Thursday, March 25, 2010

අද එතැන් සිට........

ආයු බොහෝ වේවා කියලා පිලිගන්නවා ඔක්කොලන්වම. අදත් මේ පැත්තෙ ආවට ගොඩක් ස්තූතියි. මන් හිතුවේ කට්ටිය මාත් එක්ක තරහ වෙලාද දන්නෙ නෑ කියලා. ඔන්න හිතේ කහටක් එහෙම තියාගන්න එපා හොඳේ. කොහේද ඊයේ මාර නිදි මතක් ආවනේ. එකයි කතාව මග නවත්තල ගියේ. ඔන්න අදනම් ඉවර කරන එක කරනවාමයි. අයෙ වචන දෙකක් නෑ.
                      කට්ටියටම මතක ඇතිනේ අන්තිමට වෙච්ච ටික. මතක නැත්නම් මතක් කරන්නම්. වැඩිමල්ම කුමාරයා ලී කොටේකින්  නිර්මාණය කරපු තරුණියකගෙ පිලිමයට දෙවෙනි කුමරය අඳුම් අන්දනවා. තුන් වෙනියා තමන් සාදපු රත්තරන් බඩු වලින් පිලිමය සරසනවා. බාලම කුමාරයා පිලිමෙට පණ ගන්නවා. නෑ නෑ. වැරදුනා. තාම පණ ගත්තෙ නෑනෙ. මන්තරෙ ජප කලා විතරයි. එහෙම ලේසියෙන් පිලිමෙකට පණ ගන්න බෑ. පිලිමෙට පණ එනකම් බලා හිටපු කුමාරයට දන්නෙම නැතුව නින්ද යනවා. ඔන්න එහෙනම් අද එතැන් සිට.

උදේ කුමරවරු හතර දෙනා ඇහැරුනේ බොහොම මිහිරි කාන්තා කට හඬකින්. ඇහැරිලා බලපු කුමාරවරු හතර දෙනාට තමන්ගෙ ඇස් අදහගන්නවත් බෑ. ලස්සනම ලස්සනම කෙල්ලෙක් තේ කෝප්ප 4කුත් තියාගෙන හිටගෙන ඉන්නවා.
"මේ අහුනද? තේ ටික බීල හිටියනම්"
අම්මෝ ඒ කටහඬේ ලස්සන. කනට මී පැණි වත් කරනවා වගේ.
"අඩෝ තෝ අපි මොකුන් කියල හිතුවද? බේගල් ඇද බාන්න එපා. අම්මලමෙ කොහෙන්ද යකෝ තේ."
ඔය ඔය ඉතින් කලබල වෙනවනෙ. පොඩ්ඩක් ඉන්නකො කියනකම්. ඒ කෙල්ල උදේ පාන්දරම ආව මගේ පුංචි පැලට. ඇවිල්ල මගෙන් කෝප්ප හතරකුත් ඉල්ලගෙන තේ හදාගෙන ගියා. හැබැයි මන්නම් ඕන් ඇහැක් ඇරලවත් බැලුවෙ නෑ. මන් හොඳ අහිංසක කොල්ලනෙ. ඔය එක එක කෙල්ලො දිහා බලන්නෙ මොකටද ගෙදර මයෙ ගෑනි ඉන්දිද්දි. හැබැයි අපරාදේ කියන්න බෑ සීදේවි කෙල්ල. මටත් තේ ටිකක් දීලයි ගියේ. අම්මෝ ඒ තේ එක. කියලා වැඩක් නෑ. උපන්තේක්කට බීල නෑ එහෙම තේ එකක්. මයෙ හිතේ කුමාරවරුන්ට දියවැඩියාව ඇති. පැනිරහ කනවත් වැඩ්යිනෙ. ඒක දැනගෙන තමයි කෙල්ල තේ එක හදන්න ඇත්තෙ.

ඔන්න ඉතින් තේත් හදාගෙන ඇවිත් බොහොම ආදරයෙන් කතා කරපු කෙල්ල දිහා කුමාරවරු කන්න වගේ බලාගෙන ඉඳිද්දි කෙල්ලට පුංචි ලැජ්ජාවක් ඇති උනා.
"අනේයියා....මොනාද අනේ. ඔහොම බලන්න එපා මා දිහා. මට ලැජ්ජත් හිතෙනවා." කෙල්ල තමන්ට සහජයෙන්ම උරුම උනු උකුලු මුකුලු ගතිය පාමින් ඇඹරුනා.
"අම්ම ගහයි බැට් එකෙන්. කව්ද බොලේ ඇලිස්" අහසින් පත් වෙනවා වගේ කඩා පාත් උන මේ ලස්සන කෙල්ල දැකලා කුමාරවරුන්ට උන්හිටි තැන්වත් මතක නෑ. මේ තමන් හතර දෙනා රෑ නිදි වරාගෙන නිර්මාණය කරපු කෙල්ල නේද කියලත් ඔවුන්ට මොහොතකට අමතක උනා. කොහොම හරි ස්වල්ප මොහොතකින් පියවි සිහියට ආපු කුමාරවරුන්ට තම තමන්ගේ දක්ශතා ගැන ඇති උනේ ලොකු ආඩම්බරයක්. තරුණිය හදාගෙන ආපු තේ ටිකත් බීලා කුමරවරු පොඩි සතුටු සාමීච්චියක් පටන් ගත්තා මේ තරුණියත් එක්ක. නම ගම අම්ම තාත්තා ගැන අහන්න කියලයැ ඉතින්. වෙන වෙන වල් පල් තමයි කට්ටියට කතා කරන්න උනේ. එව්ව ඉතින් මෙතන දාන්න ඕනේ නෑනෙ. අනික ඔව්ව කියල මාව සින්ඩියෙන් ඉවත් කොරලා දාන්නත් බැරි නෑ. ඒක නිසා කාගෙත් හොඳට මන් එව්ව නොදා ඉන්නම්. කතා කරේ මොනවා උනත් කොහොම හරි කටිටියට මේ කෙල්ල එක්ක හොඳට කුලුපග වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඔන්න ටිකෙන් ටික කුමාරවරුන්ගේ දිහාවට මල් සරා මල් හීයත් මානගෙන එන්න පටන් ගත්තා. කුමාරවරුන්ට වරදක් කියන්නත් බෑ. තරුණ කොල්ලොනෙ දෙයියනේ.

කතාවෙන් කතාව හොඳටම දවලුත් වෙලා. කට්ටියට දැන් ගෙදර යන්නත් අමතකයි වගේ. ටිකකින් ඔන්න කට්ටියට මතක් උනා රජ මාලිගයට යන්න ඕන නේද කියලා. එත් දැන් කට්ටියට ලොකු ප්‍රශ්ණයක්. ඒ තමයි "දැන් මේ කෙල්ලට මොකද කරන්නේ"
අනේ අපරාදෙ කියන්න බෑ වැඩිමල්ම සහෝදරයා රත්තරන් මනුස්සයා. හරිම ගුණගරුකයි. පරාර්ථකාමීයි. අනිත් අයට ඒ වගකීමේ බර දරන්න දුන්නේ නෑ. මල්ලිලා ගැන හිතලා ඒ වගකීම එයා පැනලා බාරගත්තා මෙන්න මෙහෙම කියලා.
"කැලේ තිබ්බ ලි කොටයක් ගෙන මගෙ නියනෙන්     කපලා
 හැදුවෙ මමයි මේ කෙල්ලව මේ හැටි රුව ඔප            කරලා
 මම නැතිනම් මේ කෙල්ලව දකියිද කිසිදා               ඔහෙලා
 මගේ බිරිඳ ලෙස ඈ පත් කරගමි ඒ ගැන                  හිතලා"

දෙවෙනි කූමාරයත් ඊට නොදෙවෙනි නෑ. තමන්ගෙ අයියට කරදර කරන්න එයා කැමති උනේ නෑ. තරුණියගේ වගකීම එයා බාර ගන්නම් කියලා දෙවෙනි කුමාරයා ඉල්ලිමක් කලා මෙන්න මෙහෙම.
"ලීයෙන් හැදුනත් තරුණියකට ලැජ්ජා බය දෙක                  ඇත
 ඒ දෙක නැති වෙයි සැනෙකින් නොවැසී තිබුනොත් ඇගෙ    වත
 මගෙ වටිනා සලුපිලි වලිනුයි වැසුනේ ඇගෙ                 නිරුවත
 ඒක නිසා මා හට හිමිවිය යුතුමයි ඈගේ                            අත"

කාලා වරෙන්කො. මේක අහල තුන්වෙනි කුමාරයට ඉහිලුම් නැතුව ගියා. අයියල දෙන්නට තරුණියගෙ වගකීම බාර දීල පැත්තකට වෙන්න එයාගෙ හිත ඉඩ දුන්නෙ නෑ. අයියල කොච්චර පව්ද. එක නිසා තරුණියගෙ වගකීම බාරගන්න තමන් ඉදිරිපත් වෙන්න ඕන කියලා එයාට හිතුනා. එහෙම හිතුනු කුමාරයා මෙන්න මෙහෙම කිව්වා.
"සලුපිලි පමණක් තිබුනොත් තරුණියකට            සෑහේදෝ
 රත්තරනින් කන කර පිරුනොත් කෙතරම් හැඩ       වේදෝ
 ඈ මෙතරම් හැඩ වූයේ මගේ දස්කමින්                 නේදෝ
 ඒක නිසා ඇගෙ අයිතිය හිමි වන්නේ මට        නොවෙදෝ"

මේවා අහගෙන බාලම කුමාරයාට කට පියාගෙන ඉන්න බැරි උනා. තමන්ගේ අයියල මෙච්චර කැප කිරීමක් කරන්න හදද්දි තමන් ඔහේ බලාගෙන ඉන්න එක හරි නෑ කියලා කුමාරයට හිතෙන්න ඇති. තරුණියගේ අනගතය තමන් බාර ගන්න ඕන කියලා හිතපු කුමාරයා මෙන්න මෙහෙම කිව්වා.
"කොපමණ හැඩ කලත් සලුපිලි         රත්තරනින්
 කුමටද පලක් පණ නැති ලී               පිලිමයකින්
 මහ වික්‍රමය ඇය හට ජීවය                ගෙනෙමින්
 සිදුකල මෙමා ඇගෙ අත ගන්නම්        සතොසින්"

ඔන්න ඉතින් ගින්න ඇවිලුනා. බල්ලො රෑනක් මැදට එක මස් කට්ටක් දැම්මම වෙන දේ හිතාගන්න පුලුවන්නේ. පොඩියට පොඩියට පටන් ගත්තු වාදේ ටිකෙන් ටික ලොකු රංඩුවක් තරමටම දුර දිග ගියා. කට්ටියගේ සහෝදරකම කොහෙන් ගියාද නෑ. ඒ අස්සෙ අර අහිංසක කෙල්ල වැලහින්න වගේ අඬනව කට්ටියගේ රන්ඩුව දැකලා. මේ ගාලගෝට්ටිය ඇහිලා අම්මබලම වටේ මිනිස්සු පිරෙන්න ගත්තා. කුමාරවරුන්ට ඒත් ගානක් නෑ. මේ කෙල්ලෙක්ව බෙදාගන්න බැරුව මරාගන්න හදනවා. වටේ පිරිච්ච කස්ටියත් රංඩුව බේරන්න  උත්සහයක් දැරුවෙ නෑ. මට ලොකු සැකයක් තියෙනවා වටේ පිරුනු උදවිය ඇස් ගෙඩි ලොකු කරගෙන බලාගෙන හිටියෙ රංඩුව දිහාමද කියලා. කොහොම හරි සෑහෙන්න වෙලාවකට පස්සෙ එක වයසක මනුස්සයෙක් ඇවිල්ල හෙන ගේමක් දීල රංඩුව සමථයකට පත් කරා. එත් තරුණියව හිමි විය යුත්තේ කාටද කියලා කාටවත් හරි විසඳුමක් දෙන්න බැරි උනා. අන්තිමේ කුමාරවරු තීරණය කලා තරුණියව තමන්ගේ රජ වාසලට ගෙනිහිල්ල පිය රජතුමාට පෙන්නලා, එතුමා දෙන තීරණයක් පිලිගන්න. එහෙම හිතපු කුමාරවරු තරුණියවත් කර පින්නගෙන රජවාසල කරා ගමන් ආරම්භ කලා.

තමන්ගේ පිය රජතුමාට තරුණියව මුනගස්ස්වපු කුමාරවරු සම්පූර්ණ කතාවම එතුමාට කිව්වා. රජතුමාගෙ තීරණය උනේ තරුණියගේ කැමැත්ත විමසලා ඒ අනුව කටයුතු කරමු කියලයි. ඒ පාර තරුණියව ගෙන්නල අහුවා
" තමුන් කාවද සරණපාවා ගන්න කැමති කියලා."
"අනේ රජතුමනි....මන් අද මෙතන ඉන්නෙ මේ හතර දෙනාම නිසයි. ඒක නිසා මට මෙයාලගෙන් එක්කෙනෙක්වත් තෝරගන්න බෑ. සාධාරණ හේතුවක් ඉදිරිපත් කලොත් මන් ඔබතුමා කියන කෙනෙක්ව සරණපාවා ගන්නම්"
තරුණියගේ මේ උත්තරෙන් ප්‍රශ්ණය අයේ පාරක් තිබ්බ තැනටම ආවා. ඊ ලඟට රජතුමා යෝජනා කලේ එක ගේ කෑමක්. ඒකට තරුණිය කැමති උනත් කුමාරවරුනම් එකහෙලාම ප්‍රතික්ශේප කලා.

වැඩිමල්ම සහෝදරය කිව්වෙ මේ තරුණියගේ පලමු නිර්මාතෘ තම්න් නිසා එයාට තරුණියව හිමි වෙන්න ඕන කියලයි. ඇඳුම් ආබරණ වෙන ඒව උනත් අරන් දෙන්න පුලුවන් කියලයි. ඒත් දෙවෙනි සහෝදරය මහපු ඇඳුම් කොච්චර ලස්සනද කියනවනම් තරුණිය කැමති උනේ නෑ එක විනාඩියකටවත් ඒව අගෙන් ඉවත් කරන්න. ඒ තරම්ම තරුණිය ඒවට ඇලුම් කලා. ආබරණ ගැනනම් කවර කතාද. කෙල්ලො ගැන දන්නවනෙ. හි...හි...හි... මේ කෙල්ලත් ඉතින් ලී වලින් හැදුනා කියලා වෙනසක් නෑ. අනිත් කෙල්ලො වගෙම තමයි. ලී වලින් හැදුනත් කෙල්ලෙක්නෙ. මේක දෙවෙනි තුන් වෙනි සහෝදරයන්ට ලොකු වාසියක් උනා. නැත්නම් ඉතින් කර බාගෙනම ලොක්කට හරි පොඩ්ඩට හරි දීල දාන්න වෙනවා. වැඩි බර තියෙන්නෙ ඒ දෙන්නගේ පැත්තටනේ. බාලම එකා කිව්වෙ ඉතින් එයා නැත්නම් තාමත් ලී පිලිම කෑල්ලක් විතරක් තියේවි කියලයි. ඒ කතවත් ඇත්ත බලන් ගියාම. අනේ මංදා. මේක එන්න එන්නම අවුල් ජාලයක් වෙනවා. රජතුමා මේ ගැන හිතලම අසනීප වෙන්නත් ගත්තා. පේන තෙක් මානයකවත් විසඳුමක් තිබ්බෙ නෑ. රජතුමාට තේරුනා එයාලා කටවත් මේකට හරි විසදුමක් දෙන්න බැරි විත්තිය. එක නිසා  එයා තීරණය කලා රටේ හිටපු බුද්ධිමත්ම පුද්ගලයව ගෙන්නන්න. එයා එවෙලෙම පණිවිඩකාරයෙක් යැව්ව රටේ හිටපු බුද්ධිමත්ව පුද්ගලයව එක්කගෙන එන්න කියලා.

ඔන්න බොලේ පහුවදාම මට පණිවිඩයක් එනවා රජ වාසලට එන්න කියලා. මන් බැලුව මේ මොන ගිණි ගෙඩියක්ද කියලා. මන් රාජ උදහසටවත් ලක් වෙලාද. කමක් නෑ. ඕන දෙයක් වෙද්දෙන් කියලා මාත් ගියා රජ වාසලට. මන් යද්දි රජතුමා අන්තපුර මාලිගේට වෙලා භාවනා කරනවා. මන් ආව කියලා දැන ගත්ත ගමන් රජතුමා භාවනාව පැත්තකට දාලා දුවගෙන ආවා. ඔන්න ඉතින් රජතුමා කුමාරවරු හතර දෙනයි තරුණියවයිත් ගෙන්නගෙන මට විස්තරෙ කිව්ව. කුමාරවරුත් තම තමන්ගේ අදහස් උදහස් කිව්ව. මත් ඉතින් දන්නෙ නෑ වගේ අහන් හිටියා.

සේරම කතා වලට ඇහුම්කම් දීමෙන් පස්සෙ මන් ඔන්න  මගේ තීන්දුව දුන්න. තරුණියව හිමිවිය යුතු අහවල් කුමාරයටයි ඒ මෙන්න මේ හෙටුව නිසයි කියල පහදල දුන්න. කට්ටිය අන්දුන් කුන්දුන්. මේක මීට කලින් මීටර් උනේ නැත්තෙ ඇයි කියලා කට්ටියටම හෙන අප්සැට්. හැමෝටම තෙරුනා මගේ තීන්දුව සාදාරණයි කියලා. රජතුමා කුමාරවරු වගේම තරුණියත් එකට එකඟ උනා. ඒ පාර රජතුම මගේ නුවණ ගැන තවත් පැහැදිලා මට ඇතෙක් බරට වස්තුවයි, ගම්වරේකුයි, අන්තපුරෙන් බාගෙකුයි තෑගි කලා. අන්තපුරේ රජතුමාටම තියාගන්න කියලා මන් ඉතුරු 2ත් අරගෙන එන්න ආවා. පස්සෙ ඒ කුමාරයගෙයි තරුණියගෙයි වෙඩින් එකට මට ඉන්වයිට් කරත් ඒ දවස් වලම අපේ වයිෆ්ට 14 වෙනි කුළුඳුල් බබා හම්බ වෙන්න දින දීලා තිබ්බ නිසා වෙඩින් එකට යන්න උනේනම් නෑ. කොහොම උනත් ජොඩුව බොහොම සතුටෙන් ජීවත් උනා කියල පස්සෙ ආරංචි උනා. අනිත් කුමාරයො 3 දෙනාටත් ලස්සන කුමාරිකාවො තුන් දෙනෙක් සෙට් උනා කියලා එහා ගෙදර මැගිලින් අක්ක මා එක්ක කිව්වා.

ඔන්න ඕකයි කතාව. මන් කිව්වනෙ කතාව අන්තිමට මන් ප්‍රශ්ණයක් අහනව කියලා. මෙන්න මේකයි ප්‍රශ්නේ. මම අර තරුණියව අයිති වෙන්න ඕන කියල තීරණය කලේ මොන කුමාරයටද? එම කුමාරයට තරුණියව ලබාදීමට හේතුව මොකද්ද? උත්තරේ දන්නවනම් දැන්ම කමෙන්ට් කරන්න. නිවැරදි පිලිතුර ලබා දෙන ජයග්‍රාහකයාට හිමි වන ඒ අගනා වටිනා ත්‍යාගයේ සාඩම්බර හිමිකරුවා හෝ හිමිකාරිය ඔබ වෙන්න පුලුවන්. ඒ නිසා පමා වෙන්න එපා. පමා වී පසුතැවිලි වෙන්න එපා. මේ අගනා අවස්ථාව පඨක ඔබ වෙනුවෙන්මයි. ඉක්මන් කරන්න .ජය ලබන්න. දිනාගන්න.

9 comments:

  1. ආ දැන් අපේ වාරේ ... තුන් දවසක් රස්තියාදු කලා කතාව කියන්න ... ප්‍රශ්නයක් අහලා තව දවසකට දික් කලා .. දෙන්නම් මේ පාර ... කියන්නේ නැහැ උත්තෙරේ .. මට දැන් මාර නිදිමතයි .. හරි උත්‍තරේ ලියවෙයිද දන්නේ නැහැ ... හෙට ඇවිත් දාන්නම්

    හිකිස් ...

    ReplyDelete
  2. ඇත්තටම මූ තියන්න වටි‍න්නෙ නෑ. යකෝ අදවත් මේ මගුල ඉවරයක් කරයි කියල හිතුවෙ. ‍මේක රටේ බුද්ධිමත්ම එකා නෙවෙයි කපටිම එකා. දන්නව උනාට කියන්නෙ නෑ උත්තරේ....

    ReplyDelete
  3. පළවෙනි තරැණයාට

    ReplyDelete
  4. අනේ මටත් නිදිමතයි.
    හෙට ඇවිත් කල්පනා කරලා බලල උත්තරේ කියන්නම්.
    කුමාරිව හම්බවුනේ කාටද කියලනම් මම දන්නෙ නෑ.
    හැබැයි මම දන්නවා බාලම කුමාරයා කුමාරිට පණ එනකම් නිදියගත්ත අතරෙ දැක්ක හීනෙනම්.

    ReplyDelete
  5. @වැප්
    අනේ ඔහොම කෝප ගන්න එක හොඳද මන් අහන්නෙ. දන්නවනම් ඉක්මනට උත්තරේ දාන්න. ඔන්න පස්සෙ පරක්කු වෙලා තෑග්ග නැති උනොත් මට එහෙම දොස් කියනන් එපා.

    @``` Outsider```
    මෙන්න බොලේ මෙයාට ඩෝං ගිහින්. මන් කපටි නැතෝ.......මන් හරිම අහිංසකයි. හරියට මුව පොව්වෙක් වගේ. දන්නෙ නැත්නම් අහල බලන්න අපේ ගිරාමසේවක මත්තයගෙන්.

    @mangala
    ඔහොම කියලා බෑ පුතෝ... හේතුවත් එක්කම කියන්න ඕනෙ.

    @Chanaka Aruna Munasinghe
    කට්ටියටම ඒ පාර අමුතු නිදිමතක් ගහලනේ. මොකද්ද බොලේ ඒ හීනේ. අනේ අපිටත් දැනගන්න එක්ක කියමුකො බලන්න.

    ReplyDelete
  6. සෑහෙනට බොන්න වෙන ප්‍රශ්නයක් වගේ.... බලමු බලමු

    ReplyDelete
  7. කුමාරි අයිති වෙන්න ඕනෙනම් තුන්වෙනි කුමාරයාට. මොකද කුමාරිගෙ ඇඟිල්ලට දාල තියෙන මුද්ද දැම්මෙ එයා හින්දා.

    බාලම කුමාරයා ගැන කතාව වෙන දවසක කියන්නම්.
    අදත් නිදිමත හින්දා අකුරු ටයිප් වෙනවා හොරයි

    ReplyDelete
  8. @ළමයා
    අනේ අනේ ළමයො. දැන් ඉඳලම බොන්නමයි ලෑස්තිය නේද. ඉන්නකො... මන් අම්මට කියන්නම්.

    @Chanaka Aruna Munasinghe
    ෂා...ඔන්න මන් වගේම බුද්ධිමත් කෙනෙක්ව හම්බ උනා.....ප්‍රීතී.....ප්‍රීතී....

    නිදිමත අමතක කරලා කතාව කියන්න. බාලම කුමාරයා ගැන දැනගන්න මන් හරිම අසාවෙන් ඉන්නෙ.

    ReplyDelete
  9. ප්‍රීති ප්‍රීති කියල මදි, දෙනවා කියපු තෑග්ග ඕනෙ

    ReplyDelete