Tuesday, February 2, 2010

සින්ඩියට ජය වේවා....!

පිස්සු හැදෙනවා අප්පා. එක රැයක් ඇතුලට මගෙ බ්ලොග් 1 Hit වෙලා තියෙන තරම දැකලා මට මගේ ඇස් අදහාගන්නත් බැරි උනා. මගේ දක්ෂකමක් එහෙම නෙවෙයි ඉතින්. සින්ඩියේ බල මහිමය තමයි. දැන් ඉතින් කට්ටිය ගොඩක් එහෙම බලන නිසා ලොකු වගකීමකින් ලියන්න වෙනවා. මට තෙරුම් ගිය 1 දෙයක් තමයි ගොඩක් දෙනෙක්  අන්තර්ජාලයට එන්නෙ HSDPA එකෙන් කියලා. හැමෝටම ඉතින් මට වගේ පිනා චෑන්ස් වදින්නෙ නෑනේ හිටු කියලා අන්තර්ජාලෙට එන්න.මට ඉතින් ඕන බහුබූතයක් ලියන්න පුලුවන්. මගේ අතින් පයින් කීයක්වත් යන්නේ නෑනෙ. ඒත් ඉතින් බහුතරයක් අන්තර්ජාලෙට එන්නේ අතේ තියෙන කීයකට හරි තට්ටු කරගෙනනේ. ඉතින් එහෙම එන කෙනෙක්ට මගේ බහුබූත වල් පල් කියවන්න දීලා කාලයයි ධනයයි නාස්ති කරවන 1 පව්නේ. ඒක තමයි මන් මේ කල්පනා කොලේ. දැන් මන් මොනාද ලියන්නේ කියලා. කියවන කෙනෙක්ට පාඩුවක් නොවෙන්න ලියන්නත් ඔනේ. බලමුකො. මන් මට පුලුවන් උපරිමයෙන් වැදගත් දේවල් ලියන්න උත්සහ කරන්නම්. මන් ලියන දේවල් කිසිම වැදගැම්මකට නැති, එලොව්ටත් නැති මෙලොවටත් නැති, විකාර කියල හිතුනොත් ටක් ගාලා කියන්න. මන් අයේ ඒ වගේ ඒව නොලිය ඉන්නම්. අදනම් වැදගත් කියලා දෙයක් මතක් වෙන්නෙ නෑ. හෙට ඉඳලා ලියන්නම්. ඔයලගේ වටිනා කලය නාස්ති නොකර එහෙනම් ඕන් මන් යනවා. හැමෝම මාත් එක්ක කෑගහල කියන්න. සින්ඩියට ජය වේවා....!

6 comments:

  1. එල එල ඔහොම යංකෝ.. ඒක‍ නෙමේ.. යට තියෙන free laptop කතාව බොරුවක්. ඒක අයින් කරන්න. :)

    ReplyDelete
  2. appreciate the attitude... I like the concern of you about others...
    keep it up... write something interesting for us to read...

    ReplyDelete
  3. ලියපන් ලියපන් ... කියවන කට්ටිය ඔන තරම්

    ReplyDelete
  4. @Kanishka | කණියා
    බොහොම ස්තූතියි දැනුවත් කලාට. ඕන් මන් ඒක අයින් කොලා.

    @තිස්ස
    thank u so much...you guys have no idea about how important your views are for me. thanx again...

    @වැප්
    අහන්නත් සතුටුයි.

    ReplyDelete