Friday, June 25, 2010

මානසික පීඩනය

මේ දවස් වල මමත් ඉන්නේ පොඩි මානසික පීඩනයකින්. මොකද එකක් ඉවර වෙන්න තව එකක් ප්‍රශ්ණ. මගේ ප්‍රශ්ණ අහල ඔයලා කියයි " අපෝ ඕවත් ප්‍රශ්ණද" කියලා. එත් ඉතින් තමන්ගේ මට්ටම් තන්මැට්ටම් කියල කතවක් තියෙනව්නේ.  ඒක නිසා මගේ ප්‍රශ්ණ මට ලොකුයි.  නෑ නෑ... බය වෙන්න එපා. මන් මේක ලියන්නේ මට තියෙන ප්‍රශ්ණ ටික කියො කියො අඬන්න නෙවෙයි. මට හම්බ  උනා මනසික පිඩනය ගැන කියවෙන පොඩි කතවක්. මනසික පිඩනයකින් ඉන්න අයට තම තමන්ගෙ පීඩනේ තරම මැනගන්න මේ කතාව හොඳයි. මාත් මගේ තියෙන පීඩනේ මැන ගත්තා. ඔයාලත් කියවල බලන්නකො මැනගනන් පුලුවන් වෙයිද කියලා. මුලින්ම කියන්න ඕනෙ මේක මට විද්‍යුත් තැපෑලෙන් ආපු එකක්. මන් ඉතින් හුදී ජන පහන් සංවේගය උදෙසා ඒක සිංහලට පරිවර්තනය කොරනවා වීතරයි.

                        ඔන්න එක්තරා පුද්ගලයෙක් තමන්ගේ නවීන පන්නයේ මෝටර් රථයත් පදවගෙන මදක් පාලු පාරක යමින් ඉන්නවා. හොඳ සින්දුවක් එහෙම අහගෙන ආතල් එක යන මේ මනුස්සය දකිනවා ටිකක් ඈතින් ලස්සන හුරුබුහුටි කෙලි පැටික්කියක් පාරෙ අයිනෙ හිටගෙන  ඉන්නවා. ඈත උනත් ඒ වගේ දෙයක් පේනවනේ සාමාන්‍යයෙන්. ඒක නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා. යනගමන් පොඩි ඇස් පාරක් ගහගෙන යන්න ඕන කියන පහන් සිතුවිල්ලත් එක්ක ඉදිරියට යන මනුස්සය එක පාරටම වොට් 33000ක් වදුනා වගේ ෆුල් අඤ්ඤකොරොස් වෙලා යන්නේ මේ ගෑනු දැරිවි කාරෙකට අත දාපු නිසා. අම්මා ගහයි බැට් එකෙන්. මේ පාලු පාරේ ඉඳන් මෙච්චර ලස්සන කෙල්ලෙක් මගෙම කාරෙකට අත දැම්මෙ ඇයි අප්පා කියලා මේ මනුස්සයගෙ හිතේ දහසක් ප්‍රශ්ණ මතු වෙනවා. මේකි හොරෙක්ද, නැත්නම් ඇත්තටම ලිෆ්ට් එකක් ඉල්ලන අහිංසක කෙල්ලෙක්ද, ප්‍රශ්ණ ලෝකයයි. ඒ කියන්නේ පුංචි මානසික පීඩනයක් මනුස්සයගෙ හිතෙ ඇති වෙනවා. මොනවා උනත් අපාරාදෙ කියන්න බෑ හිත හොඳ මනුස්සයා. කෙල්ලව පහු කරගෙන මීටර් 5ක් විතර ගිහින් ගහනවා බ්‍රේක් එකක් බ්‍රාරාස්..... ගාලා. ආයෙ රිවස් කරලා එනවා කෙල්ල ගාවට. මොකද මිනිහගේ හිත දැන් උනු වෙලා වැක්කෙරෙන ගානයි. ඉස්සරහා වීදුරව පහත් කරල කෙල්ල පැත්තට එබෙනවා.
"ඇයි නංගි. කොහාටද යන්න ඕන"
"අනේ අය්යා... මාව හොස්පිට්ල් එක ගාවට පොඩ්ඩක් දාන්න පුලුවන්ද?" කෙල්ල ඇදලා පැදලා අහනවා. කෙල්ලගෙ  මුකුලු කතාව ඉස්සරහා මිනිහට බෑ කියන්න බෑ. ඕන පු...ක් දෙකයි පනහයි කියලා මිනිහා ඉස්සරහ දොර ඇරලා කෙල්ලව වාහනේට නග්ග ගන්නවා. ඔන්න කෙල්ලවත් දාගෙන වාහනේ ඉස්සරහට ඇදෙනවා. අපේ කතා නායකයා කෙල්ල එක්ක පැනි බේරෙන චැට් එකකුත් දාගෙන වාහනේ ඩ්‍රයිව් කරනවා. හැබැයි තාම අර මානසික පීඩනය අඩු වෙලා නෑ. වීරයා වගේ නග්ගගත්තට මොන මරාලයක්ද දන්නෙ නෑනෙ.
                                         කොහෙමින් කොහොමින් හරි දෙන්නා හොස්පිට්ල් එක ගාවට ආවා කියමුකො. හොස්පිට්ල් එක ඉස්සහහින් කාර් එක නවත්තලා මිනිහා කියනවා
"ඔන්න එහෙනම් මන් මගේ යුතුකම කරා. දැන් නංගි ගිහින් බෙහෙත් ගන්න. මම යන්නම්. මෙන්න මගේ නම්බර් එක. ඕන කමක් උනොත් කතා කරන්නකො."
පෙනේද සත්ත කරුණාවක මහත.
මෙන්න ඊලඟට කෙල්ල කියපි.....
" අනේ අයියා මට හොස්පිට්ල් වලට ගිහින් පුරුද්දක් නෑ. අනේ කරදරයක් නෙවේනම් තරහා නැතුව මත් එක්ක එන්න පුලුවන්ද. බෙහෙත් ටික ගන්නකම් විතරයි. අන්නේ ප්ලීස් අය්යා...."
කටක් ඇරලා කෙල්ලට බෑ කියන්න මිනිහගේ හිත ඉඩ දෙන්නෙ නෑ. මිනිහත් ඔන්න කෙල්ල එක්ක හොස්පිට්ල් එක ඇතුලට යනවා.
                                      කෙල්ල ඩොක්ට කෙනෙක් ඉන්න රූම් එකක් ඇතුලට යවලා පොර එලියෙ තියෙන පුටුවක වාඩියක් දාගෙන ඉන්නවා කෙල්ල ආයේ එනකම්. ඔන්න ටික වෙලාවකින් කෙල්ල එනවා ඩොක්ටවත් පෙරටු කරගෙනම .
"ආ.... මිස්ට... ඔන්න සුභ ආරංචියක්.... මිස්ට තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ...." ඩොක්ටගේ කතාවෙන් පොර ඩිම්පුල් වෙලා යනවා. ඔන්න තවපොඩි මානසික පීඩනයක් පොරට ඇති උනා.
"අනේ නෑ ඩොක්ටර් මම මෙයාගේ හස්බන්ඩ් නෙවෙයි. මම මෙයාට ලිෆ්ට් එකෙක් දුන්න විතරයි. කියන්නකො නංගි ඩොක්ටට..." ඩොක්ටගේ වැරදි වැටහීම නැති කරන්න පොර වචන ගලපනවා.
"අනේ...... බලන්න ඩොක්ට... පෙනේද දැන් කියන කතාව. ඒ පාර මාව නිකම් ලිෆ්ට් එකක් ඉල්ලපු ගෑනියෙක් ගානට දාලා. මගේ බඩට ලමයෙක් දෙද්දිනම් ඔහොම කිව්වෙ නෑ. බඳිමුද ඇහුවම හැමදාම මග ඇරියා. අපෝ මේ පිරිමි ජාතිය නම්....... දැන් මේ දරුවත් එක්ක මාව තනි කරලා අත පිහිදාගනන්ද හඩන්නේ....."
කනේ පාරක් ගහනවා වගේ කෙල්ල කියපු කතාවෙන් මනුස්සයගේ මානසික පීඩනේ ඩබල් ට්‍රිබල් උනා. මිනිහා දැන් කරුණු පැහැදිලි කරන්න උත්සහා දරනවා. කෙල්ල වැලහින්නි වගේ අඬනවා.
"මේක පොලිස් කේස් එකක්. අපිට මේ ගැන පොලීසියට දන්වන්න වෙනවා" මිනිහගේ මානසික පීඩනේ තවත් උත්සන්න කරමින් අන්තිමේදි ඩොක්ට කිව්වා.
පොලීසියෙන් ඇවිත් දෙන්නගෙන්ම ප්‍රශ්ණ කරනවා. එතනදිත් වැඩි වාසිය කෙල්ලගෙ පැත්තට. අපේ කතානායකයට විරුද්දව තමයි සියලු ප්‍රකාශ ඉදිරිපත් උනේ. දැන් ඔන්න මිනිහගෙ මානසික පීඩනය හොඳටම නැගලා. අන්තිමේදි වෛද්‍ය පරීක්ශණයක් තියන්න ඔන කියන එකඟතාවයකට ඇවිත් සාකච්චාව නවතිනවා.
ඔන්න පරීක්ශණෙත් තියලා ඊට චුට්ටකට පස්සේ ඒකෙ ප්‍රථිපලත් එනවා. හෝව්... හෝව්.... මන් මුලින් කිව්වෙ නෑ නේද මේක ලංකාවෙ වෙන සීන් එකක් කියලා. එහෙම කියලා තිබ්බනම් මන් හෙන බොරු කාරයෙක් වෙනවා. ඔය තරම් කාර්‍යක්ශමව ඔය වැඩ වෙන්නෙ නෑනෙ මෙහේ. මේකත් ඇවිල්ල අර එකමත් එක රටක වෙන එකක් හොඳේ.
ඔන්න ඉතින් වෛද්‍ය වාර්තව බලලා ඩොක්ට කියනවා
"අපිට සමාවෙන්න මිස්ට.. අපිට ලොකු වැරදීමක් උනේ. අර ගැහැනු ලමයා ලොකු බොරුවක් කරලා තියෙන්නේ. ඔයට පුලුවන් ඕනෙනම් එයාට විරුද්දව නීති මර්ගයෙන් කටයුතු කරන්න."
"ඇයි ඩොක්ට මොකද්ද වාර්තවෙන් කියවෙන්නේ" ඉවසිල්ලක් නැති නිසා මිනිහා මැදට පැන්නා.
"මේ වාර්තාවේ හැටියට මිස්ටට දරු පල නෑ. මිස්ටට දරුවන් හදන්න හැකියාවක් නෑ. ඒක නිසා ඔප්පු වෙනවා........."
ඩොක්ට ඊ ලඟට කිව්ව මේලෝ දෙයක් මිනිහට ඇහුනෙ නෑ. මොකද මිනිහගේ හිත ඒ තරම් සතුටකින් පිරිලා ගිය නිසා. අයේ නිකන් නඩු පටලවගෙන අහක යන .....කේ ටින් කිරි ගාගන්න පොරට ඕනෙ උනේ නෑ. ඒක නිසා පොර හැරෙන තැපෑලෙන් අයෙමත් ගෙදර එන්න පිටත් උනා.
             ලෝක අමාරුවකින් නූලෙන් බේරිච්ච සතුටත් හිතේ රඳවගෙනම මිනිහා ඔන්න ගෙදරට ආවා. කාර් එක ගැරේජ් එකෙ පාර්ක් කරලා එලියට බනිනවත් එක්කම පොරගේ දරුවො දෙන්නා "තාත්තේ" කියාගෙන ඇවිත් මිනිහගේ කකුල් දෙක බදාගත්තා.
"අප්පද බොල..... මට දරුපල නැත්නම් මුන් දෙන්නා කාගෙද" දොර උලුවස්ස ගාව හිටගෙන තමන් දිහා ආදරණීය විදියට බලන් ඉන්න ප්‍රිය බිරිඳගේ මද හිනාව අතරින් එක පාරටම මනුස්සයගෙ ඔලුව ගිනි ජාලාවකින් වහුනා.
ඔන්න දැන් තමයි නියම මානසික පීඩනය මොකද්ද කියන එක මිනිහට වටහෙන්න ගත්තේ.

12 comments:

  1. මදැයි කොලා කිව්වලු ....

    [ අඩේ මුටත් තියන ප්‍රශ්ණ .... ]

    ReplyDelete
  2. පරිවර්ථනයක් උනත් මාරම සින්දුවක් මේක..හොඳට පරිවර්ථනය වෙලා තියන්ව..මලය...

    ReplyDelete
  3. හත්වලාමෙට ගහපු කලාබරේ කිවුවලු.
    මැක්සා කතාව :)

    ReplyDelete
  4. ම්ම්ම් මොනා කියන්නද මන්ද...

    ReplyDelete
  5. @වැප්
    එහෙම තමයි මිනිහෙක් උනාම. ප්‍රශ්ණ තියෙනවා.

    @indi
    තැංකූ තැංකූ

    @නසරාණියා
    ඔය කලාබ‍රේ ගහන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද බන්.

    @thariya
    ඔන්න ඔහේ මොනව හ‍රි කියලා දාපන් බන්.

    @Saman
    තැංකූ වේවා!

    ReplyDelete
  6. @apartment
    පට්ට ....සි ද? හික්ස්....

    ReplyDelete
  7. Ha ha Nice story. There was a tele drama few years back from this!

    ReplyDelete
  8. හිහ් හිහ්... මරු කතාව අනුරාධ.... මටත් මේ දවස්වල අම්බානක් පීඩනය...

    ReplyDelete
  9. මෙක කියවලා ඉවර උනාට පස්සේ මටත් මානසික පීඩනය වගේ...

    ReplyDelete
  10. @Anonymous
    තෑංක්ස්.මටත් මතකයි ඔය වගේ කතාවක් බැලුවා වගේ.

    @Hipo
    ඒ මොකො ඒ. බලන් ගියාම ඔය පීඩනේ නැති කෙනෙක් නෑනේ. දැන් ඉතින් පීඩනේ මට්ටම මැන ගත්තයි කතාව කියවලා.

    @මාරයාගේ හෝරාව
    අප්පොච්චියේ මෙන්න මාරයටත් පීඩනේ හැදිලා. දැන් ඉතින් මල විනාසයක් වෙන්නේ.

    ReplyDelete