒ සිංදුව තුල දැක්කා. වැඩි බයිලා ඕනෙ නෑ. මෙන්න සිංදුව. මේක ගායනා කරන්නෙ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා.



ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා


ඔබ මං මුලා වෙලා ගියා
පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ
සිහිනෙකින් පවා
අද ඔබගේ ජීවිතේ
කතරකී වාලුකා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා

මතකේ තිබේද ඒ යුගේ
මාගේ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ
ශෝක වේදනා
ඝන අන්ධකාරයේ
පාලුවේ කිමිදුනා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා

ඔන්න සින්දුව බාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒකට සබැඳිය. මෙන්න මෙතන ඔබලා ගිහින් ඒක බාගත කරගන්න.
බාගත කරගන්න කම්මැලි කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔන්ලයින්ම අහන්නකො.


7 comments:

  1. මිල්ටන් ගයන ගී අතුරින් මගේ ප්‍රියතම ගීයක්....

    ReplyDelete
  2. මගෙත් ප්‍රියතම ගීයක්..

    ReplyDelete
  3. අනුරාධ...අන්තිම පේලිය උඩට එන්න ඕනෙ ඔය සින්දුවෙ...කෝමත් කමක් නෑ....ලස්සනයි..ආආ.....''..ගන අන්ධකාරයේ පාලුවේ කිමිදුනා....තනිවූයෙ ඔබ නොවේ මා පවා තනි උනා...''

    ReplyDelete
  4. @Shadow/හේමලයා
    මේකට අකමැති කෙනෙක්නම් හොයාගන්න අමාරු වෙයි නේද හේමලයො.
    මේක මගේ මතකෙන් ටිකක් ගිලිහිලා තිබ්බ සින්දුවක්. මේක මට ආයෙත් මතක් කරලා දීපු කෙනාට දහස් වාරයක් මේ වෙලාවෙ මම ස්තූති කරන්න ඕන.

    @Ansh Lucky Sri Jay
    ලස්සන දේවල් වලට, මිහිරි දේවල් වලට කවුද අකමැති නේද?
    ස්තූතියි.

    @nethara
    ආ.... මාර කේස් එකක්නේ නෙතාරා. මේ සින්දුවේ වර්ශන් 2ක් තියෙනවා. එකක් මේ මන් දාලා තියෙන එක. අනිත් එක ඔයා ඔය කියන විදිය. මමත් දැන් දැක්කේ. මම එකෙන් අහපු එක තියෙන්නෙ මේ මම ලියල තියෙන විදියට. ඒත් මේ ඩවුන්ලෝඩ් කරගන්න දාල තියෙන 1 තියෙන්නෙ ඔයා කියන විදියට. ඔයා කියන විදිය වඩා හොඳයි හැබැයි. මොකද ඒකේ එකම කෑල්ල රිපීට් වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  5. කරුණාවෙන් සලකන්න.
    මේ සින්දුවෙ ආකාර දෙකක් තියෙනවා. එකක් ඔය මන් කලින් කියලා තියෙන විදිය. ඒත් මම දාල තියෙන ලින්ක් වලින් සින්දුව ඇහුවනම් හරි බාගත්තනම් හරි තේරෙයි ඒ සින්දුව මම මේ ලියලා තියෙන එකට වඩා වෙනස් කියලා. මම සින්දුව ලිව්වෙ www.infolanka.com/miyuru_gee සයිට් එකෙන් අහගෙන. නෙතාරා නංගි කිව්වමයි මාත් බැලුවෙ මොකද්ද මේ වෙනස කියලා. බැලින්නම් සිංදුව මේ දෙවිදියටම කියනවා. ඉතින් මන් කොකටත් අනිත් විදියත් ලියලා දාන්නම් වැඩි හොඳට. ආ... ඊට කලින් දෙයක් කියන්න ඕන. මේ වෙනස හොයාගන්න මග පාදපු නෙතාරා නංගියේ..... ඔයාට බොහොම ස්තූතියි.

    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙලා

    මතකේ තිබේද ඒ යුගේ
    මාගේ චේතනා
    වැටහෙන්නෙ දැන්ද ආදරේ
    ශෝක වේදනා
    ඝන අන්ධකාරයේ
    පාලුවේ කිමිදුනා
    තනිවූයෙ ඔබ නොවේ
    මා පවා තනි උනා

    ඔබ මං මුලා වෙලා ගියා
    පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ
    සිහිනෙකින් පවා
    අද ඔබගේ ජීවිතේ
    කතරකී වාලුකා
    හිනහෙන්න යලි දිලෙයි
    දෛවයේ තාරුකා

    ReplyDelete
  6. සහෝ,, මටත් කියනවද සින්දු බාන ක්‍රමේ

    ReplyDelete
  7. @dona
    ඔයා ඔය අහන්නෙ දැන් මම මේ දාල තියෙන ලින්ක් එකෙන් සින්දුව බාගන්න විදියද නැත්නම් සමස්තයක් විදියට මොකක් හරි ඔයාට ඕන සින්දුවක් හොයලා බාගන්න විදියද?
    ඔය මන් දාලා තියෙන ලින්ක් එකට ගියාම Download now කියලා කොලපාටට හුරු බට්න් එකක් ඇති. ඒක ඔබන්න විතරයි තියෙන්නෙ.

    ඔයාට වෙන සින්දුවක් හොයගෙන බාගන්න ඕනනම් කරන්න තියෙන්නෙ හරිම පොඩි වැඩක්. "සින්දුවෙ නම.mp3" කියලා නිකම් google එකේ ගහලා search කරන්න. සින්දුව බාගන්න පුලුවන් තැන් ඕන තරම් ඒවි. එයින් සයිට් එකකට ගිහින් බාගන්න එක විතරයි කරන්න තියෙන්නෙ.

    ReplyDelete